විහාර සංකීර්ණ මනා ලෙස සැලසුම් කරන ලද්දේය. පොළොන්නරුව ආලාහන පිරිවෙන සංකීර්ණයේ ප්‍රතිමා ගෘහ සහ ස්ථූප ගොඩනංවා තිබුනේ උස් බිම්වලය. බෑවුම් පෙදෙස් වේදිකා මෙන් සකස්කර එහි භික්ෂූන් වහන්සේලා උදෙසා වාසස්ථාන වැනි ගොඩනැගිලි ඉදි කර තිබුණේය. දොරටුවෙන් ඇතුළු වන පුද්ගලයෙකුට සංකීර්ණයෙහි මුදුන් මල්කඩ වන් 'ලංකා තිලකයෙහි' සම්පූර්ණ දර්ශනයක් දැක ගන්නට ලැබුණේය.

සැලසුම්

සංස්කරණය

ශ්‍රි ලාංකික භික්ෂු ආරාමවල මූලිකාංග ආවාට ගියාට පිහිටුවා ඇති බව පෙනී යන්නේ ඒවායේ සැලසුම් විවිධාකාර වීම හේතුවෙනි. 'මංජු ශ්‍රී වාස්තු විද්‍යා ශාස්ත්‍ර' අත් පිට පතෙහි මෙම සැලසුම් ගොඩනංවන ලද පදනම ගැන තොරතුරු දක්වා ඇත. මෙම ග්‍රන්ථය සංස්කෘත භාෂාවෙන් වුවද සිංහල අත් අකුරෙන් ලියා ඇත. (නමය සඳහා) නවදද වැනි වචන වලින් පෙන්වා දෙන්නේ සිංහලෙන්ද එම ග්‍රන්ථය තිබෙන බවයි. එය පස් වැනි ශත වර්ෂයේ හෝ නැතහොත් නිසැකවම 6 වැනි ශත වර්ෂයේ ලියැවුණක් ලෙස ඊ.ඩබ්ලිව්.මාරසිංහ කියයි. එය විශේෂයෙන්ම බෞද්ධ ආශ්‍රම ගැනයි. පැහැදිලිව පෙනෙන්නේ මහායාන පාර්ශවයේ කාර්යයක් ලෙසයි. ඒ හා සමාන දැනට පවතින ඉන්දීය ශාස්ත්‍රීය ලේඛන දක්නට ඇත. ඒවා ඇත්තේ හින්දු කෝවිල්වල කටයුතු සම්බන්ධයෙන් පමණි.

විකල්පයන් දෙකක් ද සමග විවිධාකාර ආරාම 12 ක සැලසුම් ග්‍රන්ථයෙහි දක්වා ඇත. සියල්ලෙහි එකතුව 24 කි. එක් එක් සැලසුම රාමුවක් තුළ අඩංගු වී තිබුණි. හස්තියාරාම සහ පද්මාරාම වැනි නම් සැලසුම්වලට යොදා තිබුණි. පබ්බත විහාර ආරාමයන් හස්තියාරාම ආකෘතිය අනුගමනය කෙරිණි. විවිධාකාර වූ තැන්වලට විවිධාකාර සැලසුම් තිබුණේය. නගරයේ, ගමේ, රාජකීය උද්‍යානයේ ගඟක් අසල, මුහුද අසබඩ, වන මැද, ප්‍රධාන පාරක් අසල, ආදී වූ විවිධාකාර ස්ථානවලට සරිලන පරිද්දෙන් විවිධාකාර සැලසුම් තිබුණි. ස්ථානයට පිවිසුම නිශ්චය කිරීම සම්බන්ධයෙන් ද, එනම් උතුර දකුණ නැගෙනහිර බටහිර ආදී පැතිවලින් ද යන්න ගැන ද විස්තර දක්වා තිබුණේය. එසේ නියම කිරීම සම්බන්ධයෙන් නියමයන්ද පණවා තිබුණි. ආගමික ස්ථාන පමණක් නොව රැස්වීම් ශාලා, මලසුන්, නැටුම් ශාලා, ආරෝග්‍ය ශාලා, දාන ශාලා සහ මුළු තැන් ගෙය ආදියට ආදාල සැලසුම්වලට එක්තරා නිශ්චිත පිළිවෙලකට අනුව විශේෂිත ස්ථානයක් තිබුණේය. එබැවින් භික්ෂු ආරාමවලට නියම වූ වාස්තු විද්‍යාත්මක සැලැස්මක් තිබුණේය. විවිධාකාර ගොඩනැගිලි එක් එක් උස මට්ටම්වල පිහිටියේ වුවද ඒවා එකිනෙකට සම්බන්ධ වී තිබුණි. ‍

ඉංජිනේරු ශිල්පය

සංස්කරණය

සෑම එකකටම පාහේ විශේෂ නියමයන් තිණේබු‍ය. බිම් තෝරා ගැනීම ගැන මංජු ශ්‍රී ග්‍රන්ථය උපදෙස් දී තිබේ. පසේ තත්වය ගැන සාකච්ඡා කර තිබේ. පස පරීක්ෂා කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පෙන්වා තිබේ. එක් එක් භික්ෂු ආරාම සඳහා සුදුසු ගස් පවා යෝජනා කර ඇත. මැලියම් වර්ග පිළියෙල කිරීම සහ ආලේප කිරීම, සායම් වර්ග , බදාම පමණක් නොව ඇත් අස් රූප නෙළීම, (එම සතුන්ගේ නිවැරදි අංග ලක්ෂණ) සම්බන්ධයෙන්ද උපදෙස් සපයා ඇත. එම ග්‍රන්ථය ලඹය උපයෝගී කර ගෙන මිණුම් කටයුතු කරන ආකාරය ගැනද උපදෙස් දී තිබුණි. සුභ වේලාවන්, සුභ දවස සහ දිග ප්‍රමාණයන් ද විස්තර කර ඇත. ගොඩනැංවීම් කර ගෙන යාමේදී එක් එක් වැදගත් අවස්ථාවලදී කළ යුතු පුද පූජා චාරිත්‍ර ගැනද දක්වා තිබේ. මුල්ගල තැබිය යුත්තේ ගෘහ නිර්මාණ ශිල්පියා විසිණි. ඔහු හොඳින් හැඳ පැළඳ සිටිය යුතු අතර නැගෙනහිර බලා ඒ කාර්යෙහි යෙදිය යුතුය. දොරවල් විවෘත විය යුත්තේ නිවස තුළටයත. එයින් යහපත් ප්‍රථිඵල අපේක්ෂිතයි. ප්‍රථිමා යනාදිය වැරදි ලෙස ස්ථාන ගත කර තිබේ නම් අනුග්‍රාහකයාගේ ජීවිතයට සහ සෞඛ්‍යයට එය අහිතකර ලෙස බලපානු ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=විහාර_සංකීර්ණ&oldid=307377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි