කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
කළුතර වස්කඩුබැද්ද දෙල්දූව ගනේවත්තේ පුරාණ විහාරය 4-499 1986.04.25
කළුතර උග්ගල්බඩ උග්ගල්බඩ විහාරය මල් ආසන දේවාල ගොඩනැගිල්ල 1264 2002.11.22
කළුතර කොරොස්දූව කොරොස්දූව විවේකාරාම විහාරය පැරණ සිතුවම් සහිත විහාර ගෙය 1264 2002.11.22
කළුතර 633 වෙහෙරවත්ත වෙහෙරවත්ත විහාරය පැරණි විහාර ගෙය හා සංකේත කෙටූ ගල 1264 2002.11.22
කළුතර වස්කඩුව සුභූති විහාරය වස්කඩුවේ ශ්‍රී සුභූති හිමි උපන්ගෙය හා පැරණි සීමා මාලකය 1264 2002.11.22
කළුතර වාද්දුව වාද්දුව විවේකාරාම විහාරය පැරණි විහාර ගෙය 1264 2002.11.22
කළුතර උතුරු කළුතර පුලිනතලාරාම විහාරය පැරණි විහාර ගෙය 1264 2002.11.22
කළුතර 717 උතුරු කළුතර ගංගාතිලක දේවාලය කෝවිල වත්ත 1553 2008.06.06
කළුතර 717 ඩී නීගෝධාරාම විහාරය ප්‍රථිමා ගෘහයේ පැරණි සිතුවම් සහිත කොටස 1553 2008.06.06
කළුතර දකුණු කළුතර මහාධිකරණ විනිසුරු නිල නිවාසය 1401 2005.07.08
කළුතර නැගෙනහිර ඈතගම සුමනාරාම මහා විහාරය පැරණි විහාර ගෙය 1401 2005.07.08
මතුගම ඕවිටිගල ඕවිටිගල සුනන්දාරාම විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
බණ්ඩාරගම රඹුක්කන රඹුක්කන රජ මහා විහාරය පැරණි ගල් ආසන දෙක හා අවශේෂ 14803 1968.05.24
බණ්ඩාරගම රයිගම පැරණි ගල් කැටයම් හා පතහ පතහවත්ත ඉඩම 14789 1968.02.1
බණ්ඩාරගම වීදියගොඩ වීදියගොඩ රජ මහා විහාරය පත්තිනි, නාථ දේවාල හා ප්‍රධාන මාවත අසල රිට්ටා ගෙය 1264 2002.11.22
හොරණ හොරණ හොරණ රජ මහා විහාරය පැරණි ගල් කැටයම් 14789 1968.02.16
හොරණ පොකුණුවිට පොකුණුවිට රජ මහා විහාරය සෙල්ලිපි සහිත ගල 12136 1960.05.12
අගලවත්ත පැලෑද වීදිය බණ්ඩාර කුමරුගේ මාළිග නටඹුන් ඉඹුල්ගහවත්ත ගොඩැල්ල වත්ත පිටකැට්ටිය ඉඩම 9886 1948.07.16
අගලවත්ත අගලවත්ත අගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන් විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
අගලවත්ත හල්වල පවුරේකන්ද පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1505 2007.07.06
කළුතර වරකාගොඩ ගනේ උඩ විහාරය, වරකාගොඩ පැරණි ගල් කණු 9282 1994.06.16
මදුරාවල වරකාගොඩ ගල්ලෙන් රජ මහා විහාරය, වරකාගොඩ පැරණි ලෙන හා දේවාල කුටිය 1264 2002.11.22
මදුරාවල 816 වරකාගොඩ (බටහිර) වරකාගොඩ පැරණි දාගැබ වෙහෙරගොඩැල්ල වත්ත 1553 2008.06.06
මදුරාවල හල්තොට කෙසෙල් හේනාව පුරාණ විහාරය පැරණි විහාර ගෙය 1264 2002.11.22
කළුතර අංක 723 ඊ පලාතොට පැරණි වෙඩි බෙහෙත් ගබඩාව 1486 2007.02.23
බේරුවල පයාගල පයාගල මූල මහා විහාරය පැරණි ආවාස ගෙය, පැරණි ධර්ම ශාලාව, අඹගහවත්තේ නායක හිමියන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ඇති සෙහොන 1401 2005.07.08
බේරුවල මැටියමුල්ල පයාගල පයාගල ස්වර්ණාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1723 2011.09.09
බේරුවල මස්සල සපුගොඩ ශ්‍රී මහා විහාරය පැරණි විහාර ගෙය 1401 2005.07.08
බේරුවල මාගල්කන්ද පරම චේතියාරාම විහාරය පැරණි සිතුවම් සහිත දේවාලය 1401 2005.07.08
බේරුවල කළුවාමෝදර කළ්‍යාණරාම පුරාණ විහාරය කිරිගරුඩ පිළිමය සහිත ගොඩනැගිල්ල 1401 2005.07.08
බේරුවල පොතුවිල වෙහෙරකන්ද පුරාණ විහාරය පිළිමගෙය, පැරණි පොකුණු, භාවනා කුටිය හා දාගැබ 1401 2005.07.08
පානදුර ගොරකාන දකුණ පුරාණ කන්දේ විහාරය පැරණි වාහල්කඩ, පොහොය ගෙය, ධර්ම ශාලාව, ආවාස ගෙය, පිළිම ගෙය, දාගැබ, කැටයම් සහිත කැසිකිලි ගෘහය 1401 2005.07.08
පානදුර 686 බී පට්ටිය දකුණ පානදුර රන්කොත් විහාරය, පානදුර පැරණි පිළිම ගෙය 1553 2008.06.06
බුලත්සිංහල 817 ඒ පහළ කුඩලිගම කුඩලිගම ශ්‍රී විෂ්ණු පත්තනි දේවාලය බුලත්වතු පර්වතයේ උතුරු දෙසින් පිහිටි 1459 2006.08.18
බුලත්සිංහල 817 ඒ පහළ කුඩලිගම බුලත්වතු කන්ද බුලත්වතු පර්වතයේ පිහිටි පාදම් කණු වලවල් සහිත ගොඩනැගිලි අවශේෂ සහිත ස්ථානය 1505 2007.07.06
බුලත්සිංහල 821 බුලත්සිංහල (දකුණ) දේවමිත්තාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1586 2009.01.23
ඉංගිරිය ඇඳුරාගල ඇඳුරාගල ප්‍රාග් ඓතිහාසික සාධක සහිත මැදිකන්ද ගල්ලෙන 1586 2009.01.23
මිල්ලනිය 844/බී දික්හේන පරගස්තොට ශ්‍රී සුදර්ශනාරාම විහාරය, පරගස්තොට ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව 1586 2009.01.23