"රයිට් සොහොයුරෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 85 interwiki links, now provided by Wikidata on d:q35820 (translate me)
1 පේළිය:
=== විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුකූලව අහසින් ගමන් කිරීමට කුරුල්ලකු‍‍ගෙ ස්වරූපයෙන් යුක්ත යානයක් සකසා ප්‍රථම වරට බිමින් ඉහළට නැගු‍ණේ යැයි සැලකෙන්නේ රයිට් සහෝදරයන් යනුවෙන් හැඳින්වෙන '''ඕවිල් රයිට්'''(Orville wright) සහ '''විල්බර් රයිට්'''(Wilber Wright) යන දෙදෙනාය. ඔවුන් දෙදෙනාම ප්‍රථම සර්ථන අහස් යානාව නිෂ්පාදනය කළ විද්‍යාඥයන් වශයෙන් ඉතිහාස ගතවී ඇත. මොවුන්ගේ බලසම්පන්න අහස් යානාව පළමු වරට කිටිහොක් නම් ස්ථානයෙන් ගුවන් ගත වූයේ [[1903]] දෙසැම්බර් 17 වැනිදාය. පොළොවේ සිට අඩි 12 ත් අඩි 85 ත් අතර වූ ඉහළකට නැගියැයි වාර්තා වේ. රයිට් සහෝදරයන් විසින් [[1900]] සිට [[1903]] දක්වා වු සමය ඇතුළත දී පවත්වන ලද ගුවන් යානා පර්යේෂණයේ ප්‍රතිළඵල [[1904]] දී විධිමත් මුල පිරීමකට හේතු වුයේය. [[1906]] දී මොවුන් අහස් කුස පැයක පමණ කාලයක් ගතකොට පොළොවට යළි පැමිණීමට හැකියාව ලැබිණි. ===
 
රයිට් සොහොයුරෝ [[1909]] දී The American Wright Company යනුවෙන් සමාගමක් පිහිටුවා ප්‍රථම වරට ගුවන් යානා නිෂ්පාදනය ආරම්භ කළේය. ඕවිල් රයිට් ස්වකීය නිෂ්පාදන‍ය පිළිබඳව ඇමෙරිකා රජයට විස්තර ඉදිරිපත් කළේය. ප්‍රථම පියාසැරියෙන් අනතුරුව ඇමෙරිකා යුද්ධ හමුදාව නව අහස් යානය බැලීමට පැමිණියහ. ඕවිල් රයිට් තප්පර 71ක් ගුවනේ පියාසර කර වොෂින්ටන් නගරයට සමී‍ප පිට්ටනියකට යානය පහත් කළ විට යුධ නිලදරයන්ද පුවත්පත් කලාවේදින්ද ඉමහත් සොම්නසින් ඉදිරියට ආවෝය. ගුවන් යානය පිළිබඳ ආරංචිය ඵතැන් සිට පතළ වන්නට ආරම්භ විය. අහස් යානය නිපදවී‍මේ වෙළෙද ව්‍යාපාරයක් ආරම්භ විය. අහස් යානා නිපදවී‍මේ වෙළෙද ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ප්‍රංශ සමාගමක් ඉදිරිපත් විය. [[1908]] සැප්තැම්බර් 18 වැනි දින ප්‍රංශයට විල්බර් රයිට් දෙපැයක පමණ කාලයක් ස්වකීය ගඟන යානය අහසේ පියාසර කර පෙන්වීය. නව ගුවන් යානය පිළිබඳව ඉමහත් සේ ලොල් වූ ප්‍රංශ වෙළෙද සමාගම ව්‍යාපාරයක් වශයෙන් අහස් යානා නිෂ්පාදනයට රයිට් සොහොයුරන්ට ඉමහත් මුදලක් ගෙවන ලදී.
"https://si.wikipedia.org/wiki/රයිට්_සොහොයුරෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි