ශ්‍රී ලංකා ව්‍යවස්ථාදායකයේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වෙතින් කොටස් වෙන්කර මෙම ලිපිය සමග ඒකාබද්ධ කිරීමට යෝජිතය. (සාකච්ඡාව) (June 2013) |
වර්තමාන ශ්‍රී ලංකා ප්‍රජාතන්තවාදි සමාජවාදි ජනරජයේ නිති සමිපාදනය කිරිමෙ ආයතනය හෙවත් ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුවයි. 1978 ව්‍යස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනරජයේ උත්තරීතර ආයතනයකි.
බ්‍රිතාන්‍ය ලංකාවේ ව්‍යවස්ථාදායක
සංස්කරණයව්යවස්ථාදාවක සභාව 1833- 1931
සංස්කරණයරාජ්ය සභාව 1931 - 1947
සංස්කරණයබ්රිතාන්ය ලංකාවේ සහ ලංකාවේ ව්‍යවස්ථාදායක
සංස්කරණයපාර්ලිමේන්තුව 1947 - 1972
සංස්කරණය1947 ව්‍යවස්ථාදායකය වන්නේ පාර්ලිමේන්තුව වන අතර එය ද්වි මාණ්ඩලික පාර්ලිමේන්තුවකි.එනම්
- නියෝජිත මන්ත්‍රි මණ්ඩලය
- සෙනෙට් සභාව
නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ මන්ත්‍රිවරු 101කි.ධූර කාලය වසරකි. 1947 ව්‍යවස්ථාදායකයේ ප්‍රථම මණ්ඩලය මෙයයි. මේ මන්ත්‍රිවරු අතර 95ක්ම සරල බහුතර නියෝජන ක්‍රමය යටතේ ජන්දයෙන් පත්වන අතර ඉතිරි 6 දෙනා සුලු ජාතිකයන් වෙනුවෙන් අගමැතිගේ උපදෙස් පරිදි අග්‍රාණ්ඩුකාරවරයා විසින් පත් කරනු ලබයි.සාමාන්‍ය පනත්,මුදල් පනත් මෙම මණ්ඩලයට සම්මත කළ හැකිය.මෙහි ආණ්ඩු පක්‍ෂයක් හා විපක්‍ෂයක්ද දක්නට ලැබුණි.නියොජිත මණ්ත්‍රි මණ්ඩලය තුළ ආණ්ඩු බලය හිමි වුයේ ආණ්ඩු පක්‍ෂයටයි.ආණ්ඩු පක්‍ෂය තුළ අගමැතිවරයා,සභානායකවරයා,කැබිනට් ඇමතිවරු.අනෙක් ඇමතිවරු,ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු අසුන් ගත්හ. 1947 පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා වන්නේ ෆැරැන්සිස් මොලමුරේ මහතාය.1947 පාර්ලිමේන්තුවේ ප්‍රථම අගමැතිවරයා ඩී.එස්. සේනානායක මහතාය.විපක්ෂ කායකවරයා වුයේ ලංකා සම සමාජ පක්‍ෂයේ නායක ඇන්.එම්.පෙරේරා මහතාය.මේ අනුව 1947 පාර්ලිමේන්තුව තුළ ප්‍රථම මණ්ඩලය වු නියෝජිත මන්ත්‍රි මණ්ඩලය වැඩි බලයක් භුක්ති විදින ලදි.මෙහි දෙවන මණ්ඩලයවුයේ සෙනෙට් සභාවයි.එහ් සමාජික සංඛාව 30 කි.අගමැතිගේ උපදෙස් පරිදි ග්‍රණ්ඩුකාරයා විසින් සුළු ජාතිකයන් 15 දෙනෙකු පත් කළේය.ඉතිරි 15 දෙනා දේශපාලකයට අකමැති සාමාජ සේවයට කැමති පිරිස් වෙනුවෙන් නියෝජිත මන්ත්‍රි මණ්ඩලයෙන් මන්ත්‍රිවරැන් ගේ කැමත්තෙන් පත් වුණි.විශේෂයෙන්ම අධිකරණ අමැතිකරයා පත්වුයේ සෙනෙට් සභාවනි.මේ අනුව 1947 පාර්ලිමේන්තුවේ දෙවන මණ්ඩලය වූ සෙනෙට් සභාවට වඩා පළමු මණ්ඩලය වූ නියෝජිත මන්ත්‍රි මණ්ඩලය වැඩි වරප්‍රසාද හා බලතල භුක්ත් විදින බව පෙනේ.