සම්භාවිතතා සිද්ධි පිළිබඳ අධ්‍යයනය කරන ගණිත ක්ෂේත්‍ර සම්භාවිත වාදය නම් වේ. සම්භාවි විචල්‍ය, අනුමානික කාර්යක්‍රම සහ සිදුවීම එනම් තනි සිදුවීම් හෝ කාලයක් සමග සසම්භාවි ලෙස පරිණාමය වන්නා සේ දිස්වන නිර්ණයක නොවන සිදුවීම් සහ මනින ලද අගයන්ගේ ගණිතමය අමූර්තය සම්භාවිතා වාදයේ කේන්ද්‍රීය වස්තූන් වේ. කාසියක් උඩ දැමීම නැතහොත් දාදු නැවතත් පෙරලීම වැනි සිද්ධියක් තනිව ගත්කල සසම්භාවි සිද්ධියක් වන නමුත් එවැන්නක් බොහෝ වාර ගණනක් සිදුකල විට ලැබෙන ප්‍රතිඵල අනුක්‍රමයක සංඛ්‍යා රටා දැක ගත හැකි වන අතර එම රටා අධ්‍යයනය කිරීමත් ඒවා පිලිබද අනාවැකි පලකිරීමත් කල හැක. විශාල සංඛ්‍යා නියමය සහ කේන්ද්‍රික සීමා ප්‍රමේයය එවන් රටා විස්තර කෙරෙන නිරූපනය ගණිතමය ප්‍රතිඵලය වේ.

සංඛ්‍යාතයේ ගණිතමය පදනම ලෙස සම්භාවිතා වාදය විශාල දත්ත සමුහයන්ගේ ප්‍රමාණාත්මක විශ්ලේෂණයන් සිදු කල යුතු බොහෝ මානව ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වේ. තවද සංඛ්‍යාංත යාන්ත්‍රණයේදී මෙන් සංකිර්ණ පද්ධතිවල තත්වය පිළිබඳ අසම්පුර්ණ දැනුමක් ඇතිව ඒවා විස්තර කල යුතු විට සම්භාවිතා වාදයේ ක්‍රම වේද භාවිතා වේ. මේ අතර පරමානුක පරිමාණයේදී භෞතික සංසිද්ධීන්ගේ පවතින සම්භාවිතා ගුණ පිළිබඳව කල සොයා ගැනීම විසිවැනි සිය‍වසේ භෞතික විද්‍යාත්මක සොයාගැනීම් අතරින් ඉතා වැදගත් එකකි. මෙම ගුණ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේදී විස්තර කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=සම්භාවිතා_වාදය&oldid=463069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි