"ඡායාරූප පත්‍රකලාවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 25 interwiki links, now provided by Wikidata on d:q506858 (translate me)
ටැගය: Reverted
12 පේළිය:
===පදනම===
 
ඡායාරූප මඟින් අලුත් කතා නිර්මාණය කිරීමටත්, පිටපත් කිරීම මඟින් ක්‍රියාවට නැංවීමටත් හැකිවිය.1880 සිට1897 දක්වා කාල පරාසය තුළදී ඡායාරූපකරණය නවීකරණයට භාජනය විය. 1850 දශකයේ පමණ සිට ,ප්‍රවෘත්තිවලට යෝග්‍ය අංග රූපගත කළ අතර, 1880 තෙක් මුද්‍රණාල වලට හැකිවූයේ ඒවා මුද්‍රිත චිත්‍ර මඟින් ප්‍රචාරය කිරීමට පමණි. පැරණි ප්‍රවෘත්ති ඡායාරූප ප්‍රචාරය කිරීමට පෙර කැටයම්කරු ලවා එම ඡායාරූප නැවත අර්ථ දැක්වීම අවශ්‍ය විය. බ්‍රිතාන්‍ය මුද්‍රණ වාර්තාකරුවන් වූ විලියම් සිම්ප්සන් සහ රොජර් ෆෙන්ටන් මෙලෙස ක්‍රිමීන් යුද්ධයේ යුද්ධ භූමියේ ඡායාරූප මුද්‍රිත චිත්‍ර ලෙස ප්‍රචාරය කළහ. මෙලෙස ඇමරිකානු සිවිල් යුද්ධයේ ඡායාරූපද මැතිව් බ්‍රේඩි විසින් ප්‍රචාරය කිරීමට පෙර චිත්‍ර බවට හරවන ලදී. මහජනයා පුවත් වල තාත්වික බවට ආශා කළ බැවින් ප්‍රවෘත්තිවලට යෝග්‍ය ඡායාරූප, ඡායාරූප ශාලාවල ප්‍රදර්ශනය කිරීම සාමාන්‍යය දෙයක් බවට පත්විය. ප්‍රතිනිෂ්පාදනයක්(මුද්‍රිත චිත්‍ර වලට වඩා ඉහළ )ප්‍රථම වරට ප්‍රචාරය කරවීය. තවදුරටත් නවීකරණය සිදු විය. 1887 දී ක්ෂණික බලය (flash)සොයාගන්නා ලදී. මෙමඟින් පුවත වාර්තාකරුවන්ට වෙනත් විෂයන්ට සම්බන්ධ ඡායාරූපද ප්‍රචාරය කළ හැකි විය. 1887 වනවිට මෙම අර්ධතාන ඡායාරූප මුද්‍රණාල තුළ වඩා වැඩිවේගයකින් පිටපත් කිරීමට ඉඩ සැලසිණි. මෙම නවීකරණයන් ඇති වූවත් සමහර සීමා ද පැවතුණි. බොහෝ සංවේදනීය පුවත්පත් හා සඟරා කතාවල මුද්‍රණ චිත්‍රද ඇතුලත් විය. (1897-1927) 1921දී "wire photo" තාක්ෂණය යොදා ගැනීම නිසා වඩාත් වේගයෙන් රූප සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ලැබිණි. කෙසේ වෙතත් එය [[1925]] දී මිලිමීටර 35 ලෙයිකා වාණිජ කැමරාව සාදන තෙක් නොතිබූණි. ප්‍රථම ක්ෂණික බල්බ (1927-1930) භාවිතයට යොමුවීමත් සමඟ මෙම සියලුම අංශ ඡායාරූප කලාවේ වඩාත් වැදගත් සන්ධිස්ථානයක් කරා ගෙන ඒමට සමත් විය.
 
==ඡායාරූප පත්‍රකලාවේදයේ සදාචාරාත්මක සහ නෛතික ගැටළු==
 
"https://si.wikipedia.org/wiki/ඡායාරූප_පත්‍රකලාවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි