ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය
SLIPS ලෙස පොදුවේ හැඳින්වෙන ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය යනු පරිගණක භාවිතා කරමින් බැංකු අතර සිදුවන ගණුදෙනු පියවීම් පද්ධතිය යි
ගොනුව:SLIPS logo.png | |
මූලස්ථානය | Colombo, Sri Lanka |
---|---|
කර්මාන්තය | Finance |
නිෂ්පාදිතයන් | Financial services |
හිමිකරු(වන්) | LankaClear (Pvt) Ltd |
වෙබ්අඩවිය | lankaclear.lk |
අයිතිය - සීමාසහිත ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම
පවත්වාගෙන යාම - ශ්‍රී ලංකා මහ බැංකුව
මංගත නො වන අඩු වටිනාකමක් ඇති අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස 1993 වර්ෂයේ දී මහ බැංකුව විසින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හඳුන්වා දෙනු ලැබී ය. ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම පිහිටුවීමත් සමඟ, 2002 වසරේ දී ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියේ මෙහෙයුම් කටයුතු ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම වෙත පවරන ලදි. පූර්ව අනුමැතියක් සහිත අඩු වටිනාකමක් ඇති ගෙවීම් (සෘජු හර සහ බැර පැවරුම්) ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හරහා සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, 2010 වසරේදී, T+0 පදනම මත ගනුදෙනු පියවීමට පහසුකම් සැලසීම සඳහා මංගත අන්තර් බැංකු ගෙවීම් පද්ධතියක් ලෙස වැඩි දියුණු කරන ලදි. බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් පදනම මත විද්‍යුත් මාධ්‍යයන් මෙහි ගනුදෙනු නිෂ්කාශනය කරයි. සෑම ව්‍යාපාරික දිනක දී ම දෙ වරක් තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධති ගනුදෙනුවලට අදාළ අන්තර් බැංකු ශුද්ධ ශේෂයන් පියවනු ලබයි.[1]
බැංකු කේතය | බැංකුවේ නම |
---|---|
7010 | ලංකා බැංකුව |
7038 | Standard Chartered |
7047 | Citibank |
7056 | කොමර්ෂල් බැංකුව |
7074 | හබීබ් බැංකුව |
7083 | හැටන් නැෂනල් බැංකුව |
7092 | එච්එස්බීසී |
7108 | ඉන්දියානු බැංකුව |
7117 | ඉන්දියානු විදේශ බැංකුව |
7135 | මහජන බැංකුව |
7144 | ඉන්දියානු රාජ්ය බැංකුව |
7162 | නේෂන්ස් ට්‍රස්ට් බැංකුව |
7205 | ඩොයිෂ් බැංකුව |
7214 | ජාතික සංවර්ධන බැංකුව |
7269 | එම්සීබී බැංකුව |
7278 | සම්පත් බැංකුව |
7287 | සෙලාන් බැංකුව |
7296 | මහජන බැංකුව |
7302 | කොළඹ යුනියන් බැංකුව |
7311 | පෑන් ඒෂියා බැංකු සංස්ථාව |
7384 | ICICI බැංකුව |
7454 | ඩීඑෆ්සීසී වර්ධන බැංකුව |
7463 | අමානා බැංකුව |
7472 | ඇක්සිස් බැංකුව |
7481 | කාගිල්ස් බැංකුව |
7719 | ජාතික ඉතිරි කිරීමේ බැංකුව |
7728 | සණස සංවර්ධන බැංකුව |
7737 | HDFC බැංකුව |
7746 | පුරවැසි සංවර්ධන ව්‍යාපාර මූල්‍ය පීඑල්සී |
7755 | ප්‍රාදේශීය සංවර්ධන බැංකුව |
7764 | රාජ්ය උකස් හා ආයෝඡන බැංකුව |
7773 | එල්බී ෆිනෑන්ස් |
7782 | සෙංකඩගල ෆිනෑන්ස් |
7807 | වාණිජ ලීසිං සහ මුල්‍ය |
7816 | වැලිබල් ෆිනෑන්ස් |
7825 | Central Finance |
7834 | කැන්රිච් ෆිනෑන්ස් |
7861 | ලංකා ඔරික්ස් ෆිනෑන්ස් |
8004 | ශ්‍රී ලංකා මහ බැංකුව |
මේවා ද බලන්න
සංස්කරණයReferences
සංස්කරණය- ^ "ගෙවීම් හා පියවීම් පද්ධතිය | Central Bank of Sri Lanka". www.cbsl.gov.lk.