හත්කෝරළේ

(සත්කෝරළය වෙතින් යළි-යොමු කරන ලදි)

පුරාණ සිංහල රාජධානියේ උප පාලන ඒකකයකි. කෝරළ 7 කින් සමන්විත විය. මෙහි සීමා වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට තරමක් අනුරූපී වෙ.

උප බෙදීම් සංස්කරණය

මහනුවර යුගය සංස්කරණය

ඉහල දොළොස්පත්තුව සංස්කරණය

1. තිරගංදහය කෝරළේ
2. වෑඋඩ කෝරළේ
3. මාදුරු කෝරළේ
4. දෙගල්බොඩ කෝරළේ

පහල දොළොස්පත්තුව සංස්කරණය

5. කටුගම්පොල කෝරළේ
6. දේවමැද්දේ කෝරළේ
7. මාගල් කෝරළේ

ඉංග්‍රීසි යුගය සංස්කරණය

ඉංග්‍රීසීන් සිංහල රාජධානිය ගිවිසුමක් මගින් ලබාගත් පසු මෙම උප පාලන ඒකක පරිපාලන ඒකක බවට පත්කෙරිනි.

1. වෑඋඩවිල්ලි හත්පත්තුව සංස්කරණය

 
20වන සියවසේ පිහිටවූ වෑඋඩ විල්ලි සමුපකාර සමිතියේ යකඩ බඩු වෙළෙඳ සැලෙහි පිටත බිත්තිය.
තිරගංදහය කෝරළේ, වෑඋඩ කෝරළේ සහ මාදුරු කෝරළේ එක්කර සාදන ලදී
වෑඋඩවිල්ලි හත්පත්තුව පහත කොට්ඨාශ වලින් සමන්විත වේ.
  • තිරගම් දහය
  • ගම් දහය
  • ගම් නවය
  • වෑ උඩ
  • හේවාවිස්ස
  • මාදුරේ ඉහළ විසිදෙක

2. හිරියාල හත්පත්තුව සංස්කරණය

දෙගල්බොඩ කෝරළේ නම වෙනස්කිරීමෙන්

3. කටුගම්පොල හත්පත්තුව සංස්කරණය

කටුගම්පොල කෝරළේ නම වෙනස්කිරීමෙන්
කටුගම්පොල හත්පත්තුව පහත කෝරළ වලින් සමන්විත වේ.
  • රැකෝ පත්තුව
  • උඩපොල මැදලස්ස
  • උඩපොළ ඕතොට
  • මැද්දේකැටිය කටුගම්පොල
  • කටුගම්පොල මැද පත්තුව
  • පිටිගල් කෝරළය
  • යටිකහ සහ අංගමු කෝරළය

4 දේවමැදි හත්පත්තුව සංස්කරණය

දේවමැද්දේ කෝරළේ නම වෙනස්කිරීමෙන්
  • දේවමැදි උඩකහ
  • දේවමැදි ගම් දහය
  • ගිරිතලාන් බලදොර ගම් දහය
  • කිනියම
  • දේවමැදි
  • දේවමැදි වලගම්පත්තුව
  • කප්පරගම සහ යගම්පත්තු කෝරළය
යන කෝරළ වලින් දේවමැදි හත්පත්තුව සෑදී ඇත.

5. වන්නි හත්පත්තුව
සංස්කරණය

මාගල් කෝරළේ නම වෙනස්කිරීමෙන්
වන්නි හත්පත්තුවේ කෝරළ
  • මගුල් මැද
  • ගං දහය
  • මගුල් ඕතොට
  • හතලිස් පහ
  • ගං තිහ
  • පහල විසි දෙක සහ ඔයෙන් එගොඩ කෝරළය

විශේෂ කරුණු සංස්කරණය

දඹදෙණි හත්පත්තුව වර්තමාන කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වුවද අතීත සත්කෝරළයට අයත්ව තිබී නැත.

ආශ්‍රිත ලිපි සංස්කරණය

වැඩිදුර කියවීම් සංස්කරණය

  • Journal of Dutch Burgher Union of Ceylon, July 1935
"https://si.wikipedia.org/w/index.php?title=හත්කෝරළේ&oldid=611351" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි