සම්භාවිතා ව්‍යාප්තිය
සම්භාවිතා වාදයේදී, සම්භාවිතා ස්කන්ධය, සම්භාවිතා ඝනත්වය, හෝ සම්භාවිතා ව්‍යාප්තිය යනු සසම්භාවී විචල්‍යයක් විසින් කිසියම් අගයයන් දැරීමෙහි සම්භාවිතාව විස්තර කෙරෙන ශ්‍රිතයකි.
වඩාත් නිශ්චිත අර්ථ දැක්වීමක් රිසි යමෙකු විසින් විවික්ත සහ සන්තත සසම්භාවී විචල්‍යයන් අතර වෙනස හඳුනාගත යුතුයි. විවික්ත අවස්ථාවෙහිදී, සම්භාව්‍ය එක් එක් අගය සඳහා සම්භාවිතාවක් නියම කිරීමට කෙනෙකුට පහසුවෙන් හැකි වෙයි. නිදසුනක් වශයෙන් දාදු කැටයක් පෙරලීමේදී, 1 සිට 6 දක්වා වන එක් එක් අගය සඳහා 1/6 ක සම්භාවිතාවක් ඇත. සසම්භාවී විචල්‍යයක් විසින් සන්තතිය පුරා පැවතිය හැකි අගයයක් ගන්නා විට, මෙයට හාත්පසින්ම විරුද්ධ ආකාරයට, ශුන්‍ය නොවන සම්භාවිතාවන් පවතින්නේ එම අගයයන් පරිමිත පරාසයන් තුලට අයත්වන ආකාරයට හැඳින්වුවහොත් පමණි. නිදසුනත් වශයෙන් තත්ත්ව පාලනයෙහිදී, "500 g" ඇසුරුමක් 490 g සහ 510 g අතර පැවතීමෙහි සම්භාවිතාව 98% ට නොඅඩු විය යුතු බවට යමෙකුට නියම කර සිටිය හැක.
සම්භාවිතා ව්‍යාප්තිය මගින් අහඹු සිද්ධියක් සිදුවිමේදි ඇති අගයක් යන සම්භාවිතා විස්තර කරයි. අගයන් සිද්ධියක් සිදුවිය හැකි පල ආවරණය කරන අතර සියලුම සම්භාවිතා වල එකතුව හරියට 1 හෝ 100% වේ. උදාහරණයක් ලෙස එක් කාසියක් උඩ දැමු විට සිරස හෝ අගය ලැබෙන අතර එක් එක් සිද්ධිය සදහා සම්භාවිතාවය හරියට ½ වේ. මෙම අගයන් දෙක යන සම්භාවිතා දෙක මගින් එක් කාසියක් උඩදැමමේ සිද්ධියේ යම්භාවිතාව ව්‍යාප්තිය සාදනු ලබයි. එහිදි ධන සම්භාවිතාව සහිත ගත්කල හැකි සංඛ්‍යාවලින් යුත් ඵල සැදෙන නිසා මෙම ව්‍යාපෟතිය ජිවික්ත ව්‍යාපෟතිය ලෙස හැදින්වේ.
සන්තික ව්‍යාපෘතියක් සන්තික පරයක්ෂ සිදුවන සිද්ධින් විස්තර කරයි. මෙහි විශේෂ වු පලයන සම්භාවිතාව ශුන්‍ය වේ. උදාහරණයක් ලෙස හෙල්ල විසිකරණ ක්‍රියාවේදි එය ඉලක්කය වෙත ළගාවිමේ සම්භාවිතාව අවාරයෙන් ශුන්‍ය වේ. හේතුව එම ලක්ෂණ ඉතාමත් කුඩා විටයි. නමුත් එය අදාළ ප්‍රදේශ තුළට යැවිමේ සම්භාවිතාවයක් ඇත. හෙල්ල තුඩ යම් කුඩා ප්‍රදේශයකට වැදිමේ සම්බාවිතාව අනිකුත් පෙසෙසක වැදිමේ සම්භාවිතායට වඩා වැඩිවේ. හෙල්ල විසිකිරිමේ සිදුවිය හැකි සම්භාවි ප්‍රදේශයක වැදිමේ සම්භාවිතාව අනිකුත් ප්‍රදේශවල වැදීමේ සම්භාවිතාව වැඩිය. හෙල්ල විසිකිරිමේ සිදුවිය සම්භාවිතා ව්‍යාප්තිය ශ්‍රිතයක් මගින් පැහිදිලි කළ හැකිය. සම්භාවිත සන්ධ ශ්‍රිතය () හි අනුකුල 1 ට සමාන විය යුතු අතර හේතුව එක් එක් හෙල්ලට කොනකට හා පතිත වන නිසාය සම්භාවි විචළය යන සම්භාවිත ව්‍යාප්තිය පිළිබදව සංකල්පය ගණිතමය ක්ෂේත්‍ර යක් වු සම්භාවිතා වාදයට යනු විද්‍යාවේ සංඛ්‍යා යන මාතෘකාව යටතේ විස්තර කරනු ලබයි
නියැදිය පැතිරුණු හෝ විචල්‍ය ඕනෑම අගයකත් වැටිමට සිදුකළ හැකිය.උදා මිනිසුන්ගේ ලෝහවල කල්පැතවැත්විමේ හැකියාව යනාදි මෙම මිනුම් වල නෛසර්ගික දෝෂයක් ඇත. භෞතික විද්‍යාවේ වායුවල චාලක ගුණ සිට මුලික ප්‍රදේශ ක්වන්ටම් යාන්ත්‍රික විද්‍යාව ආදි බොහෝ ක්‍රියාවලින් සම්භාවිතාවන් ආකාරයෙන් පැහැදිලි කරයි. මේවා යන අනිකුත් හේතුන් නිසා සරල සංඛ්‍යා ප්‍රමාණයක් විස්තර කිරිම සහාද නිතරම ප්‍රමාණවත් නොවේ. එනම නිසා සම්භාවිතා ව්‍යාප්තිය වඩා සුදුසු ආකෘති ලෙස යොදා ගත හැක.
බොහෝ සම්මත ගණිතමය විජිගණිත හැසිරිමේ යොදා ගත නොහැකි නිසා සම්භාවිතා ව්‍යාප්තිය භාවිතා කරනු ලැබේ