"පෘතුගීසි ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
70 පේළිය:
සෙනරත් රජු ඔහුගේ රාජධානිය කොටස් කර තමාගේම පුතා වූ රාජසිංහට කඳුකරයට ඉහළ පෙදෙස් ප්‍දේශීය පහක්ද (වර්තමාන නුවර දිස්ත්‍රික්කය) රජු යන නාමයද ප්‍රධානය කළේය. දෝනකතිරිනාගේ අනිත් පුතුන් වූ කුමාරසිංහ හා විජයපාල දෙදෙනා පිළිවෙලින් ඌව සහ මාතලේ පළාත් ලබා ගත්හ. රාජසිංහ විසින් සෙනරත් මිය යාමට පළමුව කුමාරසිංහට වස දී මරා දමනු ලැබුවේය. සෙනරත් රජු 1635 දී මිය ගියේය. බාලම කුමරු දෙවැනි රාජසිංහ (1635-1687) රජු බවට පත් විය. 1634 ගිවිසුම ඉතා තදින් ක්‍රියාත්මක නොවුණි. නව රජය ඉතා ඉක්මණින් ලන්දේසීන් කැඳවූයේ කොට්ටියාර් නැතහොත් මඩකලපු කොටුවක් පවරා දෙන බව පොරොන්දු වෙමිනි. ඔවුන්ගේ නාවික වියදම් ගෙවන බවටද පොරොන්දු විය. ඒ වන විටත් ලංකාවේ කුරුඳු වෙළඳාම ගැන ඇස් ගසා ගෙන සිටි බතාවියාවේ නැගෙනහිර ඉන්දියා සමාගම් බලධාරීන් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ගෝව නගරයෙ ආරක්ෂාව සඳහා යමින් සිටි අද්මිරාල් ඇඩම් වෙසටර්වොල්ඩ් හට ආපසු එන ගමනේදී ලංකාව බලා යන ලෙසට උපදෙස් දුන්නේය. මේ අතරවාරයේදීම තවත් දූත පිරිසක් රාජසිංහ රජු හමුවීමට පිටත් කළ අතර ඔවුහු 1637 දී රජු හමුවට පැමිණියහ. සාකච්ඡා කිපයකින් පසු ඔවුහු සිංහලයන් තිදෙනෙකු සමග ගෝවාවලට පිටින් සිටි වෙස්ටර්වොල්ඩ් හා සම්බන්ධ වීමට ගියහ. එහිදී පෘතුග්‍රීසීන් හා ලන්දේසි නාවික හමුදා අතර සිදුවූ සටන් ඇසින් දුටුවහ. පෘතුග්‍රීසීහු 1638 ජනවාරි 4 දින පරාජයට පත් වූහ. මෙහිදී අද්මිරාල් තැන විසින් ඔහුට පළමුව උප අණදෙන නිලධාරී කොස්ටර්ට කුඩා හමුදාවක්ද කැටුව යන ලෙස උපදෙස් දුන් අතර ඒ පිරිස අප්රේ ල් 3 දින ත්‍රිකුණාමලයට ගොඩ බැස්සේය.
 
== '''''ලංකාවට පෘතුගීසීන් පැමිණීම''''' ==
1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි. 1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. මෙම ප්‍රථම ගොඩබැසීම සිහිවීම පිණිස ගොඩනැගූ ස්මාරකය කොළඹ බොක්කේ සිට බැලූ විට දක්නට ඇත. පෘතුග්‍රීසීන් එය පාද්රෝ (Padrao) යනුවෙන් නම් කළහ. පෘතුග්‍රීසීන් රාජ්‍ය ලාංඡනයට ඉහළින් කුරුසිය සහිත මෙම සිහිවටනය 1920 දී තරම් කාලයේදී දක්නට ලැබුණේ 1501 දාතම සමගයි. එවැනි දාතමක් සඳහන් වන්නේ කුමන හේතුවක් නිසා දැයි පැහැදිලි කළ නොහැක.
 
"https://si.wikipedia.org/wiki/පෘතුගීසි_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි