"පොදු නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
පොදු නීතිය යනු ව්‍යවස්ථායකය විසින් සම්මත කළ නීති හෝ විධායක කි‍්‍රයාවන් හේතුකොටගෙන නොව අධිකරණ හා ඊට සමාන විනිශ්චය සභාවන් විසින් දෙන ලද තීන්දු මත පදනම්ව ගොඩනැගුනු නිතියකි. පොදු නීති ක‍්‍රමයන්හි නීතිය නිර්මාණය කිරීම සහ/ හෝ පිරිසිදු කිරීම සිදුකරනු ලබන්නේ විනිසුරුවරුන් විසිනි. විභාග ෙවමින්වෙමින් පවත්නා නඩුවක තීරණය පෙර නඩු තීන්දු මත පදනම්වන අතර එය අනාගත නඩු තීරණයන් කෙරෙහිද බලපැවැත්වෙනු ඇත. කිසිදු අධිකාරීත්ව ප‍්‍රතිපාදනයක් නිතියේ නොමැති අවස්ථාවන්හිදී පූර්වාදර්ශී නඩු තීන්දුවක් ලබාදෙමින් නීතිය නිර්මාණය කිරීමේ හැකියාව පොදු නීති විනිසුරුවරුන්ට ඇත. මෙම පූර්වාදර්ශී නඩු තින්දුවේ හරය පොදු නීතිය ලෙසින් හඳුන්වනු ලැබෙන අතර අනාගත නඩු තීන්දු එමඟින් බැඳෙයි. අතීතයේදී ඊට සමාන ගැටලූවක් නිරාකරණය කරනු ලැබ ඇත්නම් පෙර නඩු තීන්දුවේදී අනුගමනය කරනු ලැබූ තාර්කික පදනම මෙම නඩු තීන්දුවේදීද අනුගමනය කිරීමට විනිසුරුවරු බැඳී සිටිති (මෙම මූලධර්මය අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ලෙසින් හැඳින්වේ).
ඉහතින් දැක්වූ දර්ශීය නීති පද්ධතියට වඩා භාවිතයේදී පොදු නීතිය ඉතා සංකීර්ණ වෙයි. කිසියම් අධිකරණයක තීන්දුවකින් තවත් අධිකරණයක් බැඳෙන්නේ දෙකම එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පිහිටන විටදීය. එකම අධිකරණ බලප‍්‍රදේශයක් තුල පවා සමහර අධිකරණයන්ට සෙසු අධිකරණයන්ට වඩා වැඩි බලතල පවතී. උදාහරණයක් ලෙස බොහෝ අධිකරණ බලප‍්‍රදේශයන් තුල ඇපැල් අධිකරණයන් විසින් ලබාදෙන නඩු තීන්දුවලින් පහල අධිකරණ බැඳී සිටින අතර අභියාචනාධිකරණ නොවන අධිකරණයන් විසින් ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් බැඳීමක් නොවේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය, ව්‍යවස්ථාපිත නීතිය සහ නියාමන නිතීන් සමඟ පොදු නීතියේ මිශ‍්‍රවීම් සංකීර්ණ තත්වයන් නිර්මාණය කරයි. කෙසේ වෙතත් අධිකරණ පූර්ව නිර්ශන න්‍යාය හෙවත් සමාන නඩු සමාන රීතීන් යොදාගනිමින් විභාග කළයුතුය යන මූලධර්මය පොදු නීතියේ හදවත ලෙස සෑම පොදු නීති පද්ධතියක් තුලම අන්තර්ගත වේ.
"https://si.wikipedia.org/wiki/පොදු_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි