"මුතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
මුතු හා මුතුපරවල තිඹිරිගෙය සප්ත මහා සාගරයයි. මේ වටා ගෙතී ඇත්තේ හරි අපූරු කතාන්දරය. මහ මුහුද මුතු සඟවාගෙන විසිරී පැතිරී පවතින රහස්‌ ගුහාවක්‌ වැනිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර ශූරීන් මුතු ගැන වරෙක පවසා සිටියේ මුතුඇට මෙන්ම වූ හරි ලස්‌සන කතාවකි.
[[File:PerlmuttAusst.jpg|thumb|මුතු]]

සාගර කුස තුළ සිsටින මුතු බෙල්ලකුගේ කුසට කැති නැකතකින් තුෂර බිංදුවක්‌ ඇතුළු වූ විට මුතුබෙල්ලා එය අනර්ඝ ලෙස මුතු ඇටයක්‌ බවට පත්කරන බැව් සංස්‌කෘත ශ්ලෝකයක්‌ උපුටා දක්‌වමින් හෙතෙම සඳහන් කළේය.

සැබැවින්ම අපේ මුතු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි. අනාදිමත් කාලයක සිටම මේ පුංචි දිවයින ඉන්දියන් සාගරයේ මුතුඇටය වශයෙන් විරුදාවලිය ලැබුවේ එබැවිනි. වෛදික යුගයේ අශ්ව මේධය සඳහා සැරසීමට මුතු ගෙන යනු ලැබුවේ ලක්‌දිවින් යෑයි ද මතයක්‌ පවතී. එමෙන්ම දේවානම්පියතිස්‌ස රජතුමා අශෝක රජතුමා වෙත යෑවූ තෑගි අතර මුතු ද තිබූ බව සඳහන් වේ. පුරාතනයේ සිටම ලංකාව පෙර අපර දෙදිග වැදගත් වෙළෙඳ මධ්‍යස්‌ථානයකි. එකල ලංකාවෙන් වැඩි වශයෙන්ම අපනයනය කරන ලද්දේ මුතු මැණික්‌ ඇත්දත් සහ දළ ඇතුන්ය.

මේ තුළින් පැහැදිලි වන්නේ පුරාතනයේ සිටම ලංකාව මුතුවලින් පොහොසත්ව තිබූ බවය.
[[File:Black pearl and his shell.jpg|thumb|මුතුබෙල්ල]]
[[File:Pearl.jpg|thumb|right|මුහුදු තීරයේ මුතු කර්මාන්තය ]]

මුතු ගැන කතා කරන විට කාන්තාවන් ගැන කතා නොකරම බැරිය. කාන්තාව මුතුවලට දැක්‌වූයේ දැඩි ඇල්මකි. ලොල්බවකි. ස්‌ත්‍රියගේ කරේ තිබුණු මුතු දෙපට ගැන අපේ ජනකවීන් හරි අපූරුවට වර්ණනා කොට ඇත්තාහ. මේ එවැනි ජනකවියෙකි.

කටුගස්‌තොටේ මම තනියම නාන කොට

ළමිස්‌සියක්‌ බැස්‌සයි මගෙ ඉස්‌සර ට

කරේ තිබුණු මුතු දෙපටේ ලස්‌සන ට

ගෙන යන්නට සිතුනයි මට ඈ ගමට

එමෙන්ම ඉසුරුමුණි පෙම් යුවළගේ ද පයෝදර දක්‌වා වැටෙන මුතු දෙපටක්‌ ආභරණ වශයෙන් තිබී ඇත. මුතු කෙළිය ද එකල කාන්තාවන් අතර පැවැති ඉතා පැරණි ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව එකල රජමැඳුරටත් ධනවතුන්ටත් පමණක්‌ සීමා වූ අතර පසුව එය පොදු ජනතාව අතරට ද පැමිණියේය. මේ මුතු කෙළිය ගැන සඳහන් ජනකවියකි.

උදාරමට මුතු කෙළිනා සීරු ව

සැදී දෙපිල අඟනන් සිට මාරු ව

අතේ වළලු නද දෙති එක සීරු ව

මේදා නෑනේ දෙනවද මුතු පෝරු ව

ඒ රෝමයේ සිටි රැජිනක්‌ වූ ක්‌ලියෝ පැට්‌රා නමැත්තිය ද මුතු ආභරණ සඳහා දැඩි ලොල් බවක්‌ දැක්‌වූ තැනැත්තියකි.

මුතු ගැන සෞන්දර්යාත්මකව ගෙතී ඇති කතාන්දර ද බොහෝය. එහෙත් මහ සයුරේ මුතු හටගන්නේ මේ ආකාරයෙනි. එකල ශ්‍රී ලංකාව ආශ්‍රිත නොගැඹුරු මුහුදු තීරයේ මුතුපර විශාල වශයෙන් තිබුණි. මුතුබෙල්ලන් වැඩි වශයෙන් බෝවන්නේ නොගැඹුරු මුහුදු තීරයේය. මෙහිදී අවශ්‍ය උෂ්ණත්වය, ගල්පර නිසා ඇතිවන පෙන සුපයන් මුතුබෙල්ලන් බෝවීම කෙරෙහි විශාල වශයෙන් බලපායි.
[[File:Margaritifera margaritifera-binnen1.jpg|left|100px|thumb|විවර වූ මුතු බෙල්ල]]

දැඩි ලෙස මුහුද කැළඹීමත් සමඟ මුතු සෑදීම සඳහා මුතුබෙල්ලන් ප්‍රවිශ්ඨ වීම සිදුවේ. මෙහිදී වැලි සිප්පිකටු කැබලි, කොරල් කැබැලි ආදී ආගන්තුක ද්‍රව්‍ය මුතුබෙල්ලන් තුළට ඇතුළුවීම ස්‌වාභාවිකව සිදුවේ. විවර වූ මුතු බෙල්ලන් තුළට මෙම ආගන්තුක ද්‍රව්‍ය ඇතුල් වීමත් සමඟ බෙල්ලාගේ ශරීරය තුළින් එකී ආගන්තුක ද්‍රව්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සාහ දරයි.
[[File:PEARL-SECTION.jpg|thumb|275px|right|මුතුඇටයේ භරස්කඩ ]]
එම උත්සාහයේදී මුතුබෙල්ලාගෙන් පිටවන කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ බාහිරින් පැමිණි ආගන්තුක ද්‍රව්‍ය වටා නිරන්තරයෙන් බැඳීම හෝ රැස්‌වීම නිසා ස්‌වාභාවික මුතු ඇති වේ. එම වෑස්‌සෙන ආගන්තුක ද්‍රව්‍ය බොහෝ විට බෙල්ලාගේ කටුව දෙපස තැන්පත් වේ. මේවායේ ද මුතු සෑදී තිබේ.

මුතු බෙල්ලකු හමු වූ විට මුතු ඇටය පාටින් ම එම බෙල්ලාගේ කටුව ඇතුළත ඉතා ඉහළ දීප්තියකින් යුතු මුතු වැනිම වූ පටලයක්‌ බැඳී තිබීම නිසා ඉක්‌මනින් මුතු බෙල්ලන් හඳුනාගත හැකිය.

ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ ලංකාවට කීර්තියක්‌ අත්කර දුන්නේ අව්‍යාජ මුතු වෙළෙ¹මයි. ප්‍රභාකරන් නමැති මස්‌වැද්දාගේ ත්‍රස්‌ත කල්ලියේ ත්‍රස්‌ත කටයුතු නිසා මේ පුංචි මුතු ඇටය ලෙයින් නැහැවී ගියේය. දැන් මේ පුංචි දිවයින නිදහස්‌ නිවහල් රාජ්‍යයක්‌ බවට පත්ව ඇත්තේය. එහෙත් මුතු පිළිබඳ තිබූ උනන්දුව ද වියෑකී ගොසිනි.

ත්‍රිකුණාමලයේ මෙන්ම මන්නාරම් බොක්‌ක ආශ්‍රිතව මුහුදු තීරයේ මුතු කර්මාන්තය එකල ව්‍යාප්තව පැවතුණි.

මන්නාරම් බොක්‌කේ ඔබ්බෙහි පිහිටි ප්‍රධාන ගොඩබිමේ වැලි සහිත වෙරළේ ඇවිදීමට ගියෙමු. මෙහි දකුණු කොරෙන්මරිච්චකඩෙයි යන ස්‌ථානයේ සහ උතුරු කොරෙන්අරිප්පු යන ස්‌ථානයේ කටු ඇඹිල්ල පඳුරු සහිත කටු පඳුරු ආසන්නයෙහි මුතු වාඩි දැකිය හැකිය. අනාදිමත් කාලයක සිට මේ වාඩිවල සිට මුතුපර කඩා ගන්නා ලදී. මේ ස්‌ථාන දෙක අතර දස ලක්‍ෂ ගණනක්‌ මුතු බෙල්ලන්ගෙන් සැදිගත් මුතුපර කඳු වශයෙන් දැකිය හැකි අතර මේ මුතු බෙල්ලන් වසරින් වසර මුතු කිමිදෙන්නන් විසින් කඩා ගනු ලැබිණි.
[[File:Pearls.jpg|thumb|right|250px|]]
බ්‍රොaහියර් හඳුනාගත් ලංකාව නමැති කෘතියේ මන්නාරම් බොක්‌කේ තිබූ මුතුවාඩි පිළිබඳ තමන් දුටු දෑ බ්‍රොaහියර් විස්‌තර කර තිබුණේ ඒ ආකාරයෙනි.

එමෙන්ම මන්නාරම් සමුද්‍ර සන්ධියේ සහ පෘතුගාල බොක්‌කේ තමන් සතුව තිබූ මුතු කිමිදීමේ ඒකාධිකාරිය ලංකා රජය මගින් ලංකා මුතු කිමිදෙන්නන්ගේ සමාගම නම් වූ සමාගමකට විකුණන ලද බව ද බ්‍රොaහියර් සඳහන් කරයි.

මෙකී සමාගම විසින් "රොන්ජන් කිරණ" උපයෝගි කරගෙන මුතුබෙල්ලා එසේ සිටියදීම උගේ කටුව තුළ මුතු තිබේදැයි විද්‍යානුකූලව දැන ගැනීම සඳහා සහ වඳ මුතු බෙල්ලන් තුළ විද්‍යාත්මකව මුතු පැළ කිරීමට කරන ලද උත්සාහය ද අසාර්ථක වී තිබිණි. කෙසේ වුවද 19 වැනි සියවසේ අගභාගයේදී පමණ රජයට අයත්ව තිබූ මුතු පර තුනෙන් එකකින් මුතු කැඩීමේ වාරයේදී රුපියල් දසලක්‍ෂයක පමණ දැවැන්ත ආදායමක්‌ උපයාගෙන තිබිණි.

මුතු කැඩීමේ ව්‍යාපාරයට කණකොකා හැඬු පසු වරින් වර කරන ලද සමීක්‍ෂණයන්ගෙන් පෙනී ගියේ ලංකාව ආශ්‍රිත මුහුදේ නැවත කිසිදාක මුතු කැඩීම සිදු නොවන බවය. බ්‍රොaහියර් තම කෘතියේ එක්‌ තැනක එසේ සඳහන් කොට තිබුණේය.

කෙසේ වුවද උතුරේ වසන්තය වැඩසටහනත් සමඟ මුතු කර්මාන්තය ගැන යළිත් කතාබහ කරන්නට පටන්ගෙන තිබේ. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති රැස්‌වීමකදී මෙකී කර්මාන්තය පිළිබඳ දැඩි ලෙස කතාබහට ලක්‌ව තිබේ.

ඇත්තටම මන්නාරම් බොක්‌ක ආශ්‍රිත මුහුදු තීරයේ දැනුත් ස්‌වාභාවික මුතුපර තිබේද? මේ සම්බන්ධව අපි ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ (නාරා) සභාපති කරුණාදාස හපුතන්ත්‍රි මහතාගෙන් විමසීමක්‌ කළෙමු.

ඇත්තටම අද මන්නාරම් මුහුදු තීරය ආශ්‍රිත මුතු පර තර්ජනයට ලක්‌වෙලා තිබෙනවා. මිනිස්‌ ක්‍රියාකාරකම්, පාරිසරික හේතු, මිහිතලය උණුසුම් වීම, සාගරයේ උණුසුම මෙම තත්ත්වයට හේතු වී තිබෙනවා. ත්‍රස්‌තවාදී කටයුතු නිසා මෑතකදී නම් මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්න බැරි වුණා. ඉදිරියේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‍ෂ, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්‌ස්‌ පෙරේරා යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ මුතු කර්මාන්තය යළි නඟාසිටුවීමට පියවර ගන්නවා.

මුතුවාඩි පවත්වාගෙන ගිය අය විසින් රන්බිජු ලබාගැනීමේ හදිසියෙන් පෙළුණු නිසා නොමේරූ මුතුපර පවා සූරාගැනීම නිසා මුතුපරවල තිබූ සාරවත් බව නැතිකර දැමූහ. මෙසේ නොමේරූ මුතුපර කඩාගැනීමේ අදූරදර්ශී ක්‍රියාව නිසා මුතුබෙල්ලන්ගේ බෝවීම මර්දනය වීම හෝ සම්පූර්ණයෙන්ම නැතිවී යැම සිදු විය. මේ නිසා බොහෝ මුතු පර වඳ වී ගියේය.

බ්‍රොaහියර් අපේ මුතු පරවලට වී ඇති වින්නැහිය එදා තම කෘතියේ විස්‌තර කොට තිබුණේ ඒ ආකාරයෙනි.

ස්‌වාභාවික මුතුපර වඳ වී ගිය ද අපේ රටේ සාමාන්‍ය ලෙස මුතු වගා කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය පාරිසරික සාධක ඕනෑවටත් වඩා වැඩිය තිබේ. වයඹ විශ්වවිද්‍යාලයේ ධීවර හා ජලජීවී අධ්‍යයන අංශයේ මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. බී. වන්නිනායක මහතා මුතු ගැන පර්යේෂණ කරන විද්වතෙකි. මුතු ගැන ඔහුට ඇත්තේ හසළ දැනුමකි. මුතු වගා කිරීමේ තාක්‍ෂණය ද මොහු සතුය. පර්යේෂණවලට පමණක්‌ සීමා නොවී ඔහු මුතු වගාකිරීමේ කටයුතුවල ද නිරත වන්නේය.

මුතු ගැන මා පර්යේෂණ 82 ක්‌ පමණ සිදුකොට තිබෙනවා. පර්යේෂණ කරලා ව්‍යාපෘති ගණනාවක්‌ම සකස්‌ කොට තිබෙනවා. අපේ රටේ මුතු වගා කරන්න පුළුවන්. මෙය අපේ රටට විදේශ විනිමය උපයාගත හැකි ධන උල්පතක්‌. උතුරු වසන්තය ගැන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්‌වීමට ද මා සහභාගි වුණා. ත්‍රිකුණාමලයේ කලපුවේ මුතු වගා කරන්න පුළුවන් මුතු වගා කිරීමට අවශ්‍ය පාරිසරික සාධක සියල්ල එහි තිබෙනවා. මෙහිදී සාකච්ඡා වුණේ පළමුව ආහාර සඳහා බෙල්ලෝ වගාකරන්න, ඉන් පසු මුතු ලබාගැනීමට මුතු බෙල්ලෝ වගා කිරීමට.

චීනයේ වසරකට ටොන් සියයක්‌ පමණ මුතු නිෂ්පාදනය කරයි. ලෝකයේ මුතු නිෂ්පාදනය කරන රටවල වසරකට මුතු වෙළෙ¹මෙන් උපයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2.5 කි.

ලංකාවේ විද්‍යාඥයින්ට තැනක්‌ නැත පර්යේෂණ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන හා පහසුකම් ලබාදෙනවා නම් මුතු බෙල්ලන්ගෙන් මුතු හදාගන්න පුළුවන්. බැසිල් රාජපක්‍ෂ මහත්තයා ගැන අපට විශ්වාසයක්‌ තිබෙනවා, මෙකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරාවි කියා මහාචාර්ය වන්නිනායක එසේ පැවැසුවේය.

කෙසේ වුවද උතුරේ මුතුපර පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ආතර් සී. ක්‌ලාක්‌ මහතා පවසා තිබුණේ ඔස්‌ටේ්‍රලියානු මුතු පරත් ලංකාවේ මුතු පරත් අතර එතරම් වෙනසක්‌ නොමැති බවය. මුතුබෙල්ලන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්‌ථාන නොඑසේ නම් මුතු ගොවි පොළවල් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයකු ද ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටියි. ඔහු ශාන්ති ගුණරත්නය.

ද ඩයිවර්ස්‌ ආයතනයේ අධිපති චතුර කුඩච්චිද මුතු පිළිබඳ නිරතුරුව අධ්‍යයනය කරන තැනැත්තෙකි. ඔහු මුතු කර්මාන්තය ගැන පවසන්නේ මෙවන් අදහසකි.

98 වසරේදී ත්‍රිකුණාමලය මුහුදු තීරයේදී මට මුතු හමුවෙලා තියෙනවා මුතු ගැන විශේෂ දැනුමක්‌ ඇති අලුත් පරපුරක්‌ බිහිවුණේ නැහැ. ඇත්තටම දකුණු මුහුදු තීරයේ වුවත් අපිට මුතු වගා කරන්න පුළුවන් මුතු වගා කිරීමේ තාක්‍ෂණයන් අප සතුව තිබෙනවා. ඒ සඳහා බාධාවකින් තොරව අවසර ලබා දෙනවා නම් අපිට ඒ අභියෝගය භාරගන්න පුළුවන්.

මුතුබෙල්ලන් වගා කිරීම ද එකල ලංකාවේ ජයටම සිදු කෙරිණ. රූමස්‌සල කඳුවැටිය පාමුල පිහිටි මහවැල්ලේ ද මුතුබෙල්ලන් වගා කොට මුතු ගැනීමේ ව්‍යාපෘතියක්‌ ද ආරම්භ කරනු ලැබීය. ඒ 1975 වසරේදී ජපන් සමාගමක්‌ විසිනි.

මුතුබෙල්ලෝ වගා කරලා ගොඩඅරගෙන පියන්පත් දෙක ඇරලා විද්‍යාත්මකව ශල්‍යකර්මයක්‌ කරනවා. ඊට පස්‌සේ කෘත්‍රිම මුතුඇටයක්‌ දානවා බෙහෙතුත් දානවා ප්ලාස්‌ටික්‌ පෙට්‌ටියක අසුරලා යළි වතුරට දානවා මුතුඇටය මාර ඇටයක්‌ වගේ ඇති. ඒ තාලේ මුතු ඇටයක්‌ ඩොලර් 4000 ක්‌ විතර වුණා. මෙයින් විශාල පිරිසකට සෘජුව හා වක්‍රව රැකියා අවස්‌ථා උදා වුණා. ගාලු වරාය වැඩි දියුණු කිරීමත් සමඟ ව්‍යාපෘතිය නතර වුණා.
"https://si.wikipedia.org/wiki/මුතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි