"එක්සත් ජනපදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
116 පේළිය:
 
=== '''පළමු ලෝක යුද්ධය, මහා අවපාතය, සහ දෙවැනි ලෝක යුද්ධය''' ===
1914 දී [[පළමුවන ලෝක යුද්ධය|පළමු ලෝක යුද්ධය]] පටන් ගැනෙද්දී එක්සත් ජනපදය අපක්ෂපාතී විය. බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ රජයන් සමඟ බොහෝ ඇමෙරිකන් වැසියන් දුක ප්‍රකාශ කළත් බහුතරය මැදිහත්වීමට විරුද්ධ වූහ. 1917 දී එක්සත් ජනපදය මිත්‍රරාජ්‍යයන්ට එකතු විය. ඇමෙරිකන් සොයාබැලීමේ හමුදාවක් මධ්‍යගත බලයන්ට එරෙහිව අනිත් පැත්තට යුද්ධය හරවන්නට සමත් විය. යුද්ධයෙන් පසුව, "ජාතීන්ගේ සංගමය" පිහිට වූ "වාසෙයි හි ගිවිසුම" සෙනෙට් සභාව අපරානුමත කළේ නැත. රට සොයා ගියේ ඒක පාර්ශවීය වූ ප්‍රතිපත්තියකි. එය ඒකලනවාදයකට ඔන්න මෙන්න තිබියකි. 1920 දී කාන්තා අයිතීන් සංවිධාන විසින් ව්‍යවස්ථාව ප්‍රතිසංශෝධනයෙන් කාන්තාවට චන්ද ප්‍රකාශයට බලය දිනා ගති. "සීඝ්‍රගාමී විසි ගණන්" යැයි හැඳින්වෙන යුගය අවසන් වෙන්නේ 1929 දී වෝල් වීදියේ ආර්ථික පරිහානියත් සමඟිනි. එයින් ඇරඹුනේ මහා අවපාතයයි. 1932 දී ජනාධිපතිවරයා වූ [[ෆ්‍රෑන්ක්ලින් ඩී. රූසවෙල්ට්]] විසින් "නව ප්‍රදත්තය" ඉදිරිපත් කළේය. එහි ප්‍රතිපත්ති වලින් ආර්ථිකයට ඇඟිලි ගහන ආණ්ඩුවේ මැදිහත්වීම් රාශියක් පටන් ගැනිණ. ඉන් එකක් වූයේ සමාජ ආරක්ෂක සැලැස්මයි. "දුහුවිලි කුණාටුව" නොහොත් "දුහුවිලි පාත්‍රය" නමින් හැඳින්වෙන 1930 ගණන් මැද දී පැතිර ගිය ස්වභාවික ව්‍යසනයන් කෘෂිකාර්මික සමාජයන් බොහොමයක් අඩපණ කරන ලදි. රටේ බටහිර පළාත් වලට ඇදී යන සංක්‍රමණික රැල්ලක් පටන් ගති.
 
එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්ධය පටන් ගත් කාලයේ ද අපක්ෂපාතීව ඉන්නට සමත් විය. 1939 සැප්තැම්බර් මාසයේ දී නාට්සි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කළ පසුව මිත්‍රරාජ්‍යයන්ට භාණ්ඩ සපයන්නට පටන් ගත්තේ 1941 මාර්තුවේ දී ලෙන්ඩ්-ලීස් නම් වැඩසටහන යටතේ ය. 1941 දෙසැම්බර් 7 වැනිදා ජපන් අධිරාජ්‍යය විසින් පර්ල් වරායට හදිසි ප්‍රහාරයක් එල්ල කරන්නට සමත් විය. එයින් එක්සත් ජනපදය මිත්‍රරාජ්‍යයන්ට එකතු වී අක්ෂ බලයන්ට එරෙහිව කටයුතු කරන්නට පටන් ගති. ජපන් ඇමෙරිකන් වැසියන් දහස් ගණනින් කඳවුරු වල වාසයට සීමා පනවන ලදි. යුද්ධයට සහභාගී වීමෙන් කාර්මික ධාරිතාවට සහ මූල්‍ය ආයෝජනයට ජවයක් ලැබිණ. සටන් වැදි ප්‍රධාන රාජ්‍යයන් අතරින් යුද්ධය අවසානයේ දී ධනවත් වෙන්නට හැකියාව ලැබුනු එකම රට එක්සත් ජනපදයයි. යුද්ධය නිසා දුප්පත් වෙනවාට වඩා ඉතා ධනවත් වන්නට හැකිවුණි. මිත්‍රරාජ්‍යයන් හි සම්මේලන පැවැත්වුන බ්‍රෙන්ටන් වුඩ්ස් සහ යාල්ටා හි දී අන්තර්ජාතික සබඳතා සඳහා වූ නව සංවිධාන සැලසුමක් යෝජනා විය. ඒවායෙන් එක්සත් ජනපදය සහ සෝවියට් යුනියනය ලෝක සබඳතා මැද්දට ගෙන යන ලදි. යුරෝපයේ ජයග්‍රහණයත් සමඟින් 1945 දී ජාත්‍යන්තර සමුළුවක් සැන් ෆ්‍රැන්සිස්කෝවේ දී පැවැත්වින. එහි ඵලය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියයි. එය යුද්ධයෙන් පසුව ක්‍රියාවට නැඟුණි. පරමාණු අවි ලෝකයේ මුල් වරට නිෂ්පාදනය කළ එක්සත් ජනපදය අගෝස්තුවේ දී ඒවා හිරෝෂීමා සහ නාගසාකි යන ජපන් නගර වල දී ඒවා භාවිතා කළේය. සැප්තැම්බර් 2 වැනිදා ජපානය යටත්වීමෙන් පසු යුද්ධය අවසන් විය.
 
=== '''සීතල යුද්ධය සහ විරෝධතා දේශපාලනය''' ===
[[දෙවැනි ලෝක යුද්ධය|දෙවැනි ලෝක යුද්ධයෙන්]] පසු බලය සඳහා තරඟ කිරීම එක්සත් ජනපදය හා සෝවියට් යුනියනය අතර සිද්ධ වෙන්නේ සීතල යුද්ධය සමයේ ය. නේටෝ සංවිධානය සහ වෝර්සොව් එකඟතාවයත් මඟින් යුරෝපයේ හමුදාමය කටයුතු වල වැඩියෙන් යෙදෙන්නේ මේ රටවල් දෙකය. පෙරකලාසි යුද්ධයන්හි නිරත වෙන ඔව්හු බලවත් පරමාණු අවි ගබඩා නිෂ්පාදනයේ යෙදුනහ. මේ රටවල් දෙක කෙළින් ම එකිනෙකා හා සටන් කිරීමට ඉදිරිපත් නොවූහ. එක්සත් ජනපදය සෝවියට් අනුග්‍රහයෙන් සිද්ධ වූවා සේ දැකි තුන්වැනි ලෝකයේ රටවල වාමාංශික ව්‍යාපාරයන්ට විරුද්ධ විය. 1950-53 පැවැති කොරියන් යුද්ධ වල දී ඇමෙරිකන් හමුදා කොමියුනිස්ට් චීන සහ උතුරු කොරියන් හමුදාවන්ට එරෙහිව සටන් වැදුනහ. මහජන මන්ත්‍රී සභාවේ වූ ඇමෙරිකන්-නොවන හැදියාවෙන් කටයුතු කරන අය ගැන විමසන කමිටුවක් මඟින් වාමාංශික පෙරළිකාරයන් ගැන සොයන්නට විභාගයන් පවත්වන ලදි. කොමියුනිස්ට් විරෝධයට මූලිකත්වය ගත්තේ සෙනෙට් සභිකයෙකු වූ ජෝසෆ් මැක්කාර්ති විසිනි.
 
1961 දී සෝවියට් යුනියනය ලොව ප්‍රථම වරට මිනිසෙක්ව අභ්‍යාවකාෂයට යවන්නට සමත් වුණි. ඒ නිසා ජනාධිපති [[ජෝන් එෆ්. කෙනඩි]] ඇමෙරිකන් වැසියන් ගෙන් ඉල්ලා සිටියේ ප්‍රථමයෙන් මිනිසෙක් ව සඳ මතට බස්සවන්න කියාය. එය ඔවුන් 1969 දී සාක්ෂාත් කරගත්හ. කෙනඩිට පරමාණු අවි අර්බූදයකට ද මුහුණ පාන්නට සිදුවිය. ඒ සෝවියට් හමුදා කියුබාවට ඇතුල් වෙන්නට උත්සාහ කළ අවස්ථාවේ දී ය. මේ අතර තුරේ දී ඇමෙරිකාව දිගින් දිගට ම ආර්ථික ව්‍යාප්තිය පවත්වා ගෙන යන්නට සමත් විය. අප්‍රිකානු ඇමරිකන් ජන සමාජයේ රෝසා පාර්ක්ස් සහ මාටින් ලූතර් කින්ග්, ජූනියර් වැනි අයගේ මුලිකත්වයෙන් සංකේතවත් වූ සිවිල් අයිතීන්ගේ පෙරමුණක ආරම්භය මෙකල සිද්ධ විය. එය පරිහාරිය නොහොත් වෙනස් සේ සැලකීම යන්නටත් විසංගනය නොහොත් වෙන් කර තැබීමටත් විරුද්ධ වූ හිංසනයෙන් තොර විරෝධතා පෙළපාලි ලෙසින් පටන් ගැනිණ. 1963 දී කෙනඩි ඝාතනය සිද්ධ විය. 1964 දී සිවිල් අයිතීන් පනත සහ 1965 දී චන්ද අයිතීන් පනත ජනාධිපති [[ලින්ඩන් බී. ජොන්සන්]] යටතේ සම්මත වූහ. එසේම ඔහු මෙඩිකෙයාර් සහ මෙඩිකේඩ් යන සෞඛ්‍ය වැඩසටහන් නීතිගත කළේය. ජොන්සන් සහ ඔහුට පසු බලයට පැමිණි [[රිචඩ් නික්සන්]] යන දෙදෙනා ම නිරිත දිග ආසියාවේ පෙරකලාසි යුද්ධය අසාර්ථක වූ වියට්නාම් යුද්ධය දක්වා ව්‍යාප්ත කරන ලද්දහ. යුද විරෝධී, කළු ජාතිකත්වය සහ ලිංගික විප්ලවය යන හැඟීම් වලින් අනු සංස්කෘතියක් පැතිර යන්නට පටන් ගැනිණ. බෙටී ෆ්‍රීඩන්, ග්ලෝරියා ස්ටයිනම් සහ තවත් අය කාන්තාවාදයක පෙරමුණ ගත්හ. ඔවුන් දේශපාලන, සමාජයීය හා ආර්ථක සාමානාත්මතාවයන් කාන්තාව වෙනුවෙන් ඉල්ලා සිටියහ.
128 පේළිය:
 
=== '''වර්තමානය''' ===
ජනාධිපති [[ජෝර්ජ් ඩබ්. බුෂ්|ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්]] යටතේ එක්සත් ජනපදය විසින් එක්සත් ජාතීන් අනුමත කරන ලද ගල්ෆ් යුද්ධයේ මූලිකත්වය ගනියි. 1991 මාර්තු සිට 2001 මාර්තු දක්වා නූතන ඇමෙරිකන් ඉතිහාසයේ දීර්ඝ කාලීන වූ ආර්ථික ව්‍යාප්තිය සිදුවේ. එම කාලයට ජනාධිපති [[බිල් ක්ලින්ටන්]] පාලන සමය ද අයිති වෙයි. ඊට ඩොට් කොම් බුබ්බුලය පුපුරා යෑම ද අයිති වෙයි. 1998 දී සිවිල් නඩුවකින් සහ ලිංගික ලෝකාපවාදයකින් ක්ලින්ටන් ද්යෝෂාභියෝගයට ලක් වූවත් ඔහු නිලයේ රැඳී සිටියි. 2000 දී ඇමෙරිකන් ඉතිහාසයේ ජනාධිපතිවරණයක දී චන්ද සංඛ්‍යාව දෙපැත්තට ම ඉතා සමාන වූ ආකාරයකින් බෙදී ගිය මැතිවරණය පැවැත්වෙයි. එක්සත් ජනපද සුපිරි උසාවි තීරණයකින් ජයග්‍රාහකයා කවුදැයි තීරණය වෙන එම මැතිවරණයේ ජය අත් වෙන්නේ [[ජෝර්ජ් ඩබ්. බුෂ්|ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්]] ට ය. ඔහු ජනාධිපතිවරයා වෙයි.
 
2001 සැප්තැම්බර් 11 වැනි දා, නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ වොෂිංටන් දිස්ත්‍රික්කයේ පිහිටන පෙන්ටගනයට ඇල්-කයිඩා ත්‍රස්තවාදීන් වෙතින් ප්‍රහාර වැදෙයි. එහි දී තුන්දහසක ජනතාව මිය යති. ඊට පිළිතුරක් වශයෙන් බුෂ් ආණ්ඩුව ත්‍රස්තවාදයට එරෙහිව ගෝලීය මෙහෙයුමක් අරඹයි. ඇෆගනිස්තානය ආක්‍රමණය කරයි. තලිබාන් ආණ්ඩුව සහ ඇල්-කයිඩා පුහුණු කඳවුරු ඉවත් කරයි. තලිබාන් ත්‍රස්තවාදීන් ගරිල්ලා යුද්ධයක නිරත වීම කරගෙන යති. 2002 දී බුෂ් ආණ්ඩුව ඉරාකයේ ආණ්ඩුව වෙනස් කරනු පිණිස පෙරැත්ත කරන්නට පටන් ගති. එයට ඉදිරිපත් කරන ලද හේතු විවාදයට ලක්වුණි. 2003 දී ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කරයි. සදාම් හුසේන් බලයෙන් පහ කරන ලදි. 2005 දී කත්රීනා නම් වූ චණ්ඩමාරුතයෙන් ගල්ෆ් වෙරළබඩ පෙදෙස් වලට දරුණු හානි සිද්ධ වේ. නිව් ඔර්ලියන්ස් විනාශයට පත් වෙයි. 2008 ගෝලීය ආර්ථික අවපාතයක් මැද ඇමරිකාවේ ප්‍රථම අප්‍රිකානු ඇමරිකන් ජනාධිපතිවරයා වන බරක් ඔබාමා තේරී පත් වෙයි. වසර දෙකකට පසුව දැවැන්ත සෞඛ්‍ය පහසුකම් සහ මූල්‍යමය සැලසුම් ගෙන එයි. 2011 දී නේවි සීල්ස් හමුදා සේනාංකය විසින් පාකිස්තානයේ දී ඇල්-කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය වෙයි. 2011 දෙසැම්බර් මාසයේ දී ඉරාක යුද්ධය නිල වශයෙන් අවසන් වී සියළු ඇමෙරිකන් හමුදාව රටෙන් ඉවත් කරයි.
"https://si.wikipedia.org/wiki/එක්සත්_ජනපදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි