සන් බෙල්ට් යනු අග්නිදිග සහ වයඹදිග එක්සත් ජනපදය පුරා දිවෙන ප්‍රදේශයක් ලෙසින් සාමාන්‍යයෙන් සැලකෙන භූමිභාගයකි. තවත් දළ අර්ථදැක්වීමක් වනුයේ 36වන සමාන්තරයට දකුණින් පිහිටි භූමිභාගය යන්නයි.

ද සන් බෙල්ට්
ද සන් බෙල්ට්, රතු පැහැයෙන් ඉස්මතු කර දක්වා
ප්‍රාදේශීය සංඛ්‍යාන
සංයුතිය
ඇලබාමා ඇලබාමා
ඇරිසෝනා ඇරිසෝනා
කැලිෆෝර්නියාව කැලිෆෝර්නියාව
ෆ්ලොරිඩා ෆ්ලොරිඩා
ජෝර්ජියා (එ.ජ. ජනපදය) ජෝර්ජියා
කෑන්සස් කෑන්සස්
ලූසියෑනා ලූසියෑනා
මිසිසිපි මිසිසිපි
නෙවාඩා නෙවාඩා
නිව් මෙක්සිකෝ නිව් මෙක්සිකෝ
උතුරු කැරොලයිනා උතුරු කැරොලයිනා
ඔක්ලහෝමා ඔක්ලහෝමා
දකුණු කැරොලයිනා දකුණු කැරොලයිනා
ටෙක්සාස් ටෙක්සාස්
අපනාමය සන් බෙල්ටර්
ජනගහණය
 - මුළු

 - ඝණත්වය

109,073,023 (2008 ඇස්ත.)[1]
විශාලතම නගරය ලොස් ඇන්ජලීස් (ජන. 3,792,621)
විශාලතම නාගරික ප්‍රදේශය මහා ලොස් ඇන්ජලීස් (ජන. 18,081,000, ඇස්ත. 2011)

සන් බෙල්ට් භූමිභාගයෙහි ප්‍රධාන අර්ථනිරූපණ ගුණාංගය වන්නේ, විස්තීරණ ගිම්හාන කාලයන් සහිත සහ කෙටි හා සංසන්දනාත්මක ලෙසින් සෞම්‍ය ශිශිර කාලයන් වෙතින් හෙබි උණුසුම් දේශගුණය වෙයි. භූමිප්‍රදේශය තුල, කාන්තාර/ අර්ධ-ශුෂ්ක (කැලිෆෝර්නියාව, නෙවාඩා, ඇරිසෝනා, නිව් මෙක්සිකෝ, ඔක්ලහෝමා, සහ ටෙක්සාස්), මධ්‍යධරණි (කැලිෆෝර්නියාව), තෙත් උපනිවර්තන (ඔක්ලහෝමා, ටෙක්සාස්, ලූසියෑනා, මිසිසිපි, ඇලබාමා, ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලයිනා, සහ උතුරු කැරොලයිනා), සහ නිවර්තන (ෆ්ලොරිඩා) දේශගුණයක් දැකගත හැකිය.

උණුසුම් සහ ප්‍රබෝධමත් දේශගුණයක් බලාපොරොත්තු වන ජනයාගේ ආගමනයක්, විශ්‍රාම පත් වන්නාවූ බිලිඳු උත්පාතිකයන්ගේ සර්ජනයක්, සහ වර්ධනය වන ආර්ථික ප්‍රස්තාවන් යන හේතූන් නිසා 1960 ගණන් වල සිට සන් බෙල්ට්හී සැලකිය යුතු ජනගහණ වර්ධනයක් දක්නට ලැබිණි. වායු සමනය කිරීමෙහි ආගමනය විසින්, ෆැරන්හයිට් උෂණත්ව ක්‍රමයෙන් සංඛ්‍යාංක-තුනකට වැඩි (සෙල්සියස් 37.7 ට වැඩි) උෂ්ණත්වයන් සාමාන්‍යයෙන් පවතින කාන්තාරමය වයඹදිග ප්‍රදේශයෙහි ගිම්හාන කාල උණුසුම විඳ දරාගැනුමට ජනතාවට පහසු කරවන ලදි. මෑත වසර කිහිපයෙහිදී, ජල හිඟතාවයන්, නියඟයන්, සහ මෙක්සිකානු දේශසීමාව අසල මත්ද්‍රව්‍ය හොර ජාවාරම යන්නන් වයඹදිග ප්‍රදේශයෙහි ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇති කළේය.[2][3]

  1. "ස්ටේට් ඇන්ඩ් කවුන්ටි ක්වික්ෆැක්ට්ස්". එජ සංඛ්‍යාන අධිකාරිය. සම්ප්‍රවේශය 2008-07-24.
  2. කේඩ් බෙන්ෆීල්ඩ්. "වෙයාර් පිට්ස්බර්ග් හෑස් ද සන් බෙල්ට් බීට්". සිටිලැබ්.
  3. වුඩ්ස්, මයිකල් (18 ජනවාරි 1981). "ඩෙසර්ට්-ලයික් කන්ඩිෂන්ස් හර්ට් සන් බෙල්ට්". ද බ්ලේඩ් (තොලිඩෝ, ඔහියෝ) , ගූගල් නිවුස් ආකයිව් විසින් යළිමුද්‍රණය කෙරණි
"https://si.wikipedia.org/w/index.php?title=සන්_බෙල්ට්&oldid=388396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි