තම සංගීත නිර්මාණයක් ශ්‍රාවකයා වෙත දායාද කිරීමට විවිධ නිර්මාණකරුවන් විවිධ ක්‍රමවේද අනුගමනය කරයි. ප්‍රෙක්ෂක බුද්ධි මට්ටම, සංගිත ශෛලය, සජීවි පටිගත කරන ලද නිර්මාණයක් ද යන වග, වාණිජමය අරමුණක් ඇත්ද යන වග මෙම ක්‍රමවේදයන් භාවිත කරන සංගීත භාණ්ඩ, වාදකයන් වෙනස් කරනු ලබයි.

වර්ථමාන නිර්මාණකරුවන් තම නිර්මාණ සදහා සෑම වර්ගයකටම පාහේ සංගීත භාණ්ඩයක් භාවිත කරනු ලබයි. සමහර නිර්මාණකරුවන් සෑම වර්ගයක සංගීත භාණ්ඩ භාවිතා කරන අතර තවත් සමහරු වින්ඩි එසැම්බල් නම් ක්‍ර‍මවේදය භාවිත කරයි. මෙහිදි වැඩි වශයෙන් සුසර භාණ්ඩ සහ අසාත් භාණ්ඩ භාවිත කරනු ලබයි චෙම්බර් මියුසික් නැමැති ක්‍රමයේදී නම් බොහෝ විට අඩු භාණ්ඩ සංඛ්‍යාවක් උපයෝගි කරගන්නා අතර එය අවම වශයෙන් දෙකක් වේ. එසේම සමහර අවස්ථා වල එය එක් සංගීත භාණ්ඩයක් පමණක් භාවිත වන එක් පුද්ගල නිර්මාණයක් විය හැකිය.

සංගීත නිර්මාණකරුවෙකු සංගීත උපකරණ, නාද රටා පමණක් නොව ගායකයෙකුගේ හඩ නාද රටාවද අනුගමනය කරනු ලබයි. එනම් තම නිර්මාණය සෑම අංශයක් කෙරෙහිම ඔහුට මනා අවබෝධයක් තිබිය යුතුයි.

එලිසබත් ස්වෝඩොස් විසින් රචිත "ලිස්ටිකිත් අනුය් ගවුඩ්" නම් කෘතියේ සදහන් වන ආකාරයට සංගීත නිර්මාණකරුවා හට සෑම සංගීත භාණ්ඩයක් පිලිබද පැහැදිලි අවබෝධයක් තිබිය යුතුමය. ඇය වැඩි දුරටත් විස්තර එහි විස්තර කරන්නේ නිර්මාණකරුවා භාවිත කරන සෑම භාණ්ඩයකම එය භාවිත කිරීමේ අයිතියක් පැවතිය යුතු බවයි.



| [1] |}

"https://si.wikipedia.org/w/index.php?title=සංගීත_-_සංයෝජනය&oldid=464318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි