"රිචඩ් ද සොයිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
1990 පෙබරවාරි 20 වන දින රිචර්ඩ් දී සොයිසාගේ මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ. නඩේසන් විසින් සිදු කරන ලදී. මරණ පරීක්‍ෂණ වාර්තාවට අනුව ගෙලට සහ වම් පැත්තේ කන අසලට වැදුණු වෙඩි පහර දෙකක් නිසා ඔහු ජිවිතක්ෂයට පත්වී ඇති බව සටහන් කොට ඇත. එක වෙඩි උණ්ඩයක් වම් කනට මදක් පහලින් ඇතුළුවී කන් අඩිය පසාරු කරගෙන ගොස් තුබූ අතර අනෙක් වෙඩි උණ්ඩය ගෙලෙහි ඉදිරි පසින් ඇතුළුවී පිටුපස ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ තවදුරටත් සඳහන් වී තිබුණි.
 
===මාධ්‍ය වාර්තා,ගුවන් විදුලි නාට්‍ය ,වාර්තාමය චිත්‍රපට සහ සම්මාන===
රිචර්ඩ් දී සොයිසාගේ මරණය සම්බන්ධව 1990 අප්‍රියෙල් 23 වන දින ටයිම්ස් සඟරාවේ විශේෂ ලිපියක් පළවූ අතර එය ශ්‍රී ලංකා රජය විසින් බෙදා හැරිම සහ විකිණීම තහනම් කරන ලදී. එම ලිපියේ අන්තර්ගතය වුයේ ශ්‍රී ලංකා රජය විසින් මෙහෙයවන ඝාතන කණ්ඩායම් සහ ශ්‍රී ලංකාවේ සිදුවන බරපතල මට්ටමේ මානව හිමිකම් උල්ලංගනයන් පිළිබඳව විදේශ මාධ්‍යජාල හරහා ලොව දැනුවත් කිරීම නිසාවෙන් ඔහු ශ්‍රී ලංකා රජයට බලවත් තර්ජනයක් වූ බව සඳහන් විය. පසුව රජයේ මෙහෙයවීමෙන් මෙම ඝාතනය සිදුකොට ඇති බව වාර්තා විය.
 
රිචර්ඩ් දී සොයිසා ඝාතනය වීමෙන් පසුව ඉන්ටර්ප්‍රෙස්‌ මාධ්‍ය ආයතනය විසින් 1990 විශිෂ්ටතම ඇගයීමේ සම්මානය ඔහු වෙනුවෙන් පිරිනමන ලදී. ඉන් පසුව 2008 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ බි.බි.සී ( BBC ) මාධ්‍ය ජාලය විසින් විනාඩි 60 ක ගුවන් විදුලි නාට්‍යයක් නිර්මාණය කොට BBC Radio4 චැනලය ඔස්සේ විසුරුවා හැරුණි. එම ගුවන් විදුලි නාට්‍යය නිෂ්පාදනය කොට තිබුනේ රිචර්ඩ් දී සොයිසා නම්වූ මාධ්‍යවේදියාගේ ජීවිතය සහ මරණය යන සිද්දීන් පාදක කොටගෙනය.
 
එමෙන්ම රිචර්ඩ් දී සොයිසාගේ මව පිළිබඳව වාර්තාමය චිත්‍රපටයක් රූගත කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අමාත්‍යංශය විසින් 2015 පෙබරවාරි 13 දින වාරණයට ලක් කෙරුණි. එම ච්ත්‍රපටය " දේ ඩාන්සින් එලෝන් " ( They Dance Alone ) යනුවෙන් නම්කොට තිබුණි.
 
===Government response===
"https://si.wikipedia.org/wiki/රිචඩ්_ද_සොයිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි