සයිනායි අර්ධද්වීපය

සයිනායි අර්ධද්වීපය, හෝ සරල වශයෙන් සයිනායි (අරාබි: سِينَاء‎, ඊජිප්තියානු අරාබි: سينا, කොප්ටික: Ⲥⲓⲛⲁ), යනු ඊජිප්තුවෙහි අර්ධද්වීපයක් වන අතර, ආසියාවෙහි පිහිටන රටෙහි එකම කොටස වෙයි. එය උතුරු දෙසින් මධ්‍යධරණි මුහුද සහ දකුණු දෙසින් රතු මුහුද අතර පිහිටා ඇති අතර, ආසියාව සහ අප්‍රිකාව අතර බිම් සේතුවකි. සයිනායි සතුව 60,000 කිමි2 (23,000 සතරැස් සැතපුම්) පමණ භූමි ප්‍රමාණයක් ඇති අතර (ඊජිප්තුවෙහි මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 6 පමණ) එහි ජනගහණය දළ වශයෙන් ජනයා 600,000 පමණ වෙයි.[1] පරිපාලනමය වශයෙන්, සයිනායි අර්ධද්වීපයෙහි භූමි ප්‍රමාණයෙන් අතිමහත් බහුතරයක් ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශ දෙකකට බෙදෙයි: දකුණු සයිනායි ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශය සහ උතුරු සයිනායි ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශය. තවත් ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශ තුනක් සූවස් ඇළ ප්‍රදේශයෙහි පවතින අතර, අප්‍රිකානු ඊජිප්තුව දක්වා විහිදෙයි: සූවස් ඇළෙහි දකුණුතම කෙළවරෙහි සූවස් ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශය, මධ්‍යයෙහි ඉස්මයිලියා ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශය, උතුරු කෙළවරෙහි පෝට් සේඩ් ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශය.

සයිනායි අර්ධද්වීපය
سِينَاء
සයිනායි අර්ධද්වීපයෙහි භූ විෂමතා සිතියම
භූමිප්‍රමාණය60,000 කිමී 2(23,000 සතරැස් සැත)
ජනගහණය600,000[1]
රටවල්ඊජිප්තුව

සම්භාව්‍ය යුගයෙහිදී මෙම ප්‍රදේශය හැඳින්වුනේ අරාබියා පෙට්‍රයා ලෙසිනි. අර්ධද්වීපය විසින් සයිනායි යන නම අත්පත් කර ගත්තේ නූතන යුගයෙහිදී වන අතර ශාන්ත කැතරින්ගේ තාපසාරාමය අසල කන්දක් බයිබලීය සයිනායි කන්ද බවට උපකල්පනය කිරීමත් හා සමගය. [2] සයිනායි කන්ද යනු ආබ්‍රහමික ආගම් වල ආගමික ලෙසින් ඉතාමත් වැදගත් ස්ථාන අතරින් එකකි.

පුරාතන ඊජිප්තුවෙහි පළමුවන රාජවංශයෙහි (ප.  3100 ක්‍රිපූ) සිට සයිනායි අර්ධද්වීපය ඊජිප්තුවෙහි කොටසක් විය. එයට උතුරින් පිහිටි ලෙවන්තය , (වර්තමාන සිරියාවෙහි, ලෙබනනයෙහි, ජෝර්දානයෙහි, ඊශ්‍රායෙලයෙහි සහ පලස්තීනයෙහි භූමි ප්‍රදේශ), ප්‍රදේශය මෙයට වඩා හාත්පසින්ම වෙනස් වන අතර, විශේෂයෙන්ම එහි යුද උපායශිලී භූදේශපාලනමය පිහිටුම සහ සංස්කෘතික අභිසාරීතාවයන් නිසා ඓතිහාසික වශයෙන් ඊජිප්තුව සහ මෙසපොටේමියාවෙහි සහ සුළු ආසියාවෙහි විවිධ රාජ්‍යයන් අතර ගැටුම් වල කේන්ද්‍රස්ථානයක් විය. විදේශ අධිවාසය පැවැති කාලසීමාවන්හිදී, ඊජිප්තුවෙහි සෙසු ප්‍රදේශ මෙන්ම, සයිනායි ප්‍රදේශයද, විදේශ අධිරාජ්‍යයන් විසින් අධිවාසය කරනු ලැබ පාලනය කරනු ලැබුනු අතර, මෑත ඉතිහාසයෙහිදී ඕටමන් අධිරාජ්‍යය (1517–1867) සහ එක්සත් රාජධානිය (1882–1956) වෙතින් එසේ සිදු විය. 1956 දී සිදු වුනු සූවස් අර්බුදයෙහිදී (ත්‍රෛපාක්ෂික ආක‍්‍රමණය ලෙසින් ඊජිප්තුවෙහි මෙය හැඳින්වෙන්නේ එරා, ප්‍රංශය සහ ඊශ්‍රායෙලය විසින් එකවර සිදු කෙරුණු සමායෝජිත ප්‍රහාරයක් බැවිනි), සහ 1967දී වූ දින-හයේ යුද්ධයෙහිදී ඊශ්‍රායෙලය විසින් සයිනායි ප්‍රදේශය ආක්‍රමණය කොට අධිවාසය කරන ලදි. 1973 ඔක්තොම්බර 6 දිනදී, ඊජිප්තුව විසින් යොම් කිපුර් යුද්ධය ඇරඹුවේ අර්ධද්වීපය යළි දිනා ගැනීමෙහි අභිලාශයෙන් වුවද එය අසාර්ථක විය. 1982 වසරෙහිදී, 1979 ඊජිප්තු–ඊශ්‍රායෙල සාම ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙසින්, මත භේදයට තුඩුදුන් ටාබා භූමි ප්‍රදේශය හැරුණු විට සයිනායි අර්ධද්වීපයෙහි සෙසු ප්‍රදේශ වලින් ඊශ්‍රායෙලය ඉවත් වූ අතර , 1989 සමථකරණ කොමිසමක නියමය පරිදී එයද යළි පවරා දෙන ලදි.

ආශ්‍රිත

සංස්කරණය
  1. ^ a b ජනවාරි 2018 ජනගහණ දත්ත දක්වන්නේ the උතුරු සහ දකුණු ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශයන්ගේ ජනගහණය දළ වශයෙන් 560,000 ("පොපියුලේෂන් එස්ටිමේට්ස් බයි ගවර්නරේට් 1/1/2018". www.capmas.gov.eg. 2 නොවැම්බර් 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. පරිදී). In 1997 වසර වන විට මෙම ආණ්ඩුකාර පරිපාලන කොට්ඨාශ දෙක විසින් අර්ධද්වීපයෙහි ජනගහණයෙන් 97% ක් දරන ලදි.ග්‍රීන්වුඩ්, නෙඩ් (1997). ද සයිනායි: අ ෆිසිකල් ජියෝග්‍රෆි. ටෙක්සාස් විශ්වවිද්‍යලයීය මුද්‍රණාලය. pp. 5. ISBN 978-0-292-72799-1. Over 94 percent of the area and probably 97 percent of the population are found in the large governorates, leaving less than 6 percent of the area and 3 percent of the population attached to As Suways (Suez), Al Ismailiyah (Ismailia),and Bur Said (Port Said) governorates.
  2. ^ වෝ, රෝලන්ඩ් ඩි (1978). දි අර්ලි හිස්ට්‍රි ඔෆ් ඊශ්‍රායෙල්. ඩාර්ටන්, ලෝංමන් ඇන්ඩ් ටොඩ්. p. 429. ISBN 978-0-232-51242-7. The name 'Sinai peninsula' is modern. It is derived from the Christian tradition, according to which Sinai was located in the south of the peninsula. This Christian tradition goes back to the fourth century, to the time when the Spanish pilgrim Egeria (or Etheria) visited Sinai in A.D. 383. From this time onwards, Christians grouped all the Old Testament memories round the Jebel Musa.
"https://si.wikipedia.org/w/index.php?title=සයිනායි_අර්ධද්වීපය&oldid=570860" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි