"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
18 පේළිය:
}}
 
'''දුර්ගා'''(සංස්කෘත: दुर्गा), එනම් [[ආදි පරාශක්ති]], [[දේවී]], [[ශක්ති]], [[භවානි]], [[පාර්වතී]], අම්බා ඇතුළු නම් ගණනාවකින් හැඳින්වෙන දේවතාවියගේ ස්වරූපය වඩාත්ම ජනප්‍රිය [[හින්දු]] දෙවඟනන් අතුරින් අයෙකි.{{sfn|Encyclopedia Britannica|2015}}{{sfn|David R Kinsley|1989|pp=3-4}}{{sfn|Charles Phillips| Michael Kerrigan| David Gould|2011|pp=93-94}}දුර්ගා යන්නෙහි අරුත කිසිවෙකුට ලං විය නොහැකි යන්නයි. රණකාමී දේවතාවියක වන ඇය සාමයට, සෞභාග්‍යයට සහ [[ධර්ම]]යට බාධා පමුණුවන දුෂ්ට බලවේග සහ අසුරයන් සමග සටන් වදියිවැද යලි ධර්මය ස්ථාපනය කරයි.{{sfn|David R Kinsley|1989|pp=3-4}}{{sfn|Paul Reid-Bowen|2012|pp=212-213}} මැය මව් දෙවඟනගේ රෞද්‍ර ස්වරූපයක් ලෙස සැලකේ.{{sfn|Amazzone|2012|pp=3-5}}
 
==ප්‍රතිමාශිල්පය==
[[ගොනුව:Durga symbol.jpg|thumb|දකුණ|දුර්ගා දේවියගේ සංකේත ]]
දුර්ගා දේවිය ප්‍රධාන වශයෙන් ස්වරූප ත්‍රිත්වයක් ඔස්සේ ප්‍රකට වේ. එනම් මහාලක්ෂ්මි දුර්ගා (මහිෂාසුර-මර්ධිනි), මහාසරස්වති දුර්ගා (කෞෂිකි) සහ මහකාලි දුර්ගා ලෙසිණි. එයිනුත් දුර්ගා දේවියගේ වඩාත් ප්‍රචලිත ස්වරූපය වන්නේ මහිෂාසුර-මර්ධිනි ස්වරූපයයි. එහිදි ඇය අෂ්ටබුජ (අත් අටක්), දසබුජ (අත් දහයක්) සහ අෂ්ටදසබුජ (අත් දහඅටක්) සහිතව නිරූපණය කරයි. දුර්ගා මෑණියන්ගේ ප්‍රමුඛ වාහනය වන්නේ කේසර සිංහයාය. එමඟින් වීරත්වය සංකේතවත් කරයි. ඇයගේ අත් වල විවිධ අස්ත්‍රයන් දරා සිටින අතර එවායෙ සංකේත රාශියක් තිබේ.
 
*ශංඛය - ප්‍රීතිමත් බව
*චක්‍රය - ධාර්මික බව
*ගධාව - පක්ෂපාතීත්වය
*දුන්න - යහපත් චරිතය
*ත්‍රීශූලය - නිර්භීත බව
*අසිපත - විමංසන බුද්ධිය
*පද්මය - මධ්‍යස්ථා බව
 
==ආශ්‍රේයයන්==
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි