සංසක්තිය (රසායන විද්‍යාව)

සංසක්තිය (n. ලතින්. cohaerere "ඇලීම හෝ එක ලඟ තිබීම") හෝ සංසක්තිමය ආකර්ෂණය හෝ සංසක්තිමය බලය යනු අන්‍යෝන්‍ය ලෙස ආකර්ෂණීය වීම නිසාවෙන් සමාන අණු එකිනෙකට ඇලී පැවතීමේ ක්‍රියාව හෝ ගුණය වේ. මෙය ද්‍රව්‍යයක නෛසර්ගික ගුණයක් වන අතර අණු එකිනෙකට කිට්ටුවෙන් පවතින විට කක්ෂගත ඉලෙක්ට්‍රෝනයන්හී ව්‍යාප්තිය අක්‍රමවත් කරන හා එහි අණු වල හැඩය හා ආකෘතිය නිසාවෙන් ඇති වෙන අතර විද්‍යුත් ආකර්ෂණය ජනිත වීම නිසාවෙන් ජල බින්දුවක් වැනි මහේක්ෂ ව්‍යුහයක් රඳවා තබා ගත හැතිවෙයි.

ජලයේ සංසක්තිමය ස්වරූපය පැහැදිලි ලෙසින් අභ්‍යාවකාශයෙහිදී ප්‍රකට වෙයි