"දුටුගැමුණු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය Android app edit
58 පේළිය:
වයස 16 වන විට තරමක් හිතුවක් කාර වුවද ගාමිණි කුමරු ශක්තිමත්ය. බුද්ධිමත් මෙන්ම රාජකීය නායෙකයෙකු විය. රජරට රජු බලයෙන් පහකිරීමේ අදහස ඇතිව ඔහු රෝහණ ප්‍රදේශයෙන් යුද්ධය සදහා හමුදාවක් සංවිධානය කළේය. පසුව උතුර ආක්‍රමය කිරීමේ තම අදහස පියාට කියා පෑවේය. රජු මෙම අදහසට ඉඩ නොදුන් “ගගෙන් මෙහා භූමිය ප්‍රමාණවත්” යැයි කීමෙනි. මෙහිදි පියා සහ පුතා අතර ඇති වු අදහස් හුවමාරුව අවසානයේ ගාමිණිට - දුෂ්ඨ ගාමිණි ලෙස නමක් පටබැදුනු අතර මිතුරන් සමග මලය දේශයට පලාගියහ.
 
කාවන්තිස්ස රජුගේ මරණයෙන් පසු - කන්ඩුල ඇතාද වැන්දඹු බිසව වු විහාර මහා දේවියද තම භාරයට ගෙන තිබුණු තම බාල සොහොයුරා වු තිස්සගෙන් රාජය බලය ආරක්ෂා කරගැනීමට දුටුගැමුණු රජුට අවශ්‍ය විය. දෙදෙනා අතර ‘කුලංගනිය පිත්ති’ නම් ස්තානයේ දී ඇති වු යුද්ධයෙන් දුටුගැමුණු රජු පරාජ විය. ඔහුගේ පිරිසෙන් මිනිස්සු දහස් ගණනක් වැනසුනේය. දුටු ගැමුණුට ‘මහගමට’ පලා යෑමට සිදු විය. එහිදී ඔහු නැවත වරක් සේනා සංව්ධානය කර තිස්සට එරෙහිව නගරය පෙනෙන තෙක් ස්ථානයේ තැනකදී යුද්ධ කළේය. මෙම අවස්ථාවේදි ඔහු ජය ගත්තේය. තිස්ස පලා ගියේ භික්ෂුවකගේ මෘත දේහයක් ගෙන යන ආකාරයට උපක්‍රමයක් යොදා ගෙනයි. මෙම සිද්ධියෙන් ටික කලකට පසුව විහාර මහා දේවියගේ සහ බෞද්ධ භික්ෂුන් මැදිහත් වීමෙන් කළ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස දෙදෙනා මිතුරු වී පසුව තිස්ස කුමරු රජුගේ ප්‍රධාන සෙන්පතියෙකු බවට පත්විය.''''
 
== '''*රජරට මුදාගැනීම*''' ==
"https://si.wikipedia.org/wiki/දුටුගැමුණු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි