"කල්පිටිය සංචාර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'<big>'''Talawila Kale'''</big> Church is one of the most comforting pilgrimage sites for many who visit the Talawila St. A...' යොදමින් නව පිටුවක් තනන ලදි
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
 
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
4 පේළිය:
 
Dedicated to Saint Anthony Munidu of Padua, this church is situated in a state of mindfulness.
 
෴ ලංකාවේ පැරැණිම දේවස්ථානය ෴
 
   17 වන සියවසේ දී ඉදිකර ඇති '''තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර''' අයස්කාන්ත ජනශ්‍රැති හා බැඳුණ ලංකාවේ පැරැණිම හා විශාලත්වයෙන් දෙවනි තැන ගන්නා කතෝලික දේවස්ථානය යි.
 
   ශාන්ත ආනා මුනීෂ්වරිය යනු සුද්ධ වූ කන්‍යමරිය මාතාවන්ගේ මව්තුමිය යි. සර්ව බලැති දෙවි පියාණන්ගේ අානුභාවයෙන් ජේසුස් ක්‍රිස්තු තුමන් පිළිසිඳ ගත් අවස්ථාවේ සකල ජනයා කන්‍යමරියාවන් පිළිකුල් කළ ද බැතිමත් සිතින් දෙවි පියාණන් වහන්සේ පිළිබඳ අචල විශ්වාසයෙන් කන්‍යමරියාවන් අත්නොහැර ළඟ රැඳුණු බැවින් අානා මාතාව ශාන්ත ආනා මුනීෂ්වරිය නමින් බුහුමන් ලැබීය.
 
  ජනප්‍රවාදයේ පරිදි ශාන්ත ආනා නමින් නම් කරන ලද පෘතුගාල වෙළඳ නෞකාවක් කුණාටු රැයක මන්නාරමට ඔබ්බෙන් අනතුරට ලක්ව ඇති අතර එහි සිටි නැවියන් නැවෙහි තිබූ ශාන්ත ආනා මුනීෂ්වරියගේ ප්‍රතිමාව අසල සිට තම ජීවිත ගලවා දෙන ලෙස යාඥා කර ඇත. පසුදා පහන් වන විට බිඳුණු නැවෙන් වෙරළට ගසාගෙන ආ නැවියන් සිහි එළවා බලන විට සුදු මෘදු වැල්ලේ පිහිටි සාරවත් නුග ගසක බෙනයක් තුළ නෞකාවේ තිබූ ශාන්ත ආනා මුනීෂ්වරියගේ දැවමය ප්‍රතිමාව තැම්පත්ව තිබෙනවා දැක ඇත. මේ ආශ්චර්යයෙන් උද්දාමට පත් නැවියන් එම ස්ථානයේ පොල් අතු මඩුවක් සකස් කර තම මව් රටට නැවත යාමට ලැබෙන්නේ නම් මේ ස්ථානයේ විශාල පල්ලියක් ඉදිකරන බවට භාර වී දිනපතා යාඥා මෙහෙයන් සිදු කර ඇති බවට ලිඛිත සාක්ෂි ද හමුවූ බව සඳහන් වේ. දිනක් නින්දේ දී තමන් වෙනුවෙන් ශාන්ත ආනා මුනීෂ්වරිය දෙවියන්ට යාඥා කරන බව දර්ශනය වී ඇති අතර අවදිව බලන විට නුග ගස පාමුලින් රන් කහවණු ලැබී ඇත. එම කහවණු රැගෙන නැවත තම රටට පැමිණි නැවියන් 1739 දී ශාන්ත ආනා මුනීෂ්වරියගේ රන් ප්‍රතිමාවක් පෘතුගාලයේ දී නිර්මාණය කර රැගෙවිත් තලවිල ශාන්ත ආනා දෙව් මැඳුර තැනූ බව සඳහන් වේ. නෞකාවේ තිබූ දැවමය ප්‍රතිමාව තැම්පත් වූ නුග ගසෙන් ආවරණය වෙමින් ගස වර්ධනය වූ බවත් එම ආශ්චර්යජනක ප්‍රතිමාව සහිත නුග ගස මේ භූමියේ තවමත් ඇති බවත් විශ්වාසය යි.
 
   කරදියෙන් වටව ගත් කල්පිටිය අර්ධද්වීපයේ ශාන්ත ආනා මුනීෂ්වරියගේ ආශිර්වාදය තවමත් පවතින බවට සාධක නම් මෙම ප්‍රදේශයේ ඉතා සුපිරිසිදු භූගත ජලය පැවතීම හා ලංකාවේ කිසිදු මුහුදුබඩ ප්‍රදේශයක එවන් පිරිසිදු ජලය හමු නොවීමයි. එමෙන්ම ලුණු ලේවායන් මෙන්ම කරදිය මත්ස්‍ය කර්මාන්තය ද ඉතා සාර්ථකව සිදු කරන කල්පිටියේ කඳුකර බෝග වගාව හා මල් වගාව ද ඉතා සාරවත් ය.
 
   ශාන්ත ආනා දෙව් මැඳුරේ වාර්ෂික මංගල්‍යයන් දෙකක් සිදු කරන අතර බෝට්ටු මංගල්‍යය හා තවලම් මංගල්‍යය ද අතීතයේ ඉතා ජනප්‍රියව පැවති බව සඳහන් වේ. අගෝස්තු මස පළමු ඉරිදා පැවැත්වෙන මංගල්‍යය පූජාවට ලක්ෂ පහළවක පමණ ජනකායක් පැමිණෙන අතර දහසකට වැඩි පොලිස් ආරක්ෂාවක් සැපයේ. අක්කර විස්සක් වන දේවස්ථාන භූමියේ මීසම් පල්ලි හතරේ ජනතාව පමණක් නොව ලංකාවේ නන් දෙසින් පැමිණෙන සිංහල , දෙමළ ජනතාව ආගම් බේදයකින් තොරව සති දෙකක කාලයක් කූඩාරම් ලා දේව මෙහෙයන් සඳහා සම්බන්ධ වේ. තම ලෞකික ජීවිතයේ සැනසීම බලාපොරොත්තුවෙන් යදින බැතිමතුන්ට ශාන්ත ආනා මුනීෂ්වරියගේ ආශිර්වාදය නිබඳව ලැබෙන බවත් විශේෂයෙන් ම බෞද්ධ ජනතාවගේ බාර-හාර බොහෝමයක් ඉෂ්ට වන බවත් නිතර අසන්නට ලැබෙන කරුණක් ය. එම කරුණ සාධාරණීකරණය වන බෞද්ධ ඉගැන්වීම නම් ධාර්මික දිවියක් ගෙවන්නහුට ධාර්මික අරමුණු ඉටුකර ගන්නට දෙවියන්ගේ උපකාර ලැබෙනවා යන්නයි.
 
   තලවිල පුණ්‍ය භූමියේ ශාන්ත බව කරදියෙන් වටව ගත් අර්ධද්වීපයක කර්කශ බව පසක ලා පවතින සිහිල ජීවිතයේ එක් වරක් හෝ විඳින්නට වටින්නේ ය.
"https://si.wikipedia.org/wiki/කල්පිටිය_සංචාර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි