"සිංහල සාම්ප්‍රදායික කුල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
කුලවලට අැති අපහසාත්මක නම් යෙදුනු හැටි
ටැග: Emoji විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
154 පේළිය:
විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.
පසුකාලීනව ගොවිගම කුලයෙහි බලයට විරුද්ධව නැගිසිටීමේදී ඔවුන් රාජ වංශිකයන් ලෙස හඳුන්වා දෙමින් මතවාදයක් ගොඩනැගීමට උත්සාහ දරා ඇත.මොවුන්ගේ මෙම ඉතිහාසය විකෘති කිරීමෙහි අවසන් ප්‍රතිඵලය ලෙස භූමිපුත්‍ර පක්ෂය විසින් ගොවිගම හැර අන් සියළු කුල පහත් කුල ලෙස බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එය මානව හිමිකම් සංවිධාන වල ඉල්ලීම් මත පසුව ඉවත් කර ගන්නා ලදී.
 
කරාව ලෙස හදුන්වනු ලැබූ කුලයක් රොබට් නොක්ස් ගේ එදා හෙළදිව හි "කුලමල ගරු නම්බු" පරිච්ඡේදයේ සදහන් නොවේ.💤 මහනුවර යුගයෙදී ගොවි කුලය හැර අන් සෑම සෑම කුලයකටම අපහාසාත්මක වෙනත් නම් පටබැද අැත. එහෙත් විශාලම අපහාසය නිශ්ශංක මල්ල රජු ගේ ගල්පොත සෙල්ලිපියේ පලකොට අැත්තේ ගොවි කුලය වෙනුවෙනි. ගල්පොත සෙල් ලිපිය ලංකාවේ අැති අඩි 8 ක් පලල අඩි 25 ක් දිගින් යුතු විශාලතම සෙල් ලිපිය වේ. එහි පලකොට අැත්තේ " ඉදින් යම් ගොවිකුල අැත්තකු රාජ්‍ය සේවය පැතීනම් කවුඩු කැනහිලුන් රාජ හංස සිංහ වෙස් ගන්නා සේ සලකා දර්පෝත ගත කල යුතුය." යනුවෙනි.
 
දේව වංශය හකුරු කුලයක් ලෙස අපහාස කලත් එය බ්‍රාහ්මණ වංශයකි. විදේශීය අාක්‍රමණ නිසා කඳුකරයට පලා අා දේව වංශිකයන් උඩරට සරුවට වැවී තිබුණු කිතුල් ගස් වලින් තෙලිජ්ජ , රා ; පැණි සහ හකුරු සෑදූහ. ඔවුන්ට කන්දයෝ සහ හකුරෝ යන අපහාසාත්මක නම් පටබැඳුනේ මේ නිසාය.
 
දෙවියෙකු ලෙස සලකන ප්‍රාදේශීය නායකයකු වන සුමණ සමන් සිට අනගාරික ධර්මපාල . පේද්‍රිස් සොයිසා වැනි ශ්‍රේෂ්ඨයන් බ්‍රාහ්මණ වංශයේ දේව වංශිකයෝ වෙති. හාලි ලෙසින් අපහාසාත්මක ලෙස හඳුන්වන්නේද ශාලිග්‍රාම බ්‍රාහ්මණ වංශයටය. ; බ්‍රාහ්මණ වංශයේම උප වංශයක් වන බෝධි වංශයට අපහාස කරන්නේ පද්දෝ කියමිනි.
 
ක්ෂත්‍රිය වංශය ලෙසින් හඳුන්වන්නේ රාජ වංශයයි. බුදුන් වහන්සේද ක්ෂත්‍රිය වංශිකයෙකි.උන් වහන්සේ බුද්ධිමතුන්ගේ දේශය ලෙස සඳහන් කල කුරුරටට වැඩමකොට කෞරව රාජවංශිකයන්ට ගැඹුරු දහමක් වන සතිපට්ඨාන සූත්‍රය දේශනා කලේ ය. කුරුරට මධ්‍යම ඉන්දියාවේ ගංගා යමුණ ගංඟා අතර පිහිටා අැති අතර දැන් එය kurukshestra දිස්ත්‍රික්කය ලෙසින් හඳුන්වන නවදිල්ලිය පිහිටි පලාතයි. තවමත් ඉන්දියාවේ මෙන්ම ලංකාවේද කෞරව රාජවංශිකයෝ සිටිති. කෞරව රාජ වංශිකයන්ට පමණක් ඔවුන්ගේ මංගල සහ අවමංගල උත්සව වලදී මුතුකුඩ සේසත් තෝමර පන්දම් උඩුවියන් පාවාඩ වල්විදුනා පාවිච්චි කරන්නට උරුමයක් අයිතියක් අැත.
 
කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ
 
 
 
 
 
තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය.
"https://si.wikipedia.org/wiki/සිංහල_සාම්ප්‍රදායික_කුල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි