"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පරිණාමය3}}
'''පරිණාමය''' යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.
[[ගොනුව:Illustration; 'The Evolution of Man' Wellcome L0063036.jpg|alt=|thumb|452x452පික්|විවිද මානව වර්ගයන්හි අස්ති සැකිලි]]
පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න '''ස්වභාවික වරණයයි'''. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවික වරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.
 
187 පේළිය:
මානව පරිණාමය, හෝමෝසේපියන්, අනෙකුත් මානයන් මහා වානයින් සහ ක්ෂිරපායින්ගෙන් වෙනස් වු විශේෂ ප්‍රභේදයක් ලෙස මතුවීම සම්බන්ධ ජීව විද්‍යාත්මක විකාශනයෙහි කොටසකි. එය මෙම වෙනස සිදුවු ආකාරය තේරුම් ගැනීමට හා විස්තර කිරීමට උත්සාහ ගන්නා පෘථුල විද්‍යාත්මක විමසුමක විෂය පථය වෙයි. මානව පරිණාමය පිලිබද අධ්‍යනයෙහි බොහෝ විද්‍යාත්මක ශික්ෂණයන්, වඩාත් සැළකිය යුතු ලෙස, භෞතික මානව විද්‍යාව, වාග් විද්‍යාව හා ජාන විද්‍යාව අඩංගුවේ.
 
මානව පරිණාමයට අදාලව "මානවයා " යන පදයෙන් ‍හැදින් වනුයේ හෝමෝ නැමැති ජානයයි. නමුත් මානව පරිණාමය පිලිබද අධ්‍යයනයන් හි ඇස්ටුලෝපිකිසිනුන් වැනි අනෙකුත් හෝමෝන වර්ගයන්ද සමාන්‍යයෙන් ඇතුලත් වේ. හෝමෝ ජානය අවුරැදු මිලියන 2 කට පමණ පෙර අප්‍රිකාවේදී ඔස්ට්‍රලෝපිකිසීනුන්ගෙන් ප්‍රභේද විය. ආසියාවට ව්‍යාප්ත වු හෝමෝ ඉරෙක්ටස් සහ යුරෝපය ව්‍යාප්ත වු හෝමෝ ඇන්ඩලෙන්සිස් ඇතුළු හොමොවන්ගේ ප්‍රභේද කිහිපයක් විකාශනය විය. හොමෝසේපියන්ස් වර්ගයා විකාශනය වුයේ. අවුරැදු 400,000 සහ 250,000 කට පෙර කාල සිමාව තුලයි. බොහෝ විද්‍යාඥයින් නුතන මානවයා එච්ඉරෙක්ටස් සහ නිඇන්ඩර්තාල් වර්ගයන් අප්‍රිකාවේ විකාශනය වි ලෝකය සිසාරා ව්‍යාප්ත වුන අදහස පිලිගනි. අනෙකුත් අය නුතන මානවයා එකීය පුළුල් ලෙස ව්‍යාප්ත වු ජනගහනයක් ලෙස විකාශනය විය යන මතය දරති. [[පරිණාමය හා සබැඳි වැරදි මත]]
 
හැබිලිස්ගෙන් ඇරඹි මානවයන් වැඩි සංකිර්ණතාවයකින් යුත් ගල් මෙවලම් පාවිච්චි කළහ. අවුරැදු 50,000 කට පමණ පෙර සිට ආරම්භ වි මානව තාක්ෂණය සහ සංස්කෘතිය වඩා වේගයෙන් වෙනස් විමක් ආරම්භ විය.
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි