විකිපීඩියා:ලිපි තැනීමේ මායා අඳුන/සාමාන්‍ය සංගණ්‍යය

සජීවී උදව් ගන්න: irc • web

3. සංගණ්‍යය
4. මූලාශ්‍ර
5. අන්තර්ගතය
6. අවසන්
ප්‍රසිද්ධ භාවය

මාතෘකාව සුවිශේෂ ලෙස විෂයානුබද්ධ ස්වාධින, විශ්වාසනීය මූලාශ්‍ර මගින් ආවරණය වන්නේ නම්, එම කරුණු, නව ලිපිය සඳහා ඇතුත් කලහැකි බව පූර්වානුමානය කල හැකිය.

ඉහත කී සියලුම දේවල් හැර, විකිපීඩියාව යනු විශ්වකෝෂයකි. එනම් විකිපීඩියාව වෙත ඇතුලත් වන කරුණක් ජනප්‍රිය හෝ ප්‍රසිද්ධියක් උසුලන යමක් ගැන වියයුතුය.

තෝරාගත් මාතෘකාව මූලිකව; බහු සබැඳි විෂයයන් පැවතීම, ඉතා ගුණාත්මක රචකයන් විසින් රචිත විශ්වාසනීය මූලාශ්‍ර පැවතීම, මාතෘකාව සඳහා වන ස්වාධීන මූලාශ්‍ර පැවතීම සහ අනෙකුත් තොරතුරු කැටිවු විට විශිෂ්ඨ හා ප්‍රසිද්ධියක් උසුලන මාතෘකාවක් බවට පත්වෙයි. විකිපීඩියාවට එක් කිරීමට අවැසි මාතෘකා සියල්ලක්ම එහි ප්‍රසිද්ධ භාවය උදෙසා වන කාරණා අවම වශයෙන් සම්පූර්ණ කර තිබිය යුතු වේ. මෙම අවශ්‍යතාවය මගින් අදාල මාතෘකාවට, ගුණාත්මක, විශ්වකෝෂීය සහ සත්‍යෙක්ෂණය කළ හැකි ලිපියක් ලිවීම සඳහා ප්‍රමාණවත් මූලාශ්‍ර පවත්නා බව තහවුරු වේ.

විකිපීඩියාව කුමක් නොවන්නේද: ඉහතින් සඳහන් මාතෘකාවෙහි ප්‍රසිද්ධියට අදාල කරුණු වලට අමතර වශයෙන්, අදාල කරුණු ස්වභාවයෙන්ම විශ්වකෝෂීය විය යුතුය. නිතර විමසන පැණ (FAQs), වීඩියෝ ක්‍රීඩා හැසිරවීම් විස්තර, සිහිවටනයන්, උපදෙස් අත්පොත්, නාමාවලි, සබැඳුම් ලැයිස්තු, වෙළෙඳ ප්‍රචාරණය, ස්ව-ප්‍රවර්ධන සහ ශබ්ධකෝෂ නිර්වචනයන් විශ්වකෝෂිය තොරතුරු නොවේ.


ඔබ බලාපොරොත්තු වූ ලිපියට ප්‍රසිද්ධ අවශ්‍යතා හමුවේද?