වොක්ස්වැගන් සමූහ ව්‍යාපාරය

වොක්ස්වැගන් සමූහය ලෙස ජාත්‍යන්තරව හැඳින්වෙන වොල්ක්වැගන් ඒජී යනු ජර්මනියේ පහළ සැක්සෝනි හි වුල්ෆ්ස්බර්ග් හි මූලස්ථානය ඇති ජර්මානු බහුජාතික වාහන නිෂ්පාදන සංස්ථාවකි. එහි අයිතිය ඇත්තේ ඕස්ට්‍රියානු-ජර්මානු පෝර්ෂේ සහ පියච් පවුලේ කොටසක් වන පෝර්ෂේ එස්ඊට ය. එය මගී සහ වාණිජ වාහන, යතුරුපැදි, එන්ජින් සහ ටර්බෝ යන්ත්‍රෝපකරණ සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම සහ බෙදා හැරීම මෙන්ම මූල්‍යකරණය සහ ලීසිං ඇතුළු අදාළ සේවාවන් ද සපයයි. 2016 දී එය ටොයොටා සමාගම අභිබවා වාහන මිලියන 10.9 ක් අලෙවි කරමින් පිට පිටම 2017, 2018 සහ 2019 වසර වලදී ලොව විශාලතම වාහන නිෂ්පාදකයා විය. එය දශක දෙකකටත් වැඩි කාලයක් යුරෝපයේ විශාලතම වෙළෙඳපොළ කොටස පවත්වා ගෙන ගොස් ඇත. එය "ලොව විශාලතම සමාගම් 2018 ෆෝචූන් ග්ලෝබල් 500" ලැයිස්තුවේ හත්වන ස්ථානයට පත්විය.

වොක්ස්වැගන් සමූහය මගී කාර් අලෙවි කරන්නේ "අවුඩි", "බෙන්ට්ලි මෝටර්ස්", "බුගාටි ඔටෝමොබයිල්ස්", "ලැම්බෝගිනි","පෝර්ෂා", "සීට්", "ස්කෝඩා", "ආර්එෆ්" සහ "වොක්ස්වැගන්" යන වෙළඳ නාම යටතේ ය. "වොක්ස්වැගන් වාණිජ වාහන" වෙළඳ නාමය යටතේ සැහැල්ලු වාණිජ වාහන ද "ඩුකාටි" වෙළඳ නාමය යටතේ යතුරුපැදි ද සහ බර වාණිජ වාහන "MAN", "ස්කැනියා", "වොක්ස්වැගන් කැමින්හයිස් ඊනිබස්" සහ "නැවිස්ටාර්" වෙළඳ නාම යටතේ නිශ්පාදනය කෙරේ.

එය ප්‍රාථමික අංශ දෙකකට බෙදා ඇති අතර (වාහන අංශය සහ මුල්‍ය සේවා අංශය) 2008 වන විට අනුබද්ධ සමාගම් 342 ක් පමණ තිබුණි. වොක්ස්වැගන් සමාගමට චීනයේ ප්‍රධාන හවුල් ව්‍යාපාර දෙකක් ද ඇත (FAW-Volkswagen සහ SAIC Volkswagen). සමාගම දළ වශයෙන් රටවල් 150 ක මෙහෙයුම් සිදු කරන අතර රටවල් 27 ක නිෂ්පාදන පහසුකම් 100 ක් ක්‍රියාත්මක කරයි.