බාබුඛාන් (වැ. 1328) (මොංගෝලියානු: Бабухан) යනු යුවාන් රාජවංශයේ අධිරාජිනියකි. ඇය යෙසූන් තෙමූර් යන මොංගෝලියානු නාමයෙන් හැඳින්වෙන ටායිඩිං අධිරාජයාගේ භාර්යාව වූවා ය.

බාබුඛාන්ගේ පියා හැන්ගියුකේයර් නම් විය. ඔහු අන්චෙන්ගේ මුණුපුරෙකි. ඇයව අධිරාජිනිය ලෙස පත්කරන ලද්දේ ටායිඩිංගේ රාජ්‍ය සමයේ පළමු වර්ෂයේ (1324) තෙවන මාසයේ ය. වසර හතරකට පසු ෂැංඩුහි දී ඇගේ සැමියා මරණයට පත් විය. ඔවුන්ගේ පුත්‍රයා වූ රාගිබාඝ් ඔහුගෙන් පුස සිහසුනට පත්වූයේ ටියෑන්ෂුන් යන නාමයෙනි. අනතුරුව බාබුඛාන් වැන්දඹු අධිරාජිනිය පදවිය හොබවමින් රාජ්‍යාධිකාරිණිය ලෙස රාජ්‍ය පාලනය සිදුකළා ය. මඳ කලකට පසු ‍එල් තෙමූර් නම් අමාත්‍යවරයෙක් දාඩුහි දී කුමන්ත්‍රණයක් මෙහෙයවා කූලූග් ඛාන් අධිරාජයාගේ පුත්‍රයා වූ හුවායිහි රජ ටුඝ් තෙමූර් සිහසුනට පත්කළේ වෙන්ෂොං යන නාමයෙනි. යුද්ධයෙන් පසුව ටියෑන්ෂුන්ට කුමක් වූයේදැයි නොදනියි. බාබුඛාන් ඇතුළු ටායිඩිංගේ සියලු භාර්යාවන් සහ උපභාර්යාවන් ටුඝ් තෙමූර්ගේ අන්තඃපුරයට රැගෙන යන ලදී.

සටහන් සංස්කරණය

රාජ පදවි නාම
පූර්වප්‍රාප්තිකයා
සුගබාලා
යුවාන් රාජවංශයේ අධිරාජිනිය
1324–1328
අනුප්‍රාප්තික
බුදශිරි
"https://si.wikipedia.org/w/index.php?title=බාබුඛාන්_ඛාටුන්&oldid=659035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි