ශ්‍රී ලංකාවේ අපරාධ

අපරාධ ශ්‍රී ලංකාව තුළ නේකවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වේ. අපරාධ පුළුල් වර්ගීකරණයන් දෙකකට ලක් කරයි: ඒ ඉතා බරපතල අපරාධ (නඩු පැවරිය හැකි අධිචෝදනීය අපරාධ) හා සුළු අපරාධ (අධිචෝදනීය නො වන) ලෙස යි. අපරාධවලට වගකීමට සිදු නො වීම බලාත්කාරකම, උන්මාදය, සුරාමදය, ඇවැසියාව හා පුද්ගල ආත්මාරක්‍ෂාව යටතේ සළකා බැලේ. අපරාධයකට දඬුවම් දීමේ දී විකල්ප කිහිපයක් ම ඇත: ඒවා සමාජ සේවය, දඩය, දේපල අයිතිය අහිමි කිරීම, සිරගත කිරීම, සංස්ථායික පිළියම, පරිවාස භාරය, අත්හිටවූ සිරදඞුවම, කසපහර දීම හා මරණ දණ්ඩණය වෙති;[1] මරණ දණ්ඩණය රටෙහි පැනවීමට හැකිමුත්, 1976සිට සත්‍ය වශයෙන් ම ක්‍රියාත්මක වන්නේ නැත.[2]

කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි ව වන අපරාධ සංස්කරණය

ශ්‍රී ලංකාව තුළ ගණිකා ව්‍යාපාර ක්‍රියාත්මක වන අතර, මෙම වෙළඳාමේ ප්‍රධාන පාරිභෝගිකයෝ විදේශික සංචාරකයෝ ය.[3] කෙසේ නමුත්, ගණිකා ජාවාරම හා සැපයීම වැනි ගණිකා වෘත්තියට සම්බන්ධ ක්‍රියා නීති විරෝධී ලෙස සැළකේ. අසල්වැසි රටවලට සාපේක්‍ෂ ව ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාවේ එතරම් ම බරපතල ගැටලුවක් බවට පත් වී නොමැත.[4]

ළමා හා ළදරු ජාවාරම ශ්‍රී ලංකාවේ පවතී. මෙම ජාවාරමට ලක්වන බොහොමයක් දරුවන් හට අසාධාරණ හා අමානුෂික ලෙස සළකා අසැබි චිත්‍ර්‍රපට නළුවන් හා ලිංගික වහලුන් බවට පත් කරගනු ලැබේ. දරුවන්ට එරෙහි ව සිදුකරන ලිංගික අපරාධ වලට විදේශිකයන් සිරගත නො කෙරේ.[5][6][7][8][9]

දූෂණය හා වංචාව සංස්කරණය

දූෂණය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත ව පවතී. Lanka Standardහි ලක්‍ෂ්මන් ඉන්‍ද්‍රනාත් කීර්තිසිංහ මහතා විසින් ශ්‍රී ලංකාව "ලෝකයේ දූෂිත ම/වංචනික ම රටක්" බව පවසා ඇත. වරදකරුවන්ගේ අපරාධ නඩු අත්හැර දැමීම සඳහා නීතිය බලාත්මක කරන්නන් විසින් අල්ලස් ගත් අවස්ථා තිබේ. දූෂිතබව අඩු කිරීමට රජය විසින් යම් යම් උත්සාහයන් දරන අතර දූෂිත වංචනිකයන්ගෙන් අතලොස්සක් අත්අඩංගුවට ගෙන නිසි අයුරින් චෝදනා නිකුත් කර ඇත.[10]

අල්ලස් හා දූෂණ ශ්‍රී ලංකා රජයට අති විශාල වියදමක් ලෙස සළකනු ලැබේ.[11] එය විදේශීය ආයෝජන වලට දැඩි ලෙස බලපෑමක් ඇති කරන බව නො පෙනුණ ද, රේගු අනුමතිය හා යම් පාරිභෝගික භාණ්ඩ හොරෙන් ගෙන යාම යන සිද්ධින්ට අළලා දූෂිත ස්වභාවය දැඩි ලෙස ගැටලු සහගත තත්ත්වයකට පත් ව ඇත.[12]

විමර්‍ශනය සංස්කරණය

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්‍තමේන්තුවේ අපරාධ අංශය සතු ව ශාඛා කිහිපයක් ඇත. එහි මූලික ම පරමාර්ථය වන්නේ සියලු ආකාර අපරාධයන්ගෙන් රට ආරක්‍ෂා කර ගැනීම යි. එමඟින් සිවිල් හා හමුදා බලකායයන් හා එක් වී අපරාධකරුවන් නීතියට හසු කර ගැනීමට හා පශ්චාත් අපරාධ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට හැකියාව ඇත.[13] මෙම දෙපාර්‍තමේන්තුවට 2002දී ස්ථාපිත කළ පොලිස් මානව හිමිකම් අංශය ද අයත් වන අතර මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්‍ශනයට හා වැළැක්වීමට විධිනියෝගයක් පනවා ඇත.[14]

මේවාත් බලන්න සංස්කරණය

ශ්‍රී ලංකාවෙ ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුවල අවසන් අදියරෙහිදී මානව හිමිකම් කඩකල බවට චෝදනාකිරීම

යොමු සංස්කරණය

  1. Newman, Graeme R. (30 October 2010). Crime and Punishment around the World: [Four Volumes]. ABC-CLIO. pp. 21–. ISBN 978-0-313-35134-1. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  2. Ghosh, Palash (April 26, 2013). "Despite Wave Of Violent Crime, Sri Lanka Remains Wary About Death Penalty". International Business Times. සම්ප්‍රවේශය 12 June 2013.
  3. Encyclopedia of Prostitution and Sex Work. Greenwood. pp. 452–. ISBN 9780313329685. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  4. {{cite web}}: Empty citation (help)
  5. "Sex tourists prey on Sri Lanka's children: Beach resorts are hunting-grounds for European child abusers and pornographic video makers. Tim McGirk reports from Colombo". Independent. London. 1994-01-19. සම්ප්‍රවේශය 2012-04-10.
  6. "UN targets Lanka child sex trade". BBC. 2006-07-20. සම්ප්‍රවේශය 2012-04-10.
  7. "Sri Lanka to eliminate child sex tourism". Shanghai Daily. සම්ප්‍රවේශය 2012-04-10.
  8. "Child sex tourism spreading in Asia". CNN. 2008-10-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2012-04-10.
  9. "Child exploitation not new to stricken region". CNN. සම්ප්‍රවේශය 2012-04-10.
  10. {{cite web}}: Empty citation (help)
  11. {{cite web}}: Empty citation (help)
  12. International Business Publications, USA (1 January 2012). Sri Lanka Business Law Handbook: Strategic Information and Laws. International Business Publications. pp. 98–. ISBN 978-1-4387-7107-6. {{cite book}}: |last= has generic name (help); More than one of |ISBN= and |isbn= specified (help); More than one of |author= and |last= specified (help)[permanent dead link]
  13. {{cite web}}: Empty citation (help)
  14. {{cite web}}: Empty citation (help)
"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_අපරාධ&oldid=593503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි