ශිව පුරාණය (සංස්කෘත: शिवपुराण) සහ ශිව මහාපුරාණය හින්දු ආගමේ ව්‍යාස මුණිවරයන් විසින් සංස්කෘත භාෂාවෙන් රචිත මහා පුරාණ ග්‍රන්ථයන්ගෙන් ශෛව සම්ප්‍රදායට අයත් එක් පුරාණයකි. එය මූලික වශයෙන් හින්දු දෙවියන් වන ශිව සහ පාර්වතී දෙවඟන ​​වටා කේන්ද්‍රගත වන නමුත්, සියලු දෙවිවරුන්ට යොමු දක්වයි.

ශිව පුරාණය
හින්දු මහා පුරාණයක්
තොරතුරු
ආගමහින්දු ධර්මය
කර්තෘවේද ව්‍යාස
භාෂාවසංස්කෘත
පරිච්ඡේද457
පද්‍ය24,000

ශිව පුරාණය එය වරක් සංහිතා (දොළහකින් දක්වා ඇති පද 100,000 කින් සමන්විත වූ බව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් එය රෝමහර්ෂණට ඉගැන්වීමට පෙර ව්‍යාස මුනිවරයා විසින් සංක්ෂිප්ත කරන ලද බව පුරාණය සඳහන් කරයි. ඉතිරිව ඇති අත්පිටපත් විවිධ අනුවාද සහ අන්තර්ගතයන් ඇත. ශිව පුරාණය, හින්දු සාහිත්‍යයේ අනෙකුත් පුරාණ මෙන්ම, දීර්ඝ කාලයක් තිස්සේ නිතිපතා සංස්කරණය කර, ප්‍රතිනිර්මාණය කරන ලද සහ සංශෝධනය කරන ලද ජීවමාන පාඨයක් විය හැකිය.[1] ක්ලවුස් ක්ලෝස්ටර්මේයර් නිර්ණය කරන්නේ ක්‍රිස්තු වර්ෂ 10 සිට 11 වැනි සියවසේදී පමණ දැනට ඉතිරිව ඇති ග්‍රන්ථවල පැරණිතම අත්පිටපත රචනා කර ඇති බවයි. දැනට ඉතිරිව ඇති ශිව පුරාණ අත්පිටපත්වල සමහර පරිච්ඡේද 14 වන සියවසෙන් පසුව රචනා කර ඇත.

ශිව පුරාණයේ ශිව කේන්ද්‍ර කරගත් විශ්ව විද්‍යාව, සාහිත්‍ය කථා සහ දෙවිවරුන් අතර සම්බන්ධය, ආචාර ධර්ම, යෝග, තීර්ථ (වන්දනා) ස්ථාන, භක්ති, ගංගා සහ භූගෝල විද්‍යාව සහ වෙනත් මාතෘකා සහිත පරිච්ඡේද අඩංගු වේ. ක්‍රිස්තු වර්ෂ 2 වැනි සහස්‍රයේ මුල් භාගයේ ශෛවවාදය පිටුපස ඇති විවිධ වර්ග සහ දේවධර්මය පිළිබඳ ඓතිහාසික තොරතුරු වල වැදගත් මූලාශ්‍රයකි.ශිව පුරාණයේ ඉතිරිව ඇති පැරණිතම පරිච්ඡේදවල සැලකිය යුතු අද්වෛත වේදාන්ත දර්ශනයක් ඇත, එය භක්තියේ දේවවාදී අංග සමඟ මිශ්‍ර වී ඇත.[2]

19 වන සහ 20 වන සියවස් වලදී, වායු පුරාණය ඇතැම් විට ශිව පුරාණ ලෙස නම් කර ඇති අතර, සමහර විට සම්පූර්ණ ශිව පුරාණයේ කොටසක් ලෙස ඉදිරිපත් කරන ලදී.[3] තවත් අත්පිටපත් සොයා ගැනීමත් සමග, නූතන විද්විවතුන් විසින් එම පාඨ දෙක එකිනෙකට වෙනස් ලෙස සලකන අතර, වායු පුරාණය ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවසට පෙර රචනා කරන ලද වඩාත් පැරණි ග්‍රන්ථය ලෙස සැලකේ.[4] සමහර විද්වතුන් එය මහා පුරාණයක් ලෙස ලැයිස්තුගත කරන අතර ඇතැමුන් එය උප පුරාණයක් ලෙස ප්‍රකාශ කරති.

ඉතිහාසය

සංස්කරණය

ශිව පුරාණයේ දිනය සහ කතුවරුන් නොදනී. සත්‍ය දත්ත නොමැත. ක්ලෝස්ටර්මේයර් මෙන්ම හස්රා වැනි විද්වතුන් ගණන් බලා ඇත්තේ දැනට ඉතිරිව ඇති අත්පිටපතේ පැරණිතම පරිච්ඡේද 10 සිට 11 වැනි සියවස් පමණ කාලය තුළ රචනා කර ඇති බවයි.[5] දැනට ඉතිරිව ඇති ශිව පුරාණ අත්පිටපත්වල ඇතැම් පොත් සහ පරිච්ඡේද පසුව, සමහරක් 14 වැනි සියවසෙන් පසුව රචනා විය.[6]

19 වැනි සියවසේ ප්‍රකාශයට පත් කරන ලද බොම්බේ අත්පිටපත දුර්ලභ බවත්, නැගෙනහිර සහ දකුණු ඉන්දියාවෙන් ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් අනුවාදවලට වඩා පැරණි බවත් හස්රා ප්‍රකාශ කරයි.[7]

විවිධ අත්පිටපත්

සංස්කරණය

මෙම පාඨයේ ප්‍රතිනිර්මාණ කිහිපයක් පවතී. 1896 දී කල්කටාවේ වංගවාසි මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත් කරන ලද බොම්බේ 1884 අත්පිටපත් ප්‍රතිසංවිධානය සංහිතා හයකින් (කොටස්) සමන්විත වේ.[8]

# සංහිතා ආධ්‍යාය

(පරිච්ඡේද)

1 ඥාන සංහිතාව 78
2 විද්‍යේශ්වර සංහිතාව 16
3 කෛලාශ සංහිතාව 12
4 සනත්කුමාර සංහිතාව 59
5 වායවීය සංහිතාව:
1. පූර්වභාග
ii. උත්තරභාග

30
30
6 ධර්ම සංහිතාව 65
එකතුව: 290

කාෂි වල පණ්ඩිත පුස්තකාලය විසින් 1965 දී නැවත මුද්‍රණය කරන ලද 1906 දී ප්‍රකාශයට පත් කරන ලද ශිව පුරාණයේ දෙවන අත්පිටපත සංහිතා හතකින් සමන්විත වේ.

# සංහිතාව ආධ්‍යාය

(පරිච්ඡේද)

1 විද්‍යේශ්වර සංහිතාව 25
2 රුද්‍ර සංහිතාව:
i. ඍෂ්ටිඛණ්ඩ
ii. සතිඛණ්ඩ
iii. පාර්වතිඛණ්ඩ
iv. කුමාරඛණ්ඩ
v. යුද්ධඛණ්ඩ

20
43
55
20
59
3 ශතරුද්‍ර සංහිතාව 42
4 කෝටිරුද්‍ර සංහිතාව 43
5 උමා සංහිතාව 51
6 කෛලාස සංහිතාව 23
7 වායිවීය සංහිතාව:
i. පූර්වභාග
ii. උත්තරභාග

35
41
එකතුව: 457

විද්‍යේශ්වර සංහිතාවේ සහ වායවිය සංහිතාවේ පළමු පරිච්ඡේදවල දක්නට ලැබෙන ඡේදයකට අනුව මුල් ශිව පුරාණය සංහිතා දොළහකින් සමන්විත වූ අතර එයට නැතිවූ සංහිතා පහක් ඇතුළත් විය: වෛනායක සංහිතාව, මාත්‍රි සංහිතාව (හෝ මාතෘපුරාණ සංහිතාව), රුද්‍රයිකාදස සංහිතාව, සහස්‍රකෝටිරුද්‍ර සංහිතාව සහ ධර්ම සංහිතාව (හෝ ධර්මපුරාණ සංහිතාව). මෙම කොටස්වල ශ්ලෝක ගණන පහත පරිදි විය.

  1. විද්‍යේශ්වර සංහිතාව - 10,000
  2. රුද්‍ර සංහිතාව - 8,000
  3. වෛනායක සංහිතාව - 8,000
  4. උමා සංහිතාව - 8,000
  5. මාත්‍රි සංහිතාව - 8,000
  6. රුද්‍රයිකාදස සංහිතාව - 13,000
  7. කෛලාස සංහිතාව - 6,000
  8. ශතරුද්‍ර සංහිතාව - 3,000
  9. සහස්‍රකෝටිරුද්‍ර සංහිතාව - 11,000
  10. කෝටිරුද්‍ර සංහිතාව - 9,000
  11. වායිවීය සංහිතාව - 4,000
  12. ධර්ම සංහිතාව - 12,000

තවත් සංහිතා කිහිපයක් ද ශිව පුරාණයට ආරෝපණය කර ඇත. එනම් ඊශාන සංහිතාව, ඊශ්වර සංහිතාව, සූර්ය සංහිතාව, තීර්ථක්‍ෂේත්‍රමාහාත්‍ම්‍ය සංහිතාව සහ මානවී සංහිතාවයි.[8]

අන්තර්ගතය

සංස්කරණය

විග්නේශ සංහිතාව හෝ විද්‍යාසාර සංහිතාව ලෙසින්ද හඳුන්වනු ලබන විද්‍යේශ්වර සංහිතාව, සංස්කරණ දෙකෙහිම දිස්වන අතර, එය අනෙකුත් සමහර සංහිතාවල දක්නට ලැබෙන අතර, විශේෂයෙන්ම ලිංග නිරූපකය හරහා ශිවගේ ශ්‍රේෂ්ඨත්වය සහ භක්තිය විස්තර කිරීමට කැපවී ඇත.[7] මෙම කොටස ශෛව ආගම සහ තාන්ත්‍රික ග්‍රන්ථ යන දෙකම සඳහන් කිරීම සඳහා ද කැපී පෙනේ, නමුත් නිතර වේදයන් උපුටා දක්වමින් එම පාඨය වෛදික ඉගැන්වීමේ සහ වේදන්තයේ හරය බව ප්‍රකාශ කරයි.[7] ශිව පුරාණයේ විවිධ අනුවාදවල ඇති මෙම හවුල් සංහිතාවේ පරිච්ඡේදවල ඉන්දියාවේ භූගෝලය සහ උතුරු හා දකුණු ඉන්දියාවේ ගංගා පිළිබඳ විස්තරයක් බොහෝ විට සහ ඒකාකාරව ඇතුළත් වන අතර හස්රා පවසන්නේ මෙම කොටස උතුරු හෝ දකුණු ඉන්දියාවේ රචනා කර ඇත්ද යන්න මැන බැලීම දුෂ්කර බවයි.[7]

එක් අත්පිටපතක ඇති ඥානසම්හිතාව අනෙක් අත්පිටපතේ රුද්‍රසම්හිතාව සමඟ අන්තර්ගතයන් බෙදා ගනී, එහි විශ්ව විද්‍යාව සහ ඉතිහාසය ඉදිරිපත් කරයි, සහ එහි සගුණ සහ නිර්ගුණ ශිවත්වය පිළිබඳ සාකච්ඡා සඳහා කැපී පෙනේ.[9]

මෙම ශුද්ධ ලියවිල්ල දේවතාවියන් සහ දෙවිවරුන් පිළිබඳව සාකච්ඡා කරයි, විෂ්ණු සහ බ්‍රහ්මා ප්‍රශංසා කරන පරිච්ඡේදවල කොටස් මෙන්ම කෘෂ්ණ වැනි අවතාරවලට සම්බන්ධ ඒවා සඳහන් වේ.[10]

ශිව පුරාණය, ලිංග පුරාණය සහ අනෙකුත් ශෛවවාදය හා සම්බන්ධ පුරාණ වැනි ශෛව-අද්වෛත (ශෛව ධර්මය සමඟ මිශ්‍ර වූ අද්වෛත වේදාන්ත) දර්ශනය සඳහා පරිච්ඡේද වෙන් කරයි, එය මුක්සතිය සඳහා ක්‍රමයක් ලෙස ඉදිරිපත් කරයි.[11] මෙම ලියවිල්ල සත්චිතානන්ද බ්‍රහ්මන් ලෙසද, පුරුෂ සහ ස්ත්‍රී ශිව-ශක්ති ලෙසද, ද්විත්ව කොට සැලකීම අවිද්‍යාවේ ආකාරයක් ලෙසද ඉදිරිපත් කරයි.[12]

ආශ්‍රේයන්

සංස්කරණය
  1. ^ Arvind Sharma (2003). The Study of Hinduism. University of South Carolina Press. pp. 160–167. ISBN 978-1570034497.
  2. ^ Klaus K. Klostermaier (1984). Mythologies and Philosophies of Salvation in the Theistic Traditions of India. Wilfrid Laurier University Press. pp. 180, 263–264. ISBN 978-0-88920-158-3. Quote: Though the basic tenor of those sections of Shiva Purana is Advaitic, the theistic elements of bhakti, gurupasati and so forth are mixed with it.
  3. ^ Shastri, JL (1970). The Siva Purana. India: Motilal Banarasidass. pp. xiii.
  4. ^ JL Shastri 1950b.
  5. ^ Klostermaier 2007, පිටු අංකය: 503.
  6. ^ K P Gietz 1992, පිටු අංකය: 539 with note 2987.
  7. ^ a b c d Rocher 1986, පිටු අංකය: 223.
  8. ^ a b Rocher 1986, පිටු අංක: 222–228.
  9. ^ Rocher 1986, පිටු අංක: 223-224.
  10. ^ Rocher 1986, පිටු අංක: 225-226.
  11. ^ Klaus K. Klostermaier (1984). Mythologies and Philosophies of Salvation in the Theistic Traditions of India. Wilfrid Laurier University Press. pp. 179–180, 219, 233–234. ISBN 978-0-88920-158-3.
  12. ^ Klaus K. Klostermaier (1984). Mythologies and Philosophies of Salvation in the Theistic Traditions of India. Wilfrid Laurier University Press. pp. 179–180, 219, 233–234. ISBN 978-0-88920-158-3.
"https://si.wikipedia.org/w/index.php?title=ශිව_පුරාණය&oldid=730688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි