"ලක්‍ෂ්මී (දෙවඟන)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
 
== පුරාවෘතය ==
ලක්ෂ්මී දෙවඟන පහළවීම සම්බන්ධ ඉතා පැරණි කතාවක් ඇත. වහා කිපෙන සුළු චරිතයකින් යුතු දුර්වාස නම් ඉසිවරයා වරක් පරනොවන මල්වලින් ගොතන ලද මාලයක් දෙවියන් අතරදෙවියන්ගේ අග්‍රරජ වූ ඉන්ද්‍ර දෙවියන්ට තෑගි කරන ලදි. ඉන්ද්‍ර දෙවියන් මෙම මාලය ඔහුගේ ‍‍අයිරාවනඅයිරාවන නම් ඔහුගේ රාජකීය හස්තියාට දුන් අතර එම හස්තියා මල් මාලය කකුලෙන් පාගා විනාශ කර දමන ලදි. මෙය දුටු දුර්වාස සෘෂිවරයා තමාට සිදුවු මෙම නොසැලකිල්ල නිසා මහත් ‍කෝපයට පත් වී සාප කළේය. ඔවුන් සතු බලය සහ සැප සම්පත් නිසා අතිශයින් අහංකාරයට පත්ව ඇති සියලු දෙවිවරුන් ගේ බලය පහ වී යා යුතුය යයි දරුණු සාපයක් කළේය. මෙම සාපය නිසා අසුරයින් දෙවිවරුන් පරදවා ඔවුන් දෙව්ලොවින් පලවා හරිනු ලැබීය.
 
පරාජයට පත් ‍වූ දෙවිවරුන් ආරක්ෂාව පතා ලෝකය නිර්මාණය කළා වූ මහා බ්‍රහ්මයන් වෙත ගියේය. නැවතත් ජය ලැබීමට නම් අමරණියත්වයට පත් කරන “අමෘතය” ලබා ගත යුතු බවත් පැවසීය. මේ සඳහා ක්ෂීර සාගරය (කිරිමුහුද) කැළඹිය යුතු බවත් පැවසීය. මෙම කාර්යය සඳහා උදවු ලබා ගැනිම පිණිස දෙවිවරුන් මහා විෂ්ණු කරා ගියහ. විෂ්ණු, කුර්ම අවතාරය වේසයෙන් මන්ත්‍ර පර්වතය, දණ්ඩක් ලෙස ගෙන කිරිමුහුද කැළඹිමට උදවු කළේය. නාග රජු වූ 'වාසුකී' ද විශාල රැහැනක් බවට පත්ව මේ කාර්යයට ආධාර වුණි. ඉන්ද්‍ර දෙවියන්ගේ නායකත්වයෙන් දෙවිවරුන් සහ බලී රජුගේ නායකත්වය යටතේ අසුරයෝ ද එක්ව කිරි සයුර කළඹන්නට පටන් ගත්තේය.
"https://si.wikipedia.org/wiki/ලක්‍ෂ්මී_(දෙවඟන)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි