1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් ලෝකයේ භාවිතා වන  සෘජු  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ලෙස  ජනමත විචාරණ ක්‍රමය හඳුන්වා දෙන ලදී. ජනමත විමසීම යනු පවත්නා නීතියේ සංශෝධනයකට හෝ නව නීති පැනවීම් සඳහා ආණ්ඩුව ජනතාවගේ මතය විමසා සිටිීමයි. එහිදී පක්ෂව හෝ විපක්ෂව පමණක් ජනතාව තම ඡන්දය භාවිතා කළ හැකිය. දේශපාලන  පක්ෂවල සලකුණු මේ සඳහා යොදා ගනු ලබයි. ලෝක දේශපාලය සමග සසදන විටජනමත විචාරනය දෙයාකාරවේ. එනම්,

  1. ආණ්ඩුව විසින් ජනමත විචාරනයක් කැදවීම.
  2. ජනතාව විසින් ජනමත විචාරනයක් ඉල්ලීම.

ජනමත විචාරණයක් ජනතාව කැදවනු ලබන්නේ  ජනතාවට සාධනීය කරුණු සම්බන්ධයෙන් නීති පනවා ගැනීම සදහාය. එහිදි ජනතාවගේ යහපත වෙනුවෙන් එම රටවල ජනතාව එකතු වී පෙත්සමක් මගින් මෙම ඉල්ලීම සිදු කරනු ලබයි. කැනඩාව, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය   වැනි රට වල මෙම තත්වය දැකිය හැකිය. ස්විට්සර්ලන්තයේ ජනමත විචාරණයක් සඳහා පනස්දහසකින් යුත් පෙත්සමක් ඉදිරිපත් කළ යුතුය.

ශ්‍රි  ලංකාවේ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට අනුව  ජනමත විචාරණයක් කැදවීමට ජනතාවට බලයක් නැත. ඒ සඳහා බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. නමුත් ඔහු කිසිදු අවස්ථාවක ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් ජනමත විචාරනයක් පවත්වා නැත. ශ්‍රි ලංකාවේ ජනමත විචාරනයක් පවත්වා ඇත්තේ විදායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ සමයේ ඔහුගේ පාර්ලිමේන්තු කාලය තවත් වසර 06 කින් දිර්ඝ කර ගැනීමයටය. ජනාධිපතිවරයාට ජනමත විචාරනයක් කැඳවීමට අවස්ථා කිහිපයක් පවති. එනම්,

  1. අමාත්‍ය මණ්ඩල ඉල්ලා සිටින විට
  2. ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ විට.
  3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 2, 3, 6, 7, 8, 9, 10, 11, 30(02), 62(02) යන වගන්ති වෙනස් කිරීමට
  4. ජනාධිපතිට හැඟී යන විට

ශ්‍රි ලංකාවේ පැවැති ජනමත විචාරනයේ දි  පාර්ලිමේන්තුවේ  පැවති කාලය තවත් වර්ෂ 6 ක් දිර්ඝ කර ගැනීමට සඳහා ජනමත විචාරණය පවත්වන ලදී. ජනතාවගේ පරම කැමැත්ත මෙයින් උල්ලංඝනය වීමක් සිදු වී ඇත. එක් පාර්ලිමේන්තුවක් සඳහා පත්කළ මන්ත්‍රීවරුන් තවත් පාර්ලිමේන්තුවක් සඳහා තබා ගැනීම් තුළින් මහජනතාවගේ තෝරාගැනිමට තිබූ අවස්ථාවක් අහිමි විම තුළින් නුසුදුසු පිරිසක් තවදුරටත් පාර්ලිමේන්තුවේ නියෝජනය වීමක් දකින්නට විය. එය මහජනතාවගේ කැමැත්තට අභියෝගයක් විය. එය ජනතා පරමාධිපත්‍යයට කරනු ලැබූ බරපතළ  හානියකි. ශ්‍රී ලංකාව තුළ ජනමත විචාරණයක් පාලකයින් කැඳවන නිසා මහජනතාවගේ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනීසිටීමට උත්සාහ නොකරයි. පාලකයින් සෑම විටම උත්සාහ ගන්නේ ඔවුන් වෙනුවෙන් ඔවුනොවුන්ට වාසි සහගත වන ආකාරයෙන් ජනමත විචාරණයක් පවත්වා ඔවුන්ගේ කටයුතු කර ගෙන යාමයි. මේ අනුව ජනමත විචාරණයක් පැවැත්වීමට නම් යම් කිසි රටක කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් නිල් මත දරණ ගැබුරට බෙදි ගිය දේශපාලන සමාජයක් නොපැවතිය යුතුය. එමෙන්ම බුද්ධිමත් ජනතාවක් සිටිය යුතුය. ප්‍ර‍මාණයෙන් කුඩා රාජ්‍යයක් වීමද ජනමත විචාරනයක් පැවැත්වීමට සුදුසු තත්වයකි. එවැනි තත්වයක් පවතින රටවල ජනමත විචාරන මගින් රටට වැඩදායි මහජනතාවට වැඩදායි තින්දු තිරණ ලබා ගැනීමට අවස්ථාව පවති.

බාහිර සබැදි සංස්කරණය

[1] 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

"https://si.wikipedia.org/w/index.php?title=ජනමත_විචාරණය&oldid=502906" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි