විසල් සත්ත්ව සංහතිය

භෞමික සත්ත්ව විද්‍යාවෙහි, මහා ජන්තුකයෝ හෝ විසල් සත්ත්ව සංහතිය හෝ යනු, විශාල හෝ යෝධ හෝ සත්ත්වයෝ වෙති. මෙය සඳහා වඩාත් පතල කඩඉම් වන්නේ 40 කිලෝග්‍රෑම් (90 රාත්තල්) ට වඩා බර වැඩි වීම හෝ,[1] 44 කිලෝග්‍රැම් (100 රාත්තල්) ට වඩා බර වැඩිවීම හෝ,[2][3] මෙට්‍රික් ටොන් එකක් එනම් 1,000 කිලෝග්‍රෑම් (2,205 රාත්තල්) ප්‍රමාණයකට වඩා බර වැඩිවීම හෝ වෙයි. [1][4][5] මෙම කඩඉම් භාවිතය වෙතින්, පතල වශයෙන් අති විශාල යැයි නොසිතෙන, සුදු-වලගයැති වලහා, රතු කැන්ගරුවා, සහ මිනිසුන් වැනි සත්ත්ව විශේෂයන් පවා මෙම විසල් සත්ත්ව ගණයට ඇතුලත් වෙයි.

අප්‍රිකානු ලඳු කැලෑ ඇතා, පෘථිවියෙහි ජීවත්වන විශාලතම භෞමික සත්ත්වයා

ශාස්ත්‍රීය සහ ජනප්‍රිය ලේඛනයෙහි වඩාත් පොදු ලෙසින් දක්නට ලැබෙන සාමාන්‍ය භාවිතය වන්නේ, මිනිසුන්ට වඩා දළ වශයෙන් විශාල සහ (සම්පූර්ණ) වශයෙන් හීලෑ නොකෙරුණු භෞමික ක්ෂීරපායියන් සඳහා මෙම පදය යෙදීමයි. මෙම පදය විශේෂිත වශයෙන් ආශ්‍රිත වන්නේ, උන්ගේ වර්තමාන ප්‍රතිපූරණයන්ට වඩා බොහෝවිට විශාල සහ අවසන් අයිස් යුගය හා සමගින් පුරාකෘතික ලෙසින් සැලකෙන, උන්ගෙන් බහුතරයක් උතුරු යුරේසියාව, ඇමරිකාවන් සහ ඕස්ට්‍රේලියාවෙහි ජීවත් වී මෙයට වසර 10,000–40,000 පෙර යන මෑතකදී වඳවී ගිය, මැමත් වැනි භෞමික සත්ත්වයන් අයත් වන්නාවූ, ප්ලයොස්ටොසීන මහා ජන්තුකයන් සඳහාය. [6] විශාලතම විද්‍යාමාන වනගත භෞමික සත්ත්වයන් සඳහාද, විශේෂයෙන් ඇතුන්, ජිරාෆයන්, හිපපොටේමසයන්, රයිනෝසරයන් සහ, විශාල ගවයන් සඳහාද මෙය පොදු ලෙසින් ව්‍යවහාර වෙයි. ඔවුන්ගේ පෝෂණ මාදිළිය අනුව, විසල් පැළෑටි භක්ෂකයෝ (නිද., එල්ක්), විසල් මාංස භක්ෂකයෝ (නිද., සිංහයන්) සහ, ඉතා විරල ලෙසින්, විසල් සර්වභක්ෂකයෝ (නිද., වලසුන්) ලෙසින්ද මහා ජන්තුකයන් උපවර්ගීකරණය කළ හැක.


සටහන් සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. 1.0 1.1 ස්ටුවර්ට්, ඒ. ජේ. (නොවැම්බර් 1991). "මමාලියන් එක්ස්ටින්ක්ෂන්ස් ඉන් ද ලේට් ප්ලෙයිස්ටසීන් ඔෆ් නොදන් යුරේෂියා ඇන්ඩ් නෝර්ත් ඇමරිකා". බයලොජිකල් රිවිව්ස්. විලී. 66 (4): 453–562. doi:10.1111/j.1469-185X.1991.tb01149.x.
  2. මාටින්, පී. එස්. (1984). ප්‍රීහිස්ටොරික් ඕවර්කිල්: ද ග්ලෝබල් මොඩල්. ඉන් ක්වටර්නරි එක්ස්ටින්ක්ෂන්ස් (පී. එස්. මාටින් සහ ආර්. ජී. ක්ලෙයින්, සංස්.), පි 354–403. ඇරිසෝනා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය.
  3. මාටින්, පී. එස්.; ස්ටෙඩ්මාන්, ඩී. ඩබ්. (1999-06-30). "ප්‍රීහිස්ටොරික් එක්ස්ටින්ක්ෂන්ස් ඔන් අයිලන්ඩ්ස් ඇන්ඩ් කන්ටිටනන්ට්ස්". In මැක්පී, ආර්. ඩී. ඊ (ed.). ඒක්ස්ටින්ක්ෂන්ස් ඉන් නියර් ටයිම්: කෝසස්, කන්ටෙක්ස්ට්ස් ඇන්ඩ් කන්සීක්වන්සස්. ඇඩ්වාන්සස් ඉන් වර්ටිබ්‍රේට් පේලියෝබයලජි. Vol. 2. නිව්යොර්ක්: ක්ලූවර්/පිලීනම්. pp. 17–56. ISBN 978-0-306-46092-0. OCLC 41368299. සම්ප්‍රවේශය 2011-08-23. {{cite book}}: Unknown parameter |chapterurl= ignored (help)CS1 maint: postscript (link) 17 පිටුව බලන්න
  4. "ද ග්‍රේට් ඇමරිකන් බයොටික් ඉන්ටර්චේන්ජ්". මෙගෆෝනා: ජයන්ට් බීස්ට්ස් ඔෆ් ප්ලෙයිස්ටසීන් සවුත් ඇමරිකා. ඉන්ඩියානා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, බ්ලූමිංටන්, ඉන්ඩියානා. 2013. p. 150. ISBN 978-0-253-00230-3.
  5. "හිස්ටොරිකල් ඩිටර්මිනන්ට්ස් ඔෆ් මැමල් ස්පීසීස් ඉන් ඇෆ්රිකා". ඇෆ්රිකන් බයෝඩයිවර්සිටි: මොලිකියුල්ස්, ඕර්ගනිස්ම්ස්, ඊකොසිස්ටම්ස්. ස්ප්‍රිංජර්. 2005. p. 294. ISBN 0387243151.
  6. අයිස් ඒජ් ඇනිමල්ස්. ඉලනෝයි ජනපද කෞතුකාගාරය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විසල්_සත්ත්ව_සංහතිය&oldid=364703" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි