"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
171 පේළිය:
 
== ක්‍රීඩා ==
{{Main|ඔලිම්පික් ක්‍රීඩා ඉසව්}}
 
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක ක්‍රීඩා 35 ක් ද, අංශ 30 ක් ද ආසන්න වශයෙන් ඉසව් 400 ක් ද පැවැත්වේ. උදාහරණයක් ලෙස මල්ලවපොර, ඔලිම්පික් උළෙලක පැවැත්වෙන ක්‍රීඩාවක් වන අතර එය ග්‍රේකො-රෝමානු මල්ලවපොර සහ නිදහස් මල්ලවපොර වශයෙන් අංශ ද්විත්වයකින් යුක්ත වේ. විවිධ බර පන්තීන්ට අයත් වන ක්‍රීරීඩකයන් සඳහා ඉසව් 14 ක් ද ක්‍රීඩිකාවන් සඳහා ඉසව් හතරක් ද වශයෙන් තවදුරටත් එය බෙදා දැක්විය හැක.<ref>{{cite web|title=Wrestling|publisher=The Beijing Organizing Committee for the Games of the XXIX Olympiad|url=http://en.beijing2008.cn/sports/wrestling/|accessdate=25 March 2009}}</ref> ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙලක් ක්‍රීඩා 26 කින් ද ශීත ඍතු ඔලිම්පික් උළෙලක් ක්‍රිඩා පහළවකින් ද වර්ණවත් වේ. <ref name="Sports" /> [[මළල ක්‍රීඩා]], [[පිහිනීම|පිහිනුම්]], කඩු හරඹ සහ රිද්මයානුකූල ව්‍යායාම (ජිම්නාස්ටික්) යන ක්‍රීඩා හතර නූතන ඔලිම්පික් ඇරඹි වසරේ සිට සෑම ඔලිම්පික් උළෙලකම නොවරදවා දැකිය හැකි වූ ක්‍රීඩා හතරයි. එසේ ම Cross-country skiing (හිම ධාවනය), figure skating (හිමසරණය), ice hockey (අයිස් හොකී), Nordic combined, ski jumping (හිම මත පැනීමේ ක්‍රීඩාව) සහ speed skating (වේගවත් හිමසරණය) යන ක්‍රීඩා 1924න් ඇරඹි පසු සියලු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකම පවත්වා ඇත. බැඩ්මින්ටන්, [[වොලිබෝල්]] සහ [[පැසිපන්දු]] ක්‍රීඩා මුල් කාලයේ දී ප්‍රදර්ශන තරග ලෙස පමණක් තරගාවලියට එක් කොට තිබී ඇති අතර පසුකාලීන ව නිත්‍ය තරග වශයෙන් එක් කර ගෙන ඇත. මුල් කාලයේ පැවති ඇතැම් ක්‍රීඩා පසුකාලීන ව ඔලිම්පික් උළෙලවලින් ඈත් වීම ද සිදු ව ඇත.<ref>{{cite web |url=http://www.olympic.org/uk/sports/past/index_uk.asp |title=Olympic Sports of the Past |publisher=International Olympic Committee |accessdate=10 February 2009}}</ref>
 
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි