ශකීරා ඉසබෙල් මෙබ්‍රැක් රයිපූල් 1977 පෙබරවාරි 2 දින [2] කොලොම්බියාවේ උපත ලැබූ කොලොම්බියානු ගායිකාවකි. මීට අමතරව ඇය ගී රචකයෙක්, නර්තන ශිල්පිනියක්, නිරූපිකාවක් ලෙස ලෝකයේම ජනප්‍රියත්වයට පත්ව ඇත. " ලතින් පොප් රැජින ", " අවිවාදිත නැටුම් රැජින ", " සටන් වදින්න රැජින ", " සමාජ මාධ්‍ය රැජින ", " ෆේස්බුක් රැජින " හා " ලෝක කුසලාන රැජින ලෙස බොහෝ ගෞරවාර්ථයෙන් කෙටි නම් වලින් ඇය ජනප්‍රිය වී ඇත. ඇය බැරන්ක්වීලාවේ උපත ලබා පාසලෙන් තම ලතින්, අරාබි, සහ රොක් ඇන්ඩ් රෝල් ගායන කුසලතාවයන් සහ බෙලී නැටුම් සඳහා දක්ෂකම් පෙන්වූවාය. ශකීරා තම පලමු ගීත ඇල්බම වන මැගියා සහ පෙලිග්‍රෝ 1990 මුල් අවදියේදී නිකුත් කල නමුත් ඒවා ඇයව ජනප්‍රිය තලයකට ගෙන ඒමට තරම් සාර්ථක වූයේ නැත. කෙසේ හෝ ඇය තම ලතින් ඇමරිකන් මංගලාවතරනය තම 1996 පියෙස් ඩෙස්කල්සොස් ඇල්බමය සහ ඇයගේ සිව් වන ඇල්බමය වන , Dónde Están los Ladrones? මගින් සිදුකලාය.

ශකීරා
ශකීරා 2014
උපත
ශකීරා ඉසබෙල් මෙබ්‍රැක් රයිපූල්

නිවහනබාසිලෝනා, ස්පාඤ්ඤ
ජාතිකත්වයකොලොම්බියන් ජාතික
රැකියාව
  • ගායක
  • ගී රචක
  • ගී පටිගත කිරීම් නිශ්පාදක
  • නර්තන ශිල්පිනි
  • සමාජසේවක
සක්‍රීය වසර1990–අද
සහකරුවා(වන්)ජෙරන්ඩ් පිකේ (2010–අද
දරුවන්2
සංගීත වෘත්තිය
ප්‍රභේද
වාද්‍ය භාණ්ඩ
  • Vocals
  • guitar
  • drums
  • percussion
  • harmonica[1]
ලේබල
වෙබ් අඩවියshakira.com

ශකීරා තම පස් වන ඇල්බමය වන ලොන්ඩ්‍රි සර්විස් මගින් ඉංග්‍රීසි වෙලදපල ආක්‍රමනය කිරීම ආරම්භ කලාය. එහි, "වෙන් එවර්, වෙයාරෙවර්", ගීතය 2002 වසරේ වැඩිපුරම මිලදී ගත් ගීතය විය. ඇයගේ ජනප්‍රියත්වය තවදුරත් ඇයගේ Fijación Oral, පලමු වෙලුම සහ Oral Fixation, දෙවන වෙලුම (2005) මගින්ද 21ක් වන සියවසේ ජනප්‍රියම ගීතය වූ "හිප්ස් ඩෝන්ට් ලයි" ගීතය මගින් තහවුරු විය. ශකීරාගේ අට වන සහ නව වන ඇල්බම වන ශී වුල්ෆ් (2009) සහ Sale el Sol (2010), අති මහත් පැසසුමක් ලැබූ නමුත් ඇයගේ එපික් රෙකෝඩ්ස් ආයතනය සමග පැවති ගිවිසුම් නිසා ලැබුනු අඩු ප්‍රචාරය නිසා ඇය තරමක අපහසුතාවලට ලක් විය.ඇයගේ 2010 ෆිෆා ලෝක කුසලානය සඳහා ඉදිරිපත් කල "වකා වකා (දිස් ටයිම් ෆෝ ඇෆ්රිකා)" එම වකවානුවේදී වැඩිම ආදායම් ලද ලෝක කුසලාන ගීතය බවට පත් විය. මිලියන 950කට වැඩි දර්ශන වාර ප්‍රමාණයක් සමගින් එහි වීඩියෝව යූ ටියුබ් වෙබ් අඩවියේ නව වැනි වැඩිම දර්ශන වාර ප්‍රමාණයක් සහිත වීඩියෝව බවට පත් විය. 2013 සිට ශකීරා ද වොයිස් ,ඇමරිකානු රූපවාහිනි රියැලටි මාලාවේ පුහුණුකරුවෙකු ක්‍රියාකලාය. ඇය ඇයගේ දස වන ඇල්බමය වන ශකීරා ඇල්බමය, එහි "කාන්ට් රිමෙම්බ්ර් ටු ෆොගෙට්" යන ගීතයත් සමග මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තාය.

ශකීරා MTV වීඩියෝ සංගීත සම්මාන 5ක්, ග්‍රැමී සම්මාන 2ක්, ලතින් ග්‍රැමී සම්මාන 10ක්, බිල්බෝඩ් සංගීත සම්මාන 7ක්, ලතින් බිල්බෝඩ් සංගීත සම්මාන 28ක් සහ ගෝල්ඩන් ග්ලෝබල් සදහා නාම යෝජනා ඉදිරිපත් වීමක් ඇතුලුව සම්මාන 407ක් දිනාගෙන තිබේ. ඇයට හොලිවුඩ් වෝක් ඔෆ් ෆේම් මාර්ගයේ තරුවක් නම් කර තිබේ. ඇයගේ ගීත ඉතාම සීග්‍රයෙන් විකිනෙන අලෙවි භාන්ඩයක් වී ඇති අතර තනි ගීත මිලියන 70, ඇල්බම මිලියන 75ක්, ඩිජිටල් හඩපට මිලියන 60ක් ඇතුලු රෙකෝඩ මිලියන 200කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා අලෙවි කරමින් [3][4][5][6] මෙතෙක් වැඩිම අලෙවියක් අයිති කර ගත් ලතින් කලාකාරිනිය බවට පත් විය. ඇය පුණයාදාර ක්‍රියාකාරකම් හා ප්‍රසංග හරහා බොහෝ ප්‍රසිද්ධ සමාජ සේවා වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. [7] 2014 ෆෝබ්ස් සඟරාවට අනුව ශකීරා ලොව 58 වැනි බලවත්ම කාන්තාව ලැස ලැයිස්තුගත කර තිබැනවා. [8] 2014 ජූලි මස ඇය ෆේස්බුක් අනුගාමිකයන් මිලියන 100ක් ලැබූ පලමු පුද්ගලයා බවට පත් වනවා.[9]

පෙර ජීවිතය සංස්කරණය

 
Barranquilla, Colombia, where Shakira Mebarak was born.

ශකීරා ඉසබෙල් මෙබ්‍රැක් රයිපූල් 1977 පෙබරවාරි 2 දින කොලොම්බියාවේ බැරන්ක්වීලාහි උපත ලැබූ ඇය නිඩියා රයිපූල් සහ විලියම් මෙබ්‍රැක් චාඩිඩ් දෙපලගේ එකම දියනියයි. ඇයගේ පියාගේ දෙමාපියන් ඇයගේ පියා උපත ලැබූ නිව් යෝක් වෙත ලෙබනන් සිට සංක්‍රමණය වූහ.[10][11][12][13] ඇයගේ පියා වයස 5 දී කොලොම්බියාවට සංක්‍රමණය විය. ශකීරා යන නම අරාබි (شاكِرة, šākirah) නාමයක් වන අතර "ස්තුතිවන්ත වනවා" යන තේරුම එහි අන්තර්ගත වේ. මෙය ශකිර් (شاكر, šākir) යන නාමයේ ස්ත්‍රී නාමයයි. ඇයගේ මවගේ ආභාසයෙන් ශකීරා හට ස්පාඤ්ඤ සහ ඉතාලියානු සම්භවයක් ලැබිණි.[14][15] [16]ඇය රෝමාණු කතෝලිකයෙකු ලෙස හැදුණු වැඩුණු අතර කතෝලික පාසලකට ඇතුලත් කරන ලදි.[17]ඇයට තම පියාගේ පෙර විවාහයෙන් අවුරුදු 8ක් වැඩිමල් අඩ-සහෝදරියක් සිටී.[18]ශකීරා තම තරුණ කාලයෙන් වැඩි කලක් ගත කලේ කොලොම්බියාවේ උතුරු කැරිබියන් වෙරලේ පිහිටා ඇති නගරයක් වන බැරන්ක්වීලා නගරයේය. ඇය වයස 4දී තම පලමු කාව්‍ය වන "ල රෝසා දි ක්‍රිස්තල්" ("ද ක්‍රිස්ටල් රෝස්") ලිව්වාය. ඇය ක්‍රමක්‍රමයෙන් වැඩෙන විට තම පියා යතුරු පුවරුව හාවිතා කරමින් කතා ලියන අයුරු දැක මවිතයට පත් වී තමා හටද නත්තල් තෑග්ගක් ලෙස යතුරු පුවරුවක් ඉල්ලා සිටියාය. ඇයට වයස 7දී යතුරු පුවරුවක් ලැබුනු අතර එතැන් පටන් ඇය කාව්‍ය ලිවීම ඇරබුවාය. මෙම කවි ක්‍රමක්‍රමයෙන් ගීත බවට දියුණු විය. ඇයට වයස 2දී ඇයගේ වයස 8ක අඩ සොහොයුරෙකු යතුරුපැදි අනතුරකින් මිය ගිය අතර ඇය වයස 8දී "Tus gafas oscuras" ("ඔබේ අඳුරු කණ්නාඩි") යනුවෙන් තම පලමු ගීතය ලියුවාය. එම ගීතය තම දරුවා මියගිය ශෝකය වසන් කිරීමට කලු කණ්නාඩි පැලදි තම පියා පිලිබඳ ලියූ ගීතයකි.[19]

ඇයට වයස 4 දී ශකීරාගේ පියා ඇයව දේශීය පෙරදිග ආපනශාලාවකට රැගෙන යනු ලැබුවා. එහිදී ඇය පලමු වරට අරාබි සංගීතයේ භාවිතයට ගන්නා ඩොම්බෙක් නම් සාම්ප්‍රදායික බෙර නාදයට බෙලී නැටුම් ඉදිරිපත්කිරීමට පටන් ගත්තාය.[20] ඇය මේසය මත නර්තනය කරන විට තමාට නර්තන ශිල්පිනියක් වීමට උවමනා බව වටහා ගත්තාය. ඇය තම කතෝලික පාසලේ පාසල් මිතුරන්ට හා ගුරුවරුන්ට ගීත ගායනා කිරීමෙන් සතුටු වූවාය. නමුත් ඇයගේ දැඩි තාරතාව සහිත කටහඩ නිසා 2 ශ්‍රේණියේ පාසල් ගීතිකා කණඩායමෙන් ප්‍රතික්ශේප වීමටද සිදු විය. ඇයගේ සංගීත ගුරුතුමිය පවසා ඇත්තේ ඇගේ හඬ එල්ලුවෙකුගේ වැනිය කියාය.[20][21]ඇයගේ අසාමාන්‍ය ක්‍රියාකාරීබව නිසාම පාසලේදී ඇයව නිතරම පන්තියෙන් පිටතට යවා ඇත.[22] ඇය පවසන අන්දමට ඇය සෑම සිකුරාදා දිනකම තමා ඉගෙන ගත් නැටුම් ගනනාවක් පාසලේදී ඉදිරිපත් කල නිසා ඇයව නිතරම පාහේ "බෙලී නැටුම් කෙල්ල" යන අන්වර්ථ නාමයෙන්ද හදුන්වා ඇත. [20] ඇය සජීවී ඉදිරිපත් කිරීම් සඳහා තම හැකියාව වටහා ගත්තේ ඒ ආකාරයෙන් බව ශකීරා පවසයි.[18][23]

ශකීරා කෙරෙහි යහපත් ගතිගුණ ඇති කිරීම කෘතඥතාව පිහිටුවීම සඳහා ඇයගේ පියා ඇයව ප්‍රාදේශිය අනාථ නිවාසයක අනාථයන් බැලීම සඳහා කැටුව ගියේය. එහිදී දුටු දසුන් ඇයගේ මනසේ තදින් රැදුණු අතර ඇය තමාටම මෙලෙස පවසාගෙන ඇත. "මම ජනප්‍රිය කලාකරුවෙක් උන දවසක මම මේ අසරන ලමයින්ට උදව් කරනවා."[18]

වයස 10 සහ 13 කාලය තුලදී ශකීරා හට බැරන්ක්වීලා නගරය තුල විවිධ ප්‍රසංග ගනනාවකටම ආරාධනා ලැබුනු අතර ඒ හරහා ඇය බොහෝ සම්බන්දතා සහ අත්දැකීම් ලබා ගත්තාය.[24] මේ කාලයේදී ශකීරාගේ හැකියාවන් සිතට කා වැදුනු ප්‍රාදේශීය නාට්‍ය නිශ්පාදිකා මොනිකා ඇරිසා ශකීරා හට ඇයගේ වෘත්තීය සඳහා අත හිත දුන්නාය. බැරන්ක්වීලා සිට බොගෝටා වෙත ගමන් ගත් ගුවන් ගමනකදී ඇරිසා විසින් සෝනි කොලොම්බියා විධායක සිරෝ වාගස් හට ශකීරාට හඬ පරීක්ෂණයකට අවස්තාව දෙන මෙන් ඉල්ලා සිටියාය. වාගස් නැවත සෝනි කාර්යාලයට පැමිනි පසු ශකීරාගේ හැකියාවන් අගය කරමින් ශකීරාගේ හඬ පටය ගීත හා කලා අද්‍යක්ශකවරයෙකුට ලබා දුන්නේය. කෙසේ නමුත් එම අධ්‍යයක්ශකවරයා ඇයගේ හඬ පටයට එතරම් උනන්දුවක් පෙන්වා නැත. එනමුත් වාගස් ඉන් පසුබට නොවී ශකීරා හට බොගෝටා වලදී තවත් හඬ පරීක්ෂණයක් පැවැත්වීමට වැඩකටයුතු සැලසුවේ ඇයට හැකියාවන් ඇති බව අනෙකුන් හට ඒත්තු ගැන්වීමටය. ඔහු සෝනි කොලොම්බියා විධායක නිලධාරින් හඬ පරීක්ශනයට කැඳවූ අතර ඔහුගේ අභිමතාර්ථය වූයේ ශකීරාගේ ඉදිරිපත් කිරීම් වලින් ඔවුන්ව මවිතයට පත් කිරීමයි. ඇය ගීත 3ක් ඉදිරිපත් කල අතර ඒ හරහා සෝනි විධායක නිලදාරීන් තෘප්තිමත් කිරීමටත් ගීත ඇල්බම 3කට ගිවිස්සවා ගැනීමටත් සමත් වූවාය.[25]

මූලාශ්‍ර සංස්කරණය

  1. Baltin, Steve වේබැක් මැශින් මගින් "Shakira Trots Out 'Mongoose'" (සංරක්ෂණය කළේ පෙබරවාරි 1, 2009). Rolling Stone. November 11, 2002. Retrieved January 6, 2007.
  2. "Shakira Biography". The Biography Channel. සම්ප්‍රවේශය March 28, 2013.
  3. "Shakira". BET.com. May 9, 2012.
  4. "Shakira Tour". ConcertTour.net.
  5. Saeed Saeed. "Album review: Shakira – Shakira". thenational.ae.
  6. [1]
  7. "Obama, Shakira Meet at White House". CBS News. February 22, 2010.
  8. "The World's 100 Most Powerful Women". Forbes. Forbes. සම්ප්‍රවේශය 26 June 2014.
  9. http://www.guinnessworldrecords.com/news/2014/7/shakira-sets-new-facebook-world-record-after-reaching-100-million-likes-58881/
  10. Diego, Ximena (2002). Shakira: Woman Full of Grace. The Rosen Publishing Group. pp. 19–20. ISBN 0743216687.
  11. Williams, Zella (2010). Shakira: Star Singer/Estrella de La Cancin. Simon & Schuster. p. 6. ISBN 9781448810666.
  12. Day, Holly (2007). Shakira. Lucent Books. p. 15. ISBN 9781590189740.
  13. Krohn, Katherine (2007). Biography Shakira. Lerner Publishing Group, Inc. p. 11. ISBN 9780822571599. "Yo soy una fusion. I am a fusion," says Shakira. "That's my persona. I'm a fusion between black and white, between pop and rock, between cultures—between my Lebanese father and my mother's Spanish blood, the Colombian folklore and Arab dance I love and American music."
  14. "Shakira's Catalan Blood". YouTube. September 2, 2006. සම්ප්‍රවේශය October 31, 2009.
  15. "Shakira: dELIAs Interview". Numberonestars.com. සම්ප්‍රවේශය September 28, 2014.
  16. Powers, Ann (17 August 2006). "Shakira's dance of dynamism". Up Front: Concerts POP MUSIC REVIEW. LA Times. සම්ප්‍රවේශය 14 June 2015. 29-year-old child of a half-Italian mother
  17. "Holy Cross: Celebrities Who Are Catholic". BET.com. April 17, 2014.
  18. 18.0 18.1 18.2 Turner, Amy (March 1, 2009). "Shakira: Every little thing she does is magic". The Times. UK. සම්ප්‍රවේශය February 28, 2009. (subscription required)
  19. "Shakira". RedBalcony. සම්ප්‍රවේශය March 5, 2010.
  20. 20.0 20.1 20.2 Wright, Evan (April 11, 2002). "Cover Story: Shakira". Rolling Stone. April 29, 2009 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 24, 2007.
  21. "Shakira: 'I don't hate Britney'". News.bbc.co.uk. සම්ප්‍රවේශය September 28, 2014.
  22. Shakira on Kimmel, 2013
  23. Katz, Gregory. "Shakira he world."
  24. "Shakira". Gale. සම්ප්‍රවේශය October 3, 2012.
  25. "Driven: Shakira". VH1. July 21, 2006 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය April 24, 2007. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=ශකීරා&oldid=549335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි