ස්විට්සර්ලන්ත-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර මෑත කාලීන සම්බන්ධතා ගොඩනැගෙන්නේ, 1956 වර්ෂයේදීයී. දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මූලික වශයෙන් ආර්ථික සහ අනොන්‍ය සහයෝගීතාවය මත පදනම්ව පවතී. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකාවේ කොන්සල් කාර්යාලයක්ද[1], ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුල ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයක්ද පිහිටුවා තිබෙයි.[2]

ස්විට්සර්ලන්ත – ශ්‍රී ලාංකික සබඳතා

ස්විට්සර්ලන්තය

ශ්‍රී ලංකාව

ඉතිහාසය සංස්කරණය

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලත් ශ්‍රී ලංකාව, නිදහස් රාජ්‍යයක් ලෙස ඉක්මනින්ම පිළිගත් රටක් ලෙස ස්විට්සර්ලන්තය හැඳින්වේ. 1968 වසරේදී ස්විට්සර්ලන්ත ෆෙඩරල් රජය, කොළඹ නගරය වෙත තානාපතිවරයෙකු පත් කරන ලදී.[3]

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සංස්කරණය

ශ්‍රී ලංකාවේ වර්ධනය වූ ජන වාර්ගික අර්බුධය හේතුවෙන්, ශ්‍රී ලාංකික දමිළ ප්‍රජාව විශාල වශයෙන් ස්විට්සර්ලන්තයට සරණාගතයන් වශයෙන් පලායාම නිසා, 1980 දශකයේ පටන් ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දේශපාලනික වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය විය.[3]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

භාහිර සබැදි සංස්කරණය