ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය

ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය යනු දැනට ලංකාවේ චාරිත්‍රානුකූල කාණ්ඩයේ නීති ඝනයට අයත් වන්නා වූත්, උපතින් හෝ සද්භාවයෙන් ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලාංකිකයන්ට බලපවත්නා නීතියයි. අනෙත් චාරිත්‍රානුකූල නීතින් වන්නේ උඩරට නීතිය සහ තේසවලමෙයි නීතියයි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් නීතිය මඟින් වෛවාහක, දික්කසාද, භාරකාරත්වය සහ නඩත්තු කටයුතු පිලිබඳව බලපැවැත්වෙන අතර මෙම නීති 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ සහ දික්කසාද පිලිබඳ පනතෙන්, 1931 අංක 10 දරන මුස්ලිම් දේපල භාරකාරත්වය පිලිබඳ ආඥා පනතෙන් සහ 1956 අංක 51 දරන මුස්ලිම් දේවස්ථාන, අසරණ සරණ අරමුදල් භාරකාර අරමුදල් නොහොත් වකුෆ් පනතෙන් යන පනත් වලින් ආවරනය වේ.[1]

විවේචනසංස්කරණය

අඩු වයස් විවාහසංස්කරණය

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව වයස අවුරුදු 18ට අඩු දැරියන් විවාහ කර ගැනීම සාමාන්‍ය නීතියට අනුව වරදක් වුවත්, මුස්ලිම් විවාහ නීතියට එය අදාල නොවේ. අවුරුදු 12,14 තරම් කුඩා දැරියන් විවාහ කරවීම් පවා මේ හරහා වාර්ථා වී ඇත. [2]

බහු භාර්යා විවාහසංස්කරණය

1951 මුස්ලිම් වෛවාහක සහ දික්කසාද ආඥා පනතේ අංක 24(1) - 24(4) පරිච්ඡේද අනුව මුස්ලිම් පිරිමි අයට බහු විවාහ සඳහා අවසර ඇත. ඒ අනුව එක් පිරිමි පුද්ගලයෙක්ට උපරිම වශයෙන් කාන්තාවන් 4 දෙනෙක් විවාහ කර ගත හැකිය. ඒ සඳහා ඔහු ඒ කාන්තාවන්ට සමානව සලකන බවට ප්‍රතිඥා දිය යුතුය. [3]

පුරුශයාගේ තනි කැමැත්තෙන් දික්කසාද කල හැකි වීමසංස්කරණය

විවාහක පිරිමියාට කාති උසාවියකදී තමන්ගේ තනි කැමැත්තෙන් භාර්යාවන් දික්කසාද කල හැකිය. මෙහිදී පුරුශයා විසින් කාති විනිසුරු හමුවේ බිරිඳගේ නම පවසා තුන් වරක් "තලාක්" කීමෙන් නීත්‍යානුකූල දික්කසාදය පුරුශයාට හිමිවේ.[4]එහිදී කාන්තාවන්ට කිසිම දේපල උරුමයක් හෝ නඩත්තු වන්දි පවා හිමි නොවේ. [5]

මූලාශ්‍රසංස්කරණය

  1. "Muslim Law in Sri Lanka".
  2. The wounded victims of Sri Lanka's child marriage law
  3. Muslim personal law and women
  4. [1]
  5. [2]