වොයිස් ඕවර් යනු ඇපල් සමාගමේ ඕස් එක්ස්, අයි ඕඑස්, අයිපොඩ් හා ඇපල් ටීවී මෙහෙයුම් පද්ධති සඳහා නිපදවූ තිර කියනවනයකි. වොයිස් ඕවර් භාවිතයෙන් පරිෂීලකයන් හට හඬින් විස්තර කිරීමෙන් ඔවුන්ගේ මැක්ටොනිෂ් හෝ අයි ඕඑස් උපාංග වලට ප්‍රවේශ විය හැක, එසේම මැක් වලදී පරිගණක යතුරුපුවරුව ද භාවිතා කළ හැක. මෙම පහසුකම නිසා අන්ධ හා අඩු පෙනීම සහිත පුද්ගලයන්ගේ මෙන්ම දුර්අක්‍ෂරතාව සහිත පුද්ගලයන්ගේ පිවිසීමේ හැකියාව ලබාදේ.

වොයිස්ඕවර්
ගොනුව:VoiceOver Utility icon.png
ගොනුව:VoiceOver Utility.png
ඕස් එක්ස් මත වොයිස්ඕවර් ක්‍රියාත්මක වීම.
සංවර්ධක(යෝ)ඇපල් ඉන්කෝපරේෂන්
ස්ථායි නිකුතුව
4.0 (242.7) / 2011 ජූලි 20
මෙහෙයුම් පද්ධතියඕස් එක්ස්, අයි ඕඑස්
වර්ගයතිර කියවන
බලපත්‍රයවාණිජ
වෙබ් අඩවියapple.com/accessibility/voiceover/

ඕඑස් එක්ස් සංස්කරණය

වොයිස් ඕවර් මුලින්ම හඳුන්වාදුන්නේ ඕස් එක්ස් 10.4 හා එහි ඉලක්කය වූයේ පෙනීමේ දුබලතා ඇති පරිශීලකයන් හට භාවිතය පහසුකිරීමය. ඕස් එක්ස් 10.3 සඳහා ද "කතාකරන අතුරු මුහුණතක පෙරදැක්ම" නමින් පෙර දැක්මක් ලබාදෙන ලදි.[1]

අයිපොඩ් නැනෝ සංස්කරණය

2009 සැප්තැම්බරයේදී, ඇපල් සමාගම අයි පොඩ් නැනෝ වෙත මෙම පහසුකමක් සපයන ලදි. එයද අයි ඕස් සංස්කරණය වෙතින් සපයන විශේෂාංගම සපයයි.[2]

මූලාශ්‍ර සංස්කරණය

  1. https://www.apple.com/accessibility/osx/voiceover/
  2. "VoiceOver". සම්ප්‍රවේශය 14 අප්‍රේල් 2015.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වොයිස්ඕවර්&oldid=332885" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි