භික්ෂූන් විසින් යම් කරුණක් පිලිගත යුතු බවට හේතු ලෙස පැවසීමට ඉඩ ඇති කරුණු හතරක් සතර මහෝපදේශ ලෙස බුදුන් වහන්සේ විස්තර කර ඇත....

මහෝපදේශ සතර

සංස්කරණය
  1. බුද්ධෝපදේශ - බුදුන් වහන්සේගෙන්ම අසා දැනගත් බැවින්,
  2. සංඝෝපදේශ - යම් ආශ්‍රමයක භික්‍ෂු සමූහයකගේ අදහස බැවින්,
  3. සමබහුලත්ථේරෝපදේශ - යම් භික්‍ෂු පිරිසකගේ පොදු එකඟතාව බැවින්,
  4. එකත්ථේරෝපදේශ - බහුශ්‍රැත තෙර නමක් විසින් වදාල බැවින්.

අනුගමනය කළයුතු පිළිවෙත

සංස්කරණය
  • ඍජුව පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප නොකරන්න.
  • විනය හා සබැඳි කරුණක් නම් විනය හා සසදා බලන්න.
  • ධර්මය හා සබැඳි කරුණක් නම් [සූත්‍ර බුදු දහම|සූත්‍රවල බහා සසඳා බලන්න]
  • (විනයෙ සන්දස්සෙතබ්බානි.සුත්තෙ ඔතාරෙතබ්බානි) මහා පරිනිබ්බාණ සූත්‍රය,දීඝ නිකාය.
  • ගැළපේනම් පිළිගන්න.
  • නොගැළපේනම් ප්‍රතික්‍ෂේප කරන්න.
"https://si.wikipedia.org/w/index.php?title=සතර_මහා_අපදේශ&oldid=651363" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි