ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014
ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණය, 2014 යනු ස්කොට්ලන්තය නිදහස් රටක් විය යුතු ද යන බව විමසා බැලීමට පැවැත් වූ ජනමත විචාරණයක් වන අතර එය 2014 සැප්තැම්බර් 18 වන බ්‍රහස්පතින්දා පැවැත්වුණි.[1] පැය 22:00 බීඑස්ටී (21:00 යූටීසී) වන විට ඡන්දය විමසීම අවසන්වූ විට, ඡන්දය ගණන් කිරීම ආරම්භ වූ අතර සැප්තැම්බර් 19 දින උදෑසන ම ප්‍රතිඵල නිකුත් විය. සමස්ත ප්‍රතිඵලය වූයේ "නැත" පාර්ශවයේ ජයග්‍රහණයයි: 55.3% ක් නිදහසට විරුද්ධ ව ඡන්දය ප්‍රකාශ කළහ.[2]
ස්කොට්ලන්ත සහ එක්සත් රාජධානි රජයයන් අතර ඇතිවුනු එකඟතාවයක් පරිදී,[3] මෙම ජනමත විචාරණයට විධිවිධාන සලසන ස්කොට්ලන්ත නිදහස පිළිබඳ ජනමත විචාරණ පණත, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් 2013 නොවැම්බරයේදී සම්මත කරන ලදි.[4][5][6] මැතිවරණ කොමිසම විසින් නිර්දේශ කල පරිදී, ජනමත විචාරණ ප්‍රශ්නය වන්නේ, "ස්කොට්ලන්තය ස්වාධීන රටක් විය යුතුද?" – ඡන්දදායකයන් විසින් ඔව් හෝ නැහැ ලෙසින් පිළිතුරු දිය හැකිය.[7] ස්ථිර වීම සඳහා, නිදහස පිළිබඳ යෝජනාවට සරල බහුතරයක් ලැබිය යුතුය. සමහරක් ව්‍යතිරේකයන්ට යටත්ව, වයස 16ක් හෝ ඊට වැඩි සියළු ස්කොට්ලන්ත වැසියනට, එනම් මිලියන 4.3 පමණ ජනතාවකට, ඡන්දය ප්‍රකාශ කල හැක.
නිදහස සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ යර්ස් ස්කොට්ලන්ඩ් වන අතර, සුසංගමය පවත්වාගෙන යෑම සඳහා ප්‍රධාන ඡන්ද ව්‍යාපාර කණ්ඩායම වන්නේ බෙටර් ටුගෙදර් වෙයි. අනෙකුත් ඡන්ද ව්‍යාපාර කණ්ඩායම්, දේශපාලන පක්ෂ, වෙළෙඳ ව්‍යාපාර, පුවත්පත් සහ ප්‍රමුඛ පුද්ගලයන් බොහෝමයක් මේ සඳහා සම්බන්ධ වී ඇත. ඡන්ද ව්‍යාපාරය තුලදී ඉස්මතුවූ ප්‍රමුඛ වාද විෂයයන් අතර, නිදහස් ස්කොට්ලන්තයක් භාවිතා කරනුයේ කුමන ව්‍යවහාර මුදලක්ද, රාජ්‍ය වැය සහ උතුරු මුහුදේ තෙල් විය.[8]
ඉතිහාසය
සංස්කරණයස්කොට්ලන්තය සහ එක්සත් රාජධානිය ස්ථාපනය
සංස්කරණයමධ්යතන යුග තුලදී, ස්කොට්ලන්ත රාජධානිය සහ එංගලන්ත රාජධානිය, ස්වාධින රටවල් ලෙසින් සංස්ථාපනය කෙරිණි. 14වන සියවසෙහිදී, යුද්ධ මාලාවක් සටන්කිරීමෙන් පසුව, 1603 වසරෙහිදී, රාජාණ්ඩු දෙක විසින් පුද්ගලික සුසංගමයකට එළෙඹ ( කීරීටයන්ගේ සුසංගමය), ස්කොට්ලන්තයේ සයවන ජේම්ස් රජ එංගලන්තයෙහි පළමුවන ජේම්ස් රජ බවටද පත් විය. 1653 වසරෙහිදී, පොදු රාජ්‍ය මණ්ඩලයක පරිණායක සාමිවරයා ලෙසින් ඔලිවර් ක්‍රොම්වෙල් ප්‍රකාශයට පත් කෙරුණු විට, ජාතීන් දෙක එක් රජයක් යටතේ තාවකාලිකව එක්සත් වූ නමුත්, 1660 වසරෙහිදී, රාජාණ්ඩුව ප්‍රතිසංස්ථාපනය කෙරුණු විට විසුරුවා හැරිණි. 1707දී ස්කොට්ලන්තය සහ එංගලන්තය එක්සත් වූයේ මහා බ්‍රිකාන්‍ය රාජධානිය තැනීමටය. 1801දී අයර්ලන්ත රාජධානිය හා සමග එක්සත්වූ මහා බ්‍රිතාන්‍යය, මහා බ්‍රිතාන්‍ය හා අයර්ලන්තය එක්සත් රාජධානිය තැනීය. 1922 වසරෙහිදී, අයර්ලන්තයෙන් බොහෝ කොටසක්, අයර්ලන්ත නිදහස් රාජ්‍යය ලෙසින් සුසංගමයෙන් ඉවත් විය. ; එබැවින් ස්වෛරී රාජ්‍යයේ වර්තමාන සම්පූර්ණ නම වනුයේ මහා බ්‍රිතාන්‍ය සහ උතුරු අයර්ලන්තය එක්සත් රාජධානිය යන්නයි.
බලය බෙදා හැරීම
සංස්කරණය1920 ගණන් වලදී, කම්කරු පක්ෂය වෙතින්, ස්කොට්ලන්තයේ ස්වදේශ පාලනය වෙනුවෙන් කැපවීමක් පල කෙරුණු නමුත්, පසුකාලීනව, එහි න්‍යාය පත්‍රයෙන් ගිලිහී ගියේය.[9] 1934 වසරෙහිදී ස්කොට්ලන්ත ජාතික පක්ෂය (SNP) ස්ථාපනය කෙරුණු මුත්, 1960 ගණන් වන තුරු සැලකිය යුතු තරම් මැතිවරණ සඵලත්වය ළඟා කර ගැනුමට අපොහොසත් විය.[9] ස්වදේශ පාලනය ඉල්ලා සිටිමින්, ස්කොට්ලන්ත ප්‍රතිඥාතය නම් ලේඛනයක්, 1940 ගණන් වල අගභාගයේදී මිලියන 2 ක ජනතාව (මිලියන 5 ක ජනගහණයක් අතරින්) අත්සන් තබන ලදි.[9] 1970 ගණන් වල අග භාගයේදී, ජිම් කැලහන්ගේ කම්කරු පක්ෂ රජය වෙත SNP වෙතින් මැතිවරණ පීඩනය එල්ල වන තුරු, දැනට ස්කොට්ලන්ත බලය බෙදා හැරීම ලෙසින් හැඳින්වෙන ස්වදේශ පාලනය, බරපතළ යෝජනාවක් බවට පත් නොවීය.[9]
විමධ්‍යගත ස්කොට්ලන්ත මන්ත්‍රණ සභාවක් සඳහා යෝජනාවක් 1979දී ජනමත විචාරණයකට ඉදිරිපත් කෙරිණි. වෙනස අනුමත කරමින් ඉතා පටු බහුතරයක් සහිත ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුණද, එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුණේ, මුළු ඡන්ද ප්‍රමාණයෙන් 40% ඉක්මවන 'ඔව්' ඡන්ද ප්‍රමාණයක් ලැබිය යුතු බවට වූ අවශ්‍යතාවය නිසාය.[10]
බීබීසී නැඹුරුවක් පිළිබඳ චෝදනා
සංස්කරණයනිදහස වෙනුවෙන් ආධාරකරුවන් සමහරක් විසින්, මැතිවරණ ව්‍යාපාරය අතරතුර චෝදනා එල්ලකලේ, —එරාහී ජාතික විද්‍යුත් ප්‍රචාරකයා—බීබීසී, ස්කොට්ලන්ත නිදහසට එරෙහි නැඹුරුතාවයක් දක්වන බවයි.[11]
ජනමත විමසීම්
සංස්කරණය
ප්‍රතිඵලය
සංස්කරණයමනාපය | ඡන්ද | % |
---|---|---|
නැත | 2,001,926 | 55.30 |
ඔව් | 1,617,989 | 44.70 |
වලංගු ඡන්ද | 3619915 | 99.91 |
අවලංගු හෝ හිස් ඡන්ද | 3,429 | 0.09 |
මුළු ඡන්ද | 3,623,344 | 100 |
ලියාපදිංචි ඡන්දදායක ඡන්දය දීම | 4,283,392 | 84.59% |
ප්‍රදේශය අනුව
සංස්කරණයඡන්ද කොට්ඨාශය[12] | සඳහා ඡන්ද | විරුද්ධව ඡන්ද | සඳහා (%) | විරුද්ධව (%) | වලංගු ඡන්ද | ඡන්දය ප්‍රකාශ කිරීම (%) |
---|---|---|---|---|---|---|
ඇබර්ඩින් | 59,390 | 84,094 | 41.4% | 58.6% | 143,484 | 81.7% |
ඇබර්ඩීන්ෂයර් | 71,337 | 108,606 | 39.6% | 60.4% | 179,943 | 87.2% |
ඇංගස් | 35,044 | 45,192 | 43.7% | 56.3% | 80,236 | 85.7% |
අගාල් ඇන්ඩ් බෙයට් | 26,324 | 37,143 | 41.5% | 58.5% | 63,467 | 88.2% |
ක්ලක්මනෙන්ෂයර් | 16,350 | 19,036 | 46.2% | 53.8% | 35,386 | 88.6% |
ඩම්ෆ්‍රීස් ඇන්ඩ් ගැලොවේ | 36,614 | 70,039 | 34.3% | 65.7% | 106,653 | 87.5% |
ඩන්ඩී | 53,620 | 39,880 | 57.4% | 42.6% | 93,500 | 78.8% |
නැගෙනහිර එයෂයර් | 39,762 | 44,442 | 47.2% | 52.8% | 84,204 | 84.5% |
නැගෙනහිර ඩම්බට්න්ෂයර් | 30,624 | 48,314 | 38.8% | 61.2% | 78,938 | 91.0% |
නැගෙනහිර ලෝදියන් | 27,467 | 44,283 | 38.3% | 61.7% | 71,750 | 87.6% |
නැගෙනහිර රෙන්ෆ්‍රෙෂයර් | 24,287 | 41,690 | 36.8% | 63.2% | 65,977 | 90.4% |
එඩින්බරා | 123,927 | 194,638 | 38.9% | 61.1% | 318,565 | 84.4% |
ඒයිලයින් ෂියා | 9,195 | 10,544 | 46.6% | 53.4% | 19,739 | 86.2% |
ෆොල්කර්ක් | 50,489 | 58,030 | 46.5% | 53.5% | 108,519 | 88.7% |
ෆයිෆ් | 114,148 | 139,788 | 45.0% | 55.0% | 253,936 | 84.1% |
ග්ලාස්ගෝ නගරය | 194,739 | 169,347 | 53.5% | 46.5% | 364,086 | 75.0% |
හයිලන්ඩ් | 78,069 | 87,739 | 47.1% | 52.9% | 165,808 | 87.0% |
ඉන්වර්ක්ලයිඩ් | 27,243 | 27,329 | 49.9% | 50.1% | 54,572 | 87.4% |
මිඩ්ලෝතියන් | 26,370 | 33,972 | 43.7% | 56.3% | 60,342 | 86.8% |
මෝරේ | 27,232 | 36,935 | 42.4% | 57.6% | 64,167 | 85.4% |
උතුරු එයෂයර් | 47,072 | 49,016 | 49.0% | 51.0% | 96,088 | 84.4% |
උතුරු ලනෙක්ෂයර් | 115,783 | 110,922 | 51.0% | 48.9% | 226,705 | 84.4% |
පර්ත් ඇන්ඩ් කින්රෝස් | 41,475 | 62,714 | 39.8% | 60.2% | 104,189 | 86.9% |
රෙන්ෆ්‍රෙෂයර් | 55,466 | 62,067 | 47.2% | 52.8% | 117,533 | 87.3% |
ස්කොටිෂ් බෝර්ඩර්ස් | 27,906 | 55,553 | 33.4% | 66.6% | 83,459 | 87.4% |
දකුණු එයෂයර් | 34,402 | 47,247 | 42.1% | 57.9% | 81,749 | 86.1% |
දකුණු ලනෙක්ෂයර් | 100,990 | 121,800 | 45.3% | 54.7% | 222,790 | 85.3% |
ස්ටර්ලිං | 25,010 | 37,153 | 40.2% | 59.8% | 62,163 | 90.1% |
බටහිර ඩම්බාට්න්ෂයර් | 33,720 | 28,676 | 54.0% | 46.0% | 62,396 | 87.9% |
බටහිර ලෝදියන් | 53,342 | 65,682 | 44.82% | 55.18% | 138,226 | 86.2% |
ඕර්ක්නී දිවයින් | 4,883 | 10,004 | 32.8% | 67.2% | 14,887 | 83.7% |
ෂෙට්ලන්ඩ් දිවයින් | 5,669 | 9,951 | 36.3% | 63.7% | 15,620 | 84.4% |
එකතුව | 1,617,989 | 2,001,926 | 44.7% | 55.3% | 3,619,915 | 84.6% |
ආශ්‍රිත
සංස්කරණය- ^ "ස්කොට්ලන්ඩ් ටු හෝල්ඩ් ඉන්ඩිපෙන්ඩන්ස් පෝල් ඉන් 2014 – සෑමන්ඩ්". බීබීසී නිවුස් (බීබීසී). 10 ජනවාරි 2012. http://www.bbc.co.uk/news/uk-scotland-16478121. සම්ප්‍රවේශය කෙරුණු දිනය 15 අප්‍රේල් 2014.
- ^ "ස්කොට්ලන්ඩ්ස් රෙෆරන්ඩම්: ස්කොට්ලන්ඩ් වෝට්ස් නෝ ටු ඉන්ඩිපෙන්ඩන්ස්". BBC News. 19 සැප්තැම්බර් 2014. සම්ප්‍රවේශය 19 සැප්තැම්බර් 2014.
- ^ "අග්‍රීමන්ට් බිට්වීන් දි යුනයිටඩ් කිංඩම් ගවර්න්මන්ට් ඇන්ඩ් ද ස්කොටිෂ් ගවර්න්මන්ට් ඔන් රෙෆරන්ඩම් ඔන් ඉන්ඩිපෙන්ඩන්ස් ෆො ස්කොට්ලන්ඩ්" (PDF). 15 ඔක්තොම්බර් 2012. සම්ප්‍රවේශය මැයි 2013.
{{cite web}}
: Check date values in:|accessdate=
(help) - ^ "රෙස්පොන්ස් ටු රෙෆරන්ඩම් කන්සල්ටේෂන්". Scotland.gov.uk. සම්ප්‍රවේශය 11 ඔක්තොම්බර් 2012.
- ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් බිල්". Scottish.parliament.uk. සම්ප්‍රවේශය 31 ජනවාරි 2014.
- ^ Official text of the ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් ඇක්ට් 2013 as in force today (including any amendments) within the United Kingdom, from the UK Statute Law Database
- ^ "ගවර්න්මන්ට් ඇක්සෙප්ට්ස් ඕල් ඉලෙක්ටරල් කමිෂන් රෙකමෙන්ඩේෂන්ස්". සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2014.
- ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස්: අ ගයිඩ් ටු ද බිග් ඩිෂිසන් – පොලිටික්ස් – දි ඔබ්සර්වර්". ද ගාර්ඩියන්. සම්ප්‍රවේශය 9 සැප්තැම්බර් 2014.
- ^ a b c d "ඩිවලූෂන්ස් ස්විංස් ඇන්ඩ් රවුන්ඩ්අබවුට්ස්". බීබීසී නිවුස්. බීබීසී. 7 අප්‍රේල් 1999. සම්ප්‍රවේශය 28 අගෝස්තු 2014.
- ^ "දි 1979 රෙෆරන්ඩම්ස්". බීබීසී නිවුස් (බීබීසී). http://www.bbc.co.uk/news/special/politics97/devolution/scotland/briefing/79referendums.shtml. සම්ප්‍රවේශය කෙරුණු දිනය 16 ජනවාරි 2012.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;BBCIndy
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "ස්කොටිෂ් ඉන්ඩිපෙන්ඩන්ස් රෙෆරන්ඩම් - රිසල්ට්ස්". BBC. 18 September 2014. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2014.