ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය

ශ්‍රේෂ්ඨ වානරයින්ගේ පුද්ගලභාවය යනු ශ්‍රේෂ්ඨ වානර කුලයට අයත් මිනිස් නොවන සමාජිකයන් (චිම්පන්සීන්, බොනෝබෝවන්, ගෝරිල්ලන් සහ ඔරං ඔටං) හට ද පුද්ගලභාවය සහ යම් නීතිමය ආරක්ෂාවන් ලබා දීම සඳහා වූ ව්‍යාපාරයකි.

හොමිනිඩේ ශ්‍රේෂ්ඨ වානර කුලයේ සාමාජික බොනෝබෝ වානර‍යන්

ප්‍රයිමේට්වරු පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් වන ජේන් ගුඩෝල් සහ ඩෝන් ප්‍රින්ස්-හියුස් ද, පරිණාමික ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් ද, දාර්ශනික පවෝලා කැවලරි සහ පීටර් සිඟර්, සහ නීති විශාරද ස්ටීවන් වයිස් ද මෙම ව්‍යාපාරයට සහය දක්වති.