සමුරායි බැඳුම්කරය
සමුරායි බැඳුම්කරයක් යනු, ටෝකියෝවෙහිදී ජපන්-නොවන සමාගම් විසින් නිකුත් කෙරෙන, ජපාන රෙගුලාසි වලට යටත් වන යෙන්-නාමනය කෙරුණු බැඳුම්කරයකි. [1] මෙම බැඳුම් කර විසින් පාරිභෝගිකයා වෙත ජපාන මූලධනය වෙත ප්‍රවේශයක් සපයන අතර, දේශීය ආයෝජන හෝ ජපානයෙන් බැහැර මුදල් යෙදවීම් ක්‍රියාකාරකම් සඳහා මේවා භාවිතා කල හැක.[2] විදේශීය ණයගැනුම්කරුවන් විසින් සමුරායි වෙළෙඳපොලෙහි නිකුතු භාවිතා කරන්නේ විදේශීය ව්‍යවහාර මුදල් විනිමය අවදානම මග හැරීමට බාධකයක් ලෙසින් විය හැක.[3] තවද බලාපොරොත්තුවක් විය හැක්කේ, වෙනත් ව්‍යවහාර මුදලක් වෙත නිකුතුව එක විටම හුවමාරු කිරීමෙන් අඩු වැයෙහි ප්‍රයෝජනය ලබා ගැනීමයි.[3]
- ^ "සමුරායි බොන්ඩ්". Answers.com. සම්ප්‍රවේශය 2011-03-16.
- ^ "වට් ඊස් සමුරායි බොන්ඩ්". pagerankstudio.com. 2011-12-01.
- ^ a b පැකර්, එෆ්.; රෙනෝල්ඩ්ස්, ඊ. (1997). "ද සමුරායි බොන්ඩ් මාකට්". කරන්ට් ඉෂූස් ඉන් ඉකනමික්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් (8): 1–6.