"දළදා වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළුNo edit summary |
|||
2 පේළිය:
[[File:Zahntempel Kandy.jpg|frame|thumb|alt=tiny globe|ශ්‍රී දළදා මාළිගාව]]
[[File:Dalada Maligawa Sri Lanka.jpg|thumb|alt=tiny globe|ශ්‍රී දළදා මාළිගාවේ අභ්‍යන්තරය |277x277පික්]]
'''දළදා වහන්සේ''' යනුවෙන්
==අතීතය==
===ලක්දිවට වැඩමවීම===
දන්ත ධාතුව අයිතිකර ගැනීම සඳහා ගුහාශිව සමග යුද්ධයක් කිරීමට අසල්වැසි රාජ්‍යයක් විසින් ගන්නා ලද අන්තිම උත්සාහය, මෙම පූජනීය ධාතුන් වහන්සේ ඉන්දීය භූමියෙන් පිටට ගෙන යාමට හේතු විය. මෙම අවස්ථාව වන විට ලංකාවේ බුද්ධාගම ඉතා හොඳින් මුල් බැස
ඉන්දියාවේ ශත වර්ෂ අටක් පමණ කාලයක් තිබුණ දන්තධාතුව, දන්ත සහ හේමමාලාවන් විසින් රහසින් ඉවත් කර ගත්හ. මෙම දෙදෙනා ගුහාශිව රජුගේ පුතා සහ දියණිය බව කියැවේ. දාඨාවංශය, දළදා සිරිත සහ වංශකථාවක් වූ මහාවංශය ආදි ශාස්ත්‍රිය කෘතිවල ඉහත දෙපල දන්ත ධාතුව ලංකාවට රැගෙන ඒමේදි එය රැක ගැනීම සඳහා ඔවුන් මුහුණ පෑ දුෂ්කරතාවයන් සහ ඒවායින් මිදුණු ආකාරය විස්තර කර ඇත. කුමරා සහ කුමරිය සන්‍යාසියන් සේ වෙස් වලා ගෙන මග යන එන්නන් දකිතැයි බියෙන් දන්ත ධාතුව ආරක්ෂාව පිණිස කුමරියගේ කේෂ කලාපය තුල සඟවා ගෙන පැමිණි බව වාර්තා වේ. මෙම සිද්ධිය කොළඹට නොදුරු (කොළඹ සිට සැතපුම් 5 නැගෙනහිර දෙසින් පිහිටි) කැළණි විහාරයේ ඉතා රමණීය බිතුසිතුවමක් ලෙස සෝලියස් මැන්දිස් නම් කලාකරුවා විසින් විසි වැනි සිය වසේදී නිර්මාණය කර ඇත.
දන්ත සහ හේමමාලා දෙදෙන ඉන්දියාවේ ගංගා නම් නදි මුව දොර පිහිටි කාර්ය බහුල පැරණි වරායක් වූ තාම්රලිප්තියෙන් නැව් නැගී වර්තමාන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ලංකාපට්ටන (වර්තමාන ඉලංගෙයිතුරෙයි) නම් නැව් තොටට ගොඩ බැස්සාහ. එසේ ලංකාවට එන ගමනේදි දන්ත ධාතුන් වහන්සේ ප්‍රාතිහාර්යයන් කීපයක් පෑ බවත් ඒ දැක සාමාන්‍ය ජනයා සහ
===අනුරාධපුර යුගය===
4 වෙනි සියවසේදි දන්ත ධාතුව ලංකාවට වැඩම කළ තැන් සිට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට ගෙන ගිය 10 වෙනි ශත වර්ෂය
දකුණු ඉන්දියාවෙන් පැමිණි චෝල ආක්‍රමණ සහ රට අභ්‍යන්තරයේ තිබුණු භේදකාරි තත්වයන් නිසා දන්තධාතුවේ ආරක්ෂාවට විටින් විට තර්ජන එල්ල විය. එසේ වුවත් ඓතිහාසික වාර්තා වලට අනුව අනුරාධපුර රාජධානියේ 11 වැනි සියවසේදී 1 වැනි විජයබාහු රජු විසින් පොළොන්නරුවට ගෙන යන තෙක් දන්ත ධාතුවේ ආරක්ෂාව සෑම විටම අනුරාධපුර රජවරුන් මගින් සිදු විය.
===පොළොන්නරු යුගය===
පුරාණ පොළොන්නරුව නගරයේ පූජනීය චතුරස්‍රයේ (දළදා මලුව) තිබෙන අටදාගෙයි දැනට ඉතිරිව තිබෙන නටබුන් විජයබාහු රජු විසින් තනවන ලද දළදා විහාරයට සමාන වෙයි. මෙම මන්දිරය පසෙක තිබෙන වේලෙයික්කාර සෙල්ලිපියෙහි දළදාවේ ඉතිහාසය ගැන බොහෝ විස්තර සඳහන් වේ. දළදාව සහ පාත්‍ර ධාතුව අභයගිරි විහාරයේ උත්තර මූල - ආයතන ආශ්‍රමයේ සිට ගෙනවුත් අටදාගෙයි විහාරයේ තැන්පත් කරන ලද බව පෙනී යයි. වේලයික්කාර සෙල්ලිපියට අනුව මෙම මන්දිරය රජු යටතේ සේවය කළ වෙලෙයික්කාරන් කුලී හමුදාවකට පවරා
නේත්‍ර මංගල්‍යය නමැති පූජා විධි පැවැත්වීම සම්බන්ධයෙන් අටදාගේ බොහෝ ප්‍රසිද්ධ වී තිබුනි. සෙල්ලිපියේ සඳහන් විස්තර වලට අනුව පහත මාලයේ පූජා කාමරය තුළ තිබෙන බුදු පිලිමයෙහි අක්ෂි ගෝල වාර්ෂිකව සුවඳ පැනින් නහවනු ලැබේ. මෙම අටදාගෙයි ගෘහ නිර්මාණ සැලැස්මද සුවිශේෂි එකකි. මෙම දෙමහල් මන්දිරයේ සැළසුම දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගාව දක්වා පසු කාලය තුළ ඉදිවුනු දළදා මන්දිර සඳහා ආදර්ශයට ගෙන ඇති බව පෙනී යයි.
ශාසන වංශයට අනුව පළමුවැනි විජයබාහු
විජයබාහු රජුගේ මරණයෙන් පසුව එළඹි කාලය දේශපාලන ක්ෂේත්‍රයේ ඛේදජනක යුගයක් විය. රට වෙනස් වෙනස් පාලකයින්ගේ පාලනයට නතුවූ අතර
පළමුවැනි පරාක්‍රමබාහු රජතුමා දන්ත ධාතුවෙහි සහ පාත්‍රා ධාතුවේ භාරකාරත්වය තහවුරු කරමින් එකි පූජනීය වස්තුවල ආරක්ෂාව පිණිස නගර මධ්‍යයෙහි නව මන්දිරයක් කරවූයේය. ජේතවන ආශ්‍රමයේ කවාකාර සිද්ධස්ථානයක් තුළ දන්ත ධාතුව ප්‍රදර්ශනය කරවූ පුද්ගලයා මෙම රජතුමා යයි කියනු ලැබේ. මෙම මන්දිරය පුරාණ නගරයේ උතුරු අන්තයේ තිවංක පිළිම ගෙයට ආසන්නයේ තිබෙන නටබුන් වූ මන්දිරය විය හැක.
දන්ත ධාතුන් වහන්සේට සහ පාත්‍රා ධාතුවට විශ්මයජනක මන්දිරයක් ඉදි කළ තවත් රජකෙනෙකු වූයේ නිශ්ශංකමල්ල රජුය (1187 – 1196). ඔහුගේ ශිලා ලේඛණ අනුව මෙම ධාතුන් වහන්සේලා සඳහා ඔහු හැටදාගෙයි නමින් ධාතු මන්දිරයක් තනවා තමන්ගේ දියණිය සහ පුත්‍රයා එම මන්දිරයට පූජා කොට මන්දිරය තනවා අවසානයේ එම භාරයෙන් නිදහස් කර ගත්තේය. මෙම මන්දිරය අටදාගෙයි සමීපයේ පිහිටා තිබෙන අතර අටදාගෙයිහි විශාල අනුරුවක් ලෙස
===දඹදෙනි යුගය===
13 වැනි සියවසේද දෙවැනි කාර්තුව ආරම්භයේදී පොලෝන්නරුවේ කීර්තිය
මෙම කාලයේදී දන්ත ධාතුව හා පාත්‍රධාතුව නැවත වරක් ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂුණ් වහන්සේලා විසින් මධ්‍ය කඳුකරයේ කොත්මලයට ගෙන යන ලදී. පසුව තුන් වැනි විජයබාහු රජතුමා මෙම ධාතුන් වහන්සේලා දෙනම ආපසු ගෙන්වා ගෙන බෙලිගල කඳු මුදුනේ මනරම් මන්දිරයක් කරවා එහි තැන්පත් කරන ලදැයි වාර්තා වේ. මෙම රජතුමා ධාතුන් වහන්සේලා සම්බන්ධයෙන් පුද පූජා චාරිත්‍ර වාරිත්‍ර විධි නැවත ආරම්භ කළේය. ධාතුන් වහන්සේලාගේ භාරකාරත්වය තම පුත්‍රයා වූ පසුව දෙවැනි පරාක්‍රමබාහු ලෙසින් (1236 – 1270) රජු බවට පත් වූ තම වැඩි මහල් පුතාට පැවරුවේය. ඔහු බහුශ්‍රැත පඬිවරයෙකු විය. කව්සිළුමිණ වැනි ශාස්ත්‍රීය සාහිත්‍ය කෘති රචනා කළ පුද්ගලයෙකු වශයෙන් ප්‍රසිද්ධය.
Line 41 ⟶ 42:
දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ජීවත්ව සිටියදී පවා ඔහුගේ පුත් විජයබාහු යුව රජු වශයෙන් දළදා මන්දිරය නවීකරණය කර විශාල කළේය. එමෙන්ම පුද පිළිවෙත් ක්‍රමයක් පවත්වා ගෙන ගියේය. වංශ කථා වල සඳහන් වන අන්දමට ඔහු පොළොන්නරුවේ නටබුන්ව තිබූ ආගමික ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කළේය. මෙයට දළදා මැදුරද ඇතුළත් විය. එසේ දළදා මැදුර ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු දළදාව එහි තැන්පත් කර අභිෂේක උත්සවයක් පැවැත්වූයේය.
මෙම කාලයේදී යාපහුව (පුරාණ සුභ - පබ්බත) ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත් වූයේ ඔහුගේ සහෝදරයා වූ බුවනෙකබාහු එම පළාතේ උප පාලකයා ලෙස පත් කිරීමත් සමගය. මෙම ස්ථානය [[සීගිරි බලකොටුව|සීගිරිය බලකොටුවට]] සමාන ස්ථානයක් වූ බැවින් දළදා වහන්සේට ආරක්ෂා සහිත තැනක් ලෙස හඳුනා ගන්නා ලදී. ජාවා රටෙන් පැමිණි චන්ද්‍රබානු මේ අතරේ දෙවැනි වතාවටත් රට ආක්‍රමණය කළේය. ඔහු යාපහුවේ යුව රජු පරාජය කරමින් දඹදෙනියේ රජු වූ විජයබාහුගෙන් දන්ත ධාතුව ඉල්ලා සිටියේය. එහෙත් ශ්‍රී ලංකාවේ රජු චන්ද්‍රබානු පරාජය කොට නැවත ලක්දිව සාමය උදා කළේය.
බුවනෙකබාහු දන්ත ධාතුව වෙනුවෙන් යාපහුවේ මන්දිරයක් තැනුවේය. එයට පිවිසීමට තනවා ඇති ගාම්භීර වූ පියගැට පෙළෙහි නටබුන් 14 වෙනි සියවසේ ශ්‍රී ලංකාවේ කලා ශිල්ප වල විශිෂ්ඨත්වය විදහා දක්වමින් අද ද දක්නට ලැබේ. වංශකථා වල සඳහන් වන ආකාරයට ඔහු දළදාව වෙත දිනපතා ගොස් වැඳුම් පිදුම් කිරීමේ සම්ප්‍රදායයක් පවත්වා ගෙන ගොස් ඇත.
ඔහුගේ පාලන කාලය අවසන් වීමත්
දෙවැනි බුවනෙකබාහු (1293 – 1313) පොළොන්නරුවේ සිට දන්ත ධාතුව ඔහුගේ අගනුවර වූ කුරුණෑගලට වැඩම කරවා එහි තනන ලද මන්දිරයක තැන්පත් කළ බවත් වාර්තා වී ඇත.
Line 52 ⟶ 53:
දළදා වහන්සේට අදාළ කථා ප්‍රවෘත්ති සමග සම්බන්ධවන තවත් රජකෙනෙකු නම් සිව්වැනි බුවනෙකබාහු රජතුමා ය. ඔහු මධ්‍යම කඳුකරයේ ගම්පොල නම් නගරය අභිනව අගනුවර ලෙස තෝරා ගත්තේය. එතෙකුදු වුවත් දළදා වහන්සේ මෙම අගනුවරට ගෙනයාම පිළිබඳ කිසිදු සඳහනක් දැක ගැනීමට නැත. සමහර විට තුන් වැනි විජයබාහු රජු දන්ත ධාතුව මෙම කඳුකර අගනගරයට ගෙන ගොස් එයට ගරු කිරීම් වස් උත්සව පැවැත්වූවා වන්නට පිළිවන. ගම්පොල, නියංගම්පාය නම් ස්ථානයෙහි දළදා මන්දිරයක් තැනවීම සම්බන්ධයෙන් මෙම රජතුමා ගෞරවයට පාත්‍ර වන අතර මෙම මන්දිරය 14 වැනි සියවසේ ගඩලාදෙනිය විහාරයේ ඉදිකිරීම් ශිල්පයට නෑකම් කියන ස්ථානයකි.
===
මෙයින් පසුව පස්වැනි බුවනෙකබාහු (1372-1408) රජු තම අග නගරය කොළඹට ආසන්න
මෙම කාලයෙන් පසුව පළමු යටත් විජිත බලවේගය වූ පෘතුග්‍රීසීන් 1505 දී පැමිණි අතර බෞද්ධ ක්‍රියා කාරකම් වල පිරිහීමක් දක්නට ලැබුනි. වැඩි විස්තර කියන්නේ නම් රාජ්‍ය පාලනයේ ඇති වූ වියවුල් තත්වයන්, පෘතුග්‍රීසි සහ ලන්දේසින්ගේ මිෂනාරී ක්‍රියා කාරකම්, සහ වෙනත් ව්‍යසනකාරි හේතූන් නිසා දළදාවෙහි ආරක්ෂාව පිණිස බෞද්ධ භික්ෂූණ් වහන්සේලා විසින් දළදාව ආරක්ෂිත ස්ථානයට ගෙන යන ලද බව සඳහන් කළ යුතුය. මෙපරිදි දන්ත ධාතුව රැගෙන යන ලද්දේ ඊළඟ රාජධානිය වූ සීතාවකටයි. සීතාවක රාජ්‍යය පාලනය කරන ලද්දේ මායාදුන්නේ රජු විසිනි. දාඨාදාතු වංශ කෘතියට අනුව දන්ත ධාතුව රත්නපුරයට ගෙන යාමට ප්‍රථම එය මුල්ගිරිගල තරම් ඈත දකුණේ ප්‍රදේශයකට ද අනතුරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදී විහාරයට ද ගෙන යන ලදී. අවසානයේ දන්ත ධාතුව සඟවන ලද්දේ රත්නපුරයේ දෙල්ගමුව විහාරයේය. 1592 සිට 1603 දක්වා මහනුවර රජ වූ විමලධර්මසූරිය රජතුමා විසින් ඉහත කී දෙල්ගමුව විහාරයේ සිට දැනට දන්ත ධාතුව තැන්පත් කර තිබෙන මහනුවරට දන්ත ධාතූන් වහන්සේ ගෙන එන ලදී.
|