සංකස්ස

අතීත ඉන්දියානු නගරයක්

සංකිස්ස (හෙවත් සංකාසියා, සංකස්ස සහ සංකස්‍ය) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියානු නගරයකි. මෙම නගරය ගෞතම බුදුන් වහන්සේගේ සමයෙහි ප්‍රමුඛ නගරයක් විය. බෞද්ධ මූලාශ්‍ර අනුව මෙය සාවත්ථීයෙහි මණ්ඩල තිහට අයත් ය.[1] ගෞතම බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් පසු, අශෝක රජ සමයේ මෙම ප්‍රදේශය සංවර්ධනය කෙරුණු අතර, නගරයේ අශෝක ස්තම්භයක් ද පිහිටුවා තිබේ. වර්තමානයෙහි මෙම ස්තම්භයේ හස්ති ස්තම්භ ශීර්ෂය දක්නට ලැබේ. බුදුන් වහන්සේ අනුස්මරණය කිරීම උදෙසා මෙහි විහාරයක් සහ ස්තූපයක් ද තනවා ඇත. වර්තමානයේ මෙම විහාරය ශේෂව ඇති අතර, ස්තූපයේ නටබුන් හඳුනාගත හැක.

සංකිස්ස
සංකිසා

සංකිස්සයෙහි ඇති හස්ති ස්‍තම්භ ශීර්ෂය, මෙය අශෝක ස්තම්භයක කොටසකි, ක්‍රි.පූ. 3වන සියවස
ඇබකසයේ සමීප රුවක්
සංකස්ස is located in ඉන්දියාව
සංකස්ස
ඉන්දියාව තුළ පිහිටීම
සංකස්ස is located in උත්තර් ප්‍රදේශ්
සංකස්ස
සංකස්ස (උත්තර් ප්‍රදේශ්)
පිහිටීමෆාරූඛාබාද් දිස්ත්‍රික්කය, උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව.
ඛණ්ඩාංක27°20′02″N 79°16′16″E / 27.33389°N 79.27111°E / 27.33389; 79.27111ඛණ්ඩාංක: 27°20′02″N 79°16′16″E / 27.33389°N 79.27111°E / 27.33389; 79.27111
මාදිලියජනාවාසය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. Dhammapadatthakathā, iii, 224

බාහිර සබැඳි සංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=සංකස්ස&oldid=472938" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි