සඳ හිරු සෑය ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහමෙවුනා උයනේ ශ්‍රී මහා බෝධිය අසල ඉපැරැණි ගැල්ගාල පැවති භුමියේ ඉදිකරමින් පවතින ස්ථූපයක් වේ. එහි ඉදිකිරීම් කටයුතු 2010 වසරේ නොවැම්බර් මස 23 වැනිදිනදී ආරම්භ කරන ලදී.[1]

භෞතික ලක්‍ෂණ සලපතල මළුවේ සිට සෑයේ උස අඩි, 282.6 ක්‌ වේ. චෛත්‍යයේ විශ්කම්භය අඩි 255 ක්‌ වන අතර එහි වට ප්‍රමාණය අඩි 801 ක් පමණ වේ. උස අනූව සඳ හිරු සෑය දෙවැනි වන්නේ අඩි 299ක් උසැති රුවන්වැලිසෑයට පමණකි.[2]

සෑය ඉදිකෙරනු ලබන සම්පූර්ණ භූමියේ ප්‍රමාණය අක්කර 13 ක් වන අතර වැලිමළුව අක්කර 6 ක පමණ ප්‍රමාණයකින් යුක්ත වේ.[3]

ආශ්‍රිත සංස්කරණය

  1. කුරුනේරු, පර්සි (2 ජුනි 2013). "ජාතික සමගියේ අනාගත මුද්‍රාව රැඳුණු සඳ හිරු සෑය". දිවයින (පුවත්පත). 2016-04-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-05-08.
  2. අබේසිංහ, නිහාල් (2 ජුනි 2013). "සඳ හිරු සෑයේ ඉදිකිරීම් ලහි ලහියේ". ලංකාදීප (පුවත්පත). 2014-12-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-05-08.
  3. විජේවීර, සජීව (2 ජුනි 2013). "වසර 1600 කට පසු මෙරට ඉදිවන විශාලතම චෛත්‍යය. ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න". සිළුමිණ. 2015-05-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015-05-08.
"https://si.wikipedia.org/w/index.php?title=සඳ_හිරු_සෑය&oldid=596844" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි