"අභ්‍යවකාශ විද්‍යාව-ග්‍රහක පටිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැගය: Reverted
57 පේළිය:
433 එරොස්ගේ මෙම ඡායාරූපය ඇස්ටොරයිඩයේ යට පිහිටි බොකු නියන් හැඩය හරහා එක් කෙළවරක සිට අනෙක් කෙළවරට පෙනෙන දර්ශනය දක්වයි. 35m පමණ වන කුඩා ලක්ෂණ දැකිය හැක. පැහැය , අල්බිඩෝව හා වර්ණාවලි හැඩය මත පදනම්ව ඇස්ටොරයිඩ වර්ගීකරණ පද්ධතිය වර්ෂ 1975 දී ක්ලාක් ආර්. චැප්මන් , ඩේවිඩ් මොරිසන්, බෙන් සිල්නර් විසින් වැඩි දියුණු කරන ලදී. මෙම ගුණාංග ඇස්ටොරයිඩවල මතුපිට භෞතික ගුණාංගවලට සම්බන්ධයක් ඇතැයි විශ්වාස කරයි. මුල් වර්ගීකරණ පද්ධතියේ ප්‍රභේද 3ක් තිබිණි. ආහාර මිශ්‍රිත කළු පැහැති වස්තූන් C වර්ගය (හදුනාගෙන ඇති ග්‍රාහකවලින් 75%ක් පමණ) ගල් හා සිලිකා සහිත S වර්ගයේ වස්තූන් (හදුනාගෙන ඇති ඇස්ටොරයිඩවලින් 17% පමණ) හා C හා S ට අයත් නොවූ සියළුම වස්තූන් අයත් වන U වර්ගයේ ඒවාය. මේ වර්ගීකරණය දැන් තවත් ප්‍රභේද කිහිපයක් ද එකතුව ව්‍යාප්ත (වර්ධනය) වී ඇත. තවත් ග්‍රාහක අධ්‍යයනයකරත්ම ඊටත් වඩා ප්‍රභේද මෙයට එකතු විය හැකිය.
 
වර්තමානයේ භාවිතාවන , වඩාත් පුළුල් භාවිතයක් ඇති වර්ගීකරණ වන්නේ තෝලන් වර්ගීකරණය හා SMASS වර්ගීකරණයයි. මුලින් සදහන් කළ වර්ගීකරණය වර්ෂ 1984 දී ඩේවිඩ් ජේ. තෝලන් විසින් යෝජනා කෙරුණකි. එය 1980 වර්ෂයේ දී සිදුකරන ලද වර්ණ 8 කින් යුත් ග්‍රාහකයක් පරීක්ෂණයට ලක් කිරීමෙන් ලැබුණු තොරතුරු මත පදනම් විය. ඇස්ටොරයිඩ ප්‍රභේද 14 කට වර්ගීකරණය වීම එහි ප්‍රතිඵලය විය. වර්ෂ [[2002]] දී කුඩා ප්‍රධාන ග්‍රාහක වළල්ලේ වර්ණාවලීක්ෂ පිරික්සුම (SMALL MAIN BELT ASTORIDE SPECTROSCOPIC Survey) හි ප්‍රතිඵලය වූයේ තෝලන් වර්ගීකරණය ප්‍රභේද 24 දක්වා විකිරණය වීමය. මෙම පද්ධති 2 දී ග්‍රාහක C,S,X යනුවෙන් ප්‍රධාන ප්‍රභේද 3 කට වෙන් කරයි. X ට අයත් වන්නේ ප්‍රධාන වශයෙන් ලෝහමය ග්‍රාහකය උදාහරණ ලෙස M වර්ගයට අයත් ග්‍රාහක දැක්විය හැක. එහි තවත් කුඩා පන්ති ද රාශියකි.
 
== වර්ණාවලි වර්ගීකරණයේ ඇති ගැටළු ==
"https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_විද්‍යාව-ග්‍රහක_පටිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි