"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
10 පේළිය:
 
== පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ==
{{Main|පුරාතනපුරාණ ඔලිම්පික් ක්‍රීඩා}}
 
[[File:Olympia-stadion.jpg|thumb|left|ඔලිම්පියාහි ක්‍රීඩාංගනය]]
17 පේළිය:
ඔලිම්පික්, ක්‍රීඩා උළෙලක් වුව ද තවත් පසෙකින් එය සියුස් දෙවියන්ට (ෆීඩියාස් විසින් කරන ලද සියුස් දේව ප්‍රතිමාවක් ඔලිම්පියාහි සියුස් දේවාලයේ ඇත.) සහ දිව්‍යමය වීර චරිතයක් වන පෙලොප්ස් (පුරාවෘත්තවලට අනුව ඔහු ඔලිම්පියා හි රජකෙනෙකි.) වෙනුවෙන් කෙරෙන ශාන්තිකර්ම පූජාවක් ද වන බැවින් ආගමික වැදගත්කමක් ද ඇත. පිසා හි ඕනමස් රජු හා යෙදුණු රථ ධාවන තරගය නිසා පෙලොප්ස් ප්‍රසිද්ධ ය.<ref name="Burkert">Burkert (1983), p. 95</ref> එවැනි ඉසව්වල ජයග්‍රාහකයින් අගය කරනු වස් ලියවෙන කවි සහ තැනෙන ප්‍රතිමා නිසා ඔවුහු අමරණීයත්වයට පත් වෙති. <ref>Swadling (1999), pp. 90&ndash;93</ref> පුරාතන ඔලිම්පික් උළෙල ද වසර හතරකට වරක් පැවැත්වුණු අතර එය පැවැත්වෙන කාල පරාසය ඔලිම්පියාඩ් ලෙස හැඳින්වුණි. ග්‍රීකයන් විසින් කාලය මිනුමට ගත් ඒකකයක් ලෙස “ඔලිම්පියාඩ්“ හැ‍ඳින්විය හැක. මෙම ක්‍රීඩා, Panhellenic ක්‍රීඩා යනුවෙන් හැඳින්වුණු චක්‍රයක කොටසක් වූ අතර එම චක්‍රයට Pythian ක්‍රීඩා, Nemean ක්‍රීඩා සහ Isthmian ක්‍රීඩා යන ඒවා අයත් විය.<ref>ඔලිම්පික් කෞතුකාගාරය, "The Olympic Games in Antiquity", p. 2</ref>
 
පුරාතන ඔලිම්පික් උළෙල, එහි පරමෝත්කර්ශවත් අවධියට පැමිණියේ කිස්තු පූර්ව හයවන සහ පස්වන සියවස් වලදී ය. නමුත් ඉන් අනතුරු ව සිදුවූ රෝම අධිරාජ්‍යයේ නැගී සිටීම ත් සමග ක්‍රමයෙන් එයට තිබූ ආකර්ශනය අඩු විය. පුරාතන ඔලිම්පික් උළෙල, කවදා කෙසේ නිළ වශයෙන් නිමා වූයේදැයි සාක්ෂියක් නොමැති වුවද බහුල ව පිළිගන්නා මතය වන්නේ එය ක්‍රිස්තු වර්ෂ 393 දී තියඩෝසියස් අධිරාජ්‍යයාගේ සමයේ දී සිදු වී ඇති බවයි. තියඩෝසියස් අධිරාජ්‍යයා විසින් සියලු ආගමික ඇදහීම් සහ වතාවත් කිරීම තහනම් කරමින් නීතියක් පැනවීම එසේ පිළිගැනීමට ප්‍රධානතම හේතුවයි. <ref>කෙසේ නමුත් තියඩෝසියස් අධිරාජ්‍යයාගේ අණපනත මගින් ඔලිම්පික් තහනම් කළ බවට ඍජුව ප්‍රකාශ නොවේ. (ක්‍රෝතර් (2007), පි. 54).</ref> තවත් පිළිගන්නා මතයක් වන්නේ තියඩෝසියස් රජුගේ අනුප්‍රාප්තිකයා වූ දෙවන තියඩෝසියස් රජුගේ සමග වූ ක්‍රිස්තු වර්ෂ 426 දී ඔලිම්පික් නතර වූ බවයි. එයට හේතුව එම අධිරාජ්‍යයා විසින් සියලු ග්‍රීක ආගමික ස්ථාන විනාශ කිරීමට අණ කරනු ලැබීම යි. <ref>ක්‍රෝතර් (2007), පි. 54</ref> මේ අනුව, පුරාතන ඔලිම්පික් උළෙල නතර වූවායින් අනතුරු ව, 19 වන සියවසේ අග භාගය වනතුරු කිසිඳු අවස්ථාවක ලොවම එක් ස්ථානයකට එක් කරන ඔලිම්පික් උළෙලක් පැවැත්වී නැත.
 
== නූතන ඔලිම්පික් ==
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි