"පරිණාමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Human-evolution-man.png|thumb]]
{{පරිණාමය3}}
'''පරිණාමය''' යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.
[[ගොනුව:Illustration; 'The Evolution of Man' Wellcome L0063036.jpg|alt=|thumb|452x452පික්]]
 
පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න '''ස්වභාවික වරණයයි'''. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවික වරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.
 
Line 31 ⟶ 30:
තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හද‍ා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.
 
'''ජීවයේ පරිණාමය'''
 
 
ජීවයේ පරිණාමය
 
එකම ආදිතමයෙක්ගෙන් (මැද සිටින) අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස පෙන්වා දෙයි. රාජධානි 3 ක් වර්ණවලින් දක්වා ඇත. බැක්ටීරියාවන් නිල් පාටින්ද ආරකීඩාවන් කොළපාටින්ද ඉයුකැරියෝටාවන් රතු වර්ණයෙන් ද යනුවෙනි.
"https://si.wikipedia.org/wiki/පරිණාමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි