ස්වභාවික භාෂා
භාෂාව පිළිබඳ දර්ශනයෙහි ස්වභාවික භාෂාවක් (හෝ සාමාන්‍ය භාෂාවක්) යනු (පරිගණක වැඩසටහන් භාෂාව හෝ විධිමත් තර්ක ශාස්ත‍්‍රය විශේෂයෙන් ගණිතමය තර්ක අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන භාෂාවන් වැනි) විධිමත් භාෂාවන්ගෙන් සහ නිර්මාණය කළ භාෂාවන්ගෙන් වෙන්කොට හදුනාගත හැකි භාෂාවකි.
ස්වභාවික භාෂාව නිර්වචනය කිරීම
සංස්කරණයනිශ්චිත නිර්වචනය විවාදාත්මක වුව ද ස්වභාවික භාෂාව බොහෝවිට, කෘත‍්‍රිම හෝ එස්පෙරාන්ටෝ, ලැමිනෝ සෙක්සියෝන් සහ ඔක්සිඩෙන්ටල් වැනි නිර්මාණික භාෂාවන්ගෙන් වෙන්කොට දැක්වේ.
ස්වභාවික භාෂාවන්ට පාදක වු රීතින් හි සියළුම අංශයන් සම්බන්ධයෙන් වාග් විද්‍යාඥයන්ට ඇත්තේ අසම්පුර්ණ අවබෝධයකි. එහෙයින් මෙම රීතින් අධ්‍යයනයට භාජනය වූ විෂයයන් වී තිබේ. ස්වභාවික භාෂාවන් තේරුම් ගැනීමෙන් භාෂාවක් ක‍්‍රියාත්මක වන්නේ (පද ගැලපුම, ශබ්දාර්ථ විද්‍යාව, ශබ්ද විද්‍යාව. ස්වර ශාස්ත‍්‍රය ආදී) කෙසේ ද යන්න පමණක් නොව මිනිස් සිත සහ මිනිස් මොළය භාෂාව ක‍්‍රියා කරවන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද බොහෝ කරුණු හෙළිදරව් වෙයි. වාග් විද්‍යාත්මක කොන්දේසිවලට අනුව ස්වභාවික භාෂාවක් අදාළ වන්නේ ස්වභාවිකව විකාශනය වූ භාෂාවකට පමණකි. ස්වාභාවික භාෂා අධයයනය මුලික වශයෙන් සම්බන්ධ කර ගන්නේ දේශීය (ප‍්‍රථම භාෂාව) කථාකරන්නන්ය.
විශ්ව ව්‍යාකරණ න්‍යාය, ඕනෑම එක් භාෂාවක නිශ්චිත ව්‍යාකරන ව්‍යුහය කෙරෙහි බලපැවැත්වෙන යම් යම් පාදක වූ රීතින් පවතීයයි යෝජනා කරයි.
ව්‍යාකරණාඥයින්, ශබ්දකෝෂ ලියන්නන් සහ භාෂා ප‍්‍රතිපත්ති සකසන්නන් භාෂාවේ විකාශනය කෙරෙහි කිසියම් බලපෑමක් සිදු කළ ද ඔවුන් විසින් කිවයුතු යැයි මහජනයා විශ්වාස කරන දේ කෙරෙහි බලපෑම් කිරිමට ඔවුන්ට ඇති හැකියාව, මහජනයා ඇත්තටම පවසන දෙයට වඩා වෙනස් ව පවතී. ඒ අතරින් ස්වභාවික භාෂාව පසුව කියන ලද කාරණයට අදාළ වන අතර ඒ නිසා එය විධායක පදයකට වඩා විස්තරාත්මක පදයක් වෙයි. එහෙයින් සම්මත නොවන භාෂා විශේෂයන් (අප‍්‍රිකානු ඇමෙරිකානු දේශීය ඉංග‍්‍රිසි වැනි) සම්මත භාෂා විශේෂයෙන් (සම්මත ඇමෙරිකානු ඉංග‍්‍රිසි වැනි) පමණටම ස්වභාවික වේ.