ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය, වයස අවුරුදු 18 ට වැඩි, අවශ්‍ය මූලික සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින් සඳහා උසස් අධ්‍යාපන වරම් ලබාදීම සඳහා පිහිටුවා ඇති ආයතනයකි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 7 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 6353 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [1]
පිහිටුවන ලද්දේ | 1978 |
---|---|
වර්ගය | පොදු |
කුලපති | සෑම් විජේසිංහ |
උපකුලපති | ආචාර්ය විජිත නානායක්කාර |
ශිෂ්‍යයන් | 24,697 [1] |
පිහිටීම | නාවල, නුගේගොඩ, ශ්‍රී ලංකාව |
වෙබ් පිටුව | http://www.ou.ac.lk/ |
ආරම්භයසංස්කරණය
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා ගේ අදහසක් අනුව 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය 1978 දි ආරම්භය කරන ලදි.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්යාලයසංස්කරණය
ශ්‍රී ලංකාව තුල, විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල ආයතන සඳහා ප්‍රතිපාදන සැපයීම, ඒවා සඳහා සිසුන් ඇතුළත් කිරීමේදී මධ්‍යගත ආයතනයක් ලෙස ක්‍රියා කිරීම, විශ්වවිද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කටයුතු නියමිත තත්වයෙහි පවත්වාගෙන යෑම අරභයා අදාල කටයුතු සැලසුම, සම්බන්ධීකරණය හා විමර්ෂනය මෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම ඈ කටයුතු සිදුකෙරෙනුයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගිනි. එමගින් පාලනය වන ජාතික විශ්වවිද්‍යාල අතරින් සාම්ප්‍රදායික අධ්‍යාපන රටාවෙන් බැහැරව ක්‍රියාත්මක වන එකම විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයයි .මෙහි අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ මූලිකවම දුරස්ථ හා විවෘත ආකෘතිය යටතේය. වර්තමානය (2008) වන විට දිවයින පූරා පිහිටුවා ඇති අධ්‍යයන මධ්‍යස්ථාන 22 ක් මූලික කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙහි ප්‍රධාන මණ්ඩපය නාවල-නුගේගොඩ පිහිටා ඇත.
පීඨසංස්කරණය
1.ඉංජිනේරු තාක්ෂණ පීඨය
2.ස්වභාවික විද්‍යා පීඨය
3.මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
4.අධ්‍යාපන පීඨය
අංශසංස්කරණය
ශිෂ්‍ය සංගමයසංස්කරණය
විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය පීඨ ශිෂ්‍ය සංගම් හතරකින් සමන්විත වන අතර විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍ය අයිතීන් හා ශිෂ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් පෙනී සිටියි. එමෙන්ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය ව්‍යාපාරයන් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වෙයි.
මේවාද බලන්නසංස්කරණය
- ආචාර්ය නිශ්ශංක විජයරත්න
ආශ්‍රිතසංස්කරණය
- ↑ http://www.lankauniversity-news.com/2015/04/sri-lanka-university-ranking-2015-2016.html ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වර්ගීකරණය 2015