ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙම ලැයිස්තුවෙහි දක්වන්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය අනතුරු ලැයිස්තුව වේ. මෙහි ලැයිස්තුගත කර ඇති ප්‍රධාන අනතුරුවලට අමතරව, වෙනත් ආකාරයේ දුම්රිය අනතුරු සිදුවීම සාමාන්‍යයෙන් සිදුවේ. ඒ අතුරින් දිවයිනේ උතුරුමැද පළාතෙහි මූලික වශයෙන් සිදුවන, හස්තීන් දුම්රියෙහි ගැටීම නිසා සිදුවන අනතුරු සහ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයන්හීදී රථවාහන හෝ පුද්ගලයින් දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු ප්‍රධාන වේ.

1900 සියවස

සංස්කරණය
  • 1928 කටුකුරුන්ද දුම්රිය අනතුර - 1928 මාර්තු 12 වන දින කටුකුරුන්දේදී මගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය. අනතුර හේතුවෙන් පුද්ගලයෝ 28 දෙනෙකු මරණයට පත්විය.
  • 1964 මීරිගම දුම්රිය අනතුර - 1964 මාර්තු 18 වන දින මීරිගමදී, මගී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් මෙම අනතුර සිදුවිය. අනතුරින් පුද්ගලයෝ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.[1]
  • 1985 යාල්දේවී දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1985 ජනවාරි 19 වන දිනදී, එල්ටීටීඊය විසින් දුම්රියෙහි අටවා තිබූ බෝම්බයක් පිපිරි යාමෙන් මෙම අනතුර සිදුවිය. බෝම්බ පිපිරීමෙන් පුද්ගලයෝ 11 දෙනෙකු ඝාතනයට ලක්විය.
  • 1985 දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1985 වසරේ ඔක්තෝම්බරයේදී එල්ටීටීඊය විසින්, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහණ දුම්රියකට එල්ල කල බෝම්බ ප්‍රහාරයෙන් M2 වර්ගයට අයත් අංක. 571 දුම්රිය එන්ජිමක් විනාශයට පත්විය.
  • 1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1996 ජූලි 24 වන දින එල්ටීටීඊය විසින් අංක 764 දරණ කාර්යාල මගී දුම්රියෙහි ස්ථාන හතරක ටවා තිබූ බෝම්බ 4 ක් දෙහිවලදී පුපුරා යාමෙන් මෙම අනතුර සිදුවිය. බෝම්බ ප්‍රහාරය නිසා සිවිල් වැසියෝ 64 දෙනෙකු ඝාතනයට ලක්විය.
  • 1996 දුම්රිය බෝම්බ ප්‍රහාරය - 1996 දෙසැම්බර් 4 වන දිනදී එල්ටීටීඊය විසින්, ත්‍රිකුණාමලය දුම්රිය මාර්ගයේ ධාවනය වූ M6 වර්ගයට අයත් අංක. 7981 දුම්රිය විනාශයට පත්විය.

2000 සියවස

සංස්කරණය
 
සුනාමි දුම්රිය අනතුර
  • 2001 අලව්ව දුම්රිය අනතුර - 2001 අගෝස්තු 19වන දින අලව්වේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
  • 2002 රඹුක්කන දුම්රිය අනතුර - 2002 ජනවාරියේදී සිදුවූ මෙම දුම්රිය අනතුරින් පුද්ගලයෝ 15දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් පැවති නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් රඹුක්කනදී පීලිපැනීම නිසා අනතුර සිදුවිය.
  • 2002 අලව්ව දුම්රිය අනතුර - 2002 ජූනි 13වන දින අලව්ව දුම්රිය ස්ථානයට පැමිණෙමින් තිබූ දුම්රිය පීලිපැනීම නිසා, පුද්ගලයෝ 14ක් මරණයට පත්විය.
  • 2004 ශ්‍රී ලංකා සුනාමි-දුම්රිය ව්‍යසනය - ස්වභාවික ව්‍යසනයක් හා සබැඳි, දුම්රිය ඉතිහාසයේ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව සහිත සිදුවීම ලෙස සැළකෙන මෙම දුම්රිය අනතුර, 2004 වසරේ දෙසැම්බර් 26 වැනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා මුහුදේ ඇතිවූ භූමිකම්පාවක් නිසා හටගත් සුනාමි රළ පහර හේතුවෙන් සිදුවිය. [2]
  • 2011 අලව්ව දුම්රිය අනතුර - 2011 සැප්තැම්බර් 17 වන දින, පුද්ගලයින් 5 දෙනෙකුට මරුකැඳවමින් සිදුවිය. අලව්ව දුම්රිය ස්ථානය අසලදී මගී දුම්රිය දෙකක් ගැටීමෙන් අනතුර සිදුවිය.[3]
  • 2012 වේයන්ගොඩ දුම්රිය අනතුර - 2012 මැයි 17වන දින වදුරව හා කීනවල දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී, නවත්වා තිබූ දුම්රියක තවත් දුම්රියක් ගැටිමෙන් මෙම අනතුර සිදුවිය.[4]
  • 2014 පොතුහැර දුම්රිය අනතුර - 2014 අප්‍රේල් 30වන දිනදී නගරාන්තර සීඝ්‍රගාමී රජරට රැජිණ දුම්රිය පොතුහැර ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයෝ 68දෙනෙකු තුවාල ලැබීය.[5]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "රේල් වේ මියුසියම් ඔෆ් ශ්‍රී ලංකා". සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2011.
  2. ^ "ඩේලි මිරර් අන්තර්ජාල කලාපය". 26 දෙසැම්බර් 2008.
  3. ^ "ඩෙත් ටෝල් ඉන් අලව්ව ට්‍රේන් ඇක්සිඩන්ට් රයිසස් ටු 5". 18 සැප්තැම්බර් 2011.
  4. ^ "ට්‍රෙන්ස් කොලයිඩ් බන් වේයන්ගොඩ". නිව්ස් ෆස්ට්. 18 මැයි 2012.[permanent dead link]
  5. ^ "68 ඉන්ජර්ඩ් ඉන් ට්‍රෙන් ඇක්සිඩන්ට්". ඩේලි මිරර්. සම්ප්‍රවේශය 2 මැයි 2014.