"ජුලියස් සීසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
ජුලියස් සීසර්
 
ගයිස් ජුලියස් සීසර් (ක්‍රි.පූ. 100 ජුලි 13 - ක්‍රි.පු. 44 මාර්තු 15) රෝමානු හමුදාමය සහ දේශපාලනික නායකයකු වේ. රෝමන් ජනරජය රෝමානු අධිරාජ්‍යය බවට පත් කිරීමේ ක්‍රියාවලියේ දී මොහු ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී.
 
ජනප්‍රිය සම්ප්‍රදායට අයත් වූ දේශපාලනඥයකු ‍වූ මොහු නිල නොවන ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ‍රෝමානු දේශපාලන කරලිය වසර කිහිපයක් තිස්සේ පාලනය කරන ලදී. ඔහු තම ත්‍රි ආධිපත්‍ය සම්බන්ධතාවය ගොඩනඟා ගන්නා ලද්දේ මාකස් ලිසිනියස් ක්‍රැසස් සහ නීයස් පොම්පියස් මැග්නස් යන පුද්ගලයන් සමඟ වේ. කෙසේ නමුත් ඔහුගේ මෙම පාලන ක්‍රමයට ඔප්ටි මෙට්ස් සම්ප්‍රදා‍යට අයත් වූ රෝමානු සෙනෙට් සභිකයන් වූ මාකස් පෝසියස් කැටෝ සහ මාකස් කැල්පර්නියස් බයිබලස් වැනි පුද්ගලයන් විරුද්ධ වූහ. සීසර් ගෝල් ප්‍රදේශය යටත් කර ගැනීමත් සමඟ රෝමානු පාලනය අත්ලාන්තික් සාගරය දක්වාම විහිදී ගිය අතර මුල් වරට රෝමය මඟින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කරන ලද්දේ ද සීසර්ගේ මෙහෙයවීම යටතේ වේ. මෙම ආක්‍රමණය ක්‍රි.පූ. 55 දී සිදු විය. කෙසේ නමුත් ත්‍රි පුද්ගල ආධිපත්‍යයෙහි බිඳ වැටීමත් සමඟ පොම්පේ සහ සෙනෙට් මණ්ඩලය සමඟ මත ගැටුම් හට ගන්නා ලදී. ක්‍රි.පූ. 49 දී තම හමුදාවන් රු‍බිකෝන් නදිය හරහා මෙහෙයවමින් සිවිල් යුද්ධයක් ආරම්භ කළ අතර ඒ ඔස්සේ ඔහු ‍රෝමානු අධිරාජ්‍යයේ අනගිභවනීයඅනභිභවනීය නායකයා බවට පත්විය.
 
රාජ්‍ය පාලනය සියතට ගැනීමත් සමඟ සීසර් රෝමානු සමාජයට සහ එහි පාලන ක්‍රමයට දැඩි සංශෝධන එක් කිරීමට ක්‍රියා කළේය. ඔහු ජීවිත කාලය පුරාව‍ටම රෝම අධිරාජ්‍යයා ලෙසට නම් කරන ලද අතර ජනරජයේ පාලන තන්ත්‍රය දැඩි ලෙස ඔහු වටා කේන්ද්‍රගත විය. කෙසේ නමුත් සීසර්ගේ මුල් කාලීන මිතුරෙකු වූ මාකස් ජුනියස් බෲටස්ගේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ සෙනෙට් සභිකයන් සමූහයක් විසින් ක්‍රි.පු. 44 මාර්තු 15 වැනි දින සීසර්ව ඝාතනය කරන ලදී. මෙම ඝාතනයේ අරමුණ වූයේ රෝම ජනරජය එහි මුල් තත්වයට ගෙන ඒමයි. කෙසේ නමුත් මෙහි ප්‍රතිඵලය වූයේ තවත් රෝමානු සිවිල් යුද්ධයක් ඇරඹීමයි. එය අවසානයේ දී රෝමය සීසර් විසින් හදාවඩාගත් ඔහු‍ගේ පුත්‍රයා වූ ගයිස් ඔක්ටවියානස් යටතේ ඒකාධිපති පාලන ක්‍රමයකට යටත් විය. ක්‍රි.පූ. 42 දී එනම් සීසර්ගේ ඝාතනයෙන් වසර 2කට පසු සෙනෙට් සභාව විසින් නිල වශයෙන් සීසර් රෝමානු දෙවිවරයෙකු ලෙස නම් කරන ලදී.
"https://si.wikipedia.org/wiki/ජුලියස්_සීසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි